Pages

February 7, 2013

Shermie and Miguel | රාත්‍රියේ වෙරළ කොනේ මුණගැසුණු අමුත්තාගේ රහස !|



           වේලාව සවස 6 පසු වෙමින් පවතී .එදින ඉරිදා දිනයක් නිසා මාද විවේකයක් ලැබුමට වෙරල සමීපයේ ඇති කුඩා බංකු කීපය දෙසට යන්නට උණුසුම් කබාය ඇඟ ලා පිටත් උනෙමි .


       සවස් වරුවම තම පවුලේ අය සමග විනෝදයෙන් කාලය ගත කල බොහෝ දෙනා අඳුර වැටීමත් සමග දිනයේ ගෙවුණ මිහිරියාව සමග තම නිවෙස් වලට යාමට සැරසුණ ගමන්ය , ඇතැමෙක් දැනටමත් පිටත් වී ඇත .

බොහෝ දෙනා මා ඉදිරියට පැමිණෙන්නේ ඒ මතකයන් වලින් බිඳක් , ඇබින්දක් හෝ මා හටද තිලිණ කරමිනි .

" අනේ අම්මි , හෙටත් එනවා නේද අපි "

"හෙට තව ටිකක් කලින් එමුද තාත්ති "

ඒ කුඩා දරුවන්ය ..





   මා ඔවුන් ආ දෙසට මේ යන්නේ ඇයි ? ඔවුන් පිටව ගිය තැනකට මා යන්නේ ඇයි ? ඔවුන්ගෙන් හිස් වූ තැනකට මා යන්නේ ඇයි ?








පිළිතුරු මා දන්නේද නැත.




" හ්ම්, හ්ම්ම්ම්ම්ම්ම්ම්  ඔහොම යමුකෝ ඉස්සරහට " ( ඒ මාගේ සිත )


කෙමෙන් කෙමෙන් වෙරල දෙසට ඇති පටු පාර දිගේ මා ගමන් ගත්තේ ඉහත සිතුවිළි සමගිනි .


මේ වන විට සවස 6. 35 පමණ වී ඇති නිසා කළුවර වීම ඇරඹි ඇත.


" හ්ම්, හ්ම්ම්ම්ම් උණුසුම් ධාන්‍ය බැදුම් ගොට්ටක් හෝ ගත යුතුය " නැවතත් මාගේ සිත ...




" නැත්නම් කොහොමද මේ පාළුව දරන්නේ " ගොට්ට හිස් කරමින් බංකුව මත හිඳීමේ
කැමැත්තෙන් මාගේ සිත .....


" මොනවද සර් බැලුවේ , මේකෙන් දෙන්නද " වියලි මිරිස් සමග ඇති බැදුම් දෙස බලා සිටි මගෙන් හේ විමසයි ...


වෙළෙන්දාද දිනය නිමා කරමින් පැමිණ, මට අවසන් ගණු දෙනුව  කරමින් පිටව ගියේය...


"හ්ම්, හ්ම්ම්ම්ම්ම්  වාඩි වෙලාම කනවා " ගොට්ට උණුසුම් කබායේ සාක්කුවකට දමා ගනිමින් මා .....




කෙමෙන් කෙමෙන් පරිසරය හිස්ව යයි , අඳුර පිරෙයි....




" ඔහ් හෝ ...... හරි පුදුමයකි , සැනසීමකි ... අමුත්තෙක්! " ඈතින් එහා කෙලවරේ බංකුවක තනියම වාඩි වී කෙනෙකු හිඳිනු දුටු මට කියවිණි ....




           වයස 50, 60 පමණ වියේ පසු වූ ප්‍රසන්න පෙනුමක් ඇති මහත්මයෙකි . ඇත්තෙම්ම තරුණ වියේ මොහු නම් හැබැවටම හැන්ඩියෙකු විය යුතුමය ....

                 බොහොම වැදගත් ඇඳුම පැලදුම , තියුණු ඍජු බැල්ම ..තවමත් තාරුණ්‍යයේ පසු වන්නෙක්ම විලසින් මවෙතට තියුණු බැල්මක් හේ හෙලීය!




" ඉහි , මහ් මහ් මම මෙහ් මෙහ් මෙතනින් වාඩි වෙන්නද මහත්මයා "  කර කියා ගත නොහැකි දෙයක් වූ තැන මට කියා උනි ..




" අනේ කමක් නැහැ මිත්‍රයා , මට සතුටක් ඒක .කරුණාකරලා වාඩිවෙන්න " ඉතා සදාචාර සම්පන්නව , මිත්‍රශීලීව මවෙත අසුනට ආරාධනා පිළිගන්වමින් හේ පැවසුවේය ...




" මන් ශර්මි , ඉන්නේ මේ කිට්ටුව . නිකන් ඔහේ ඇවිදින්න ආව මහත්මයා "




" හ්ම්ම්ම් මාත් හරි කැමති තැනක් මිත්‍රයා මේ . මා නමින් මිගයිල් . කැමති නම් ඔබ
ඒ නමින් මා අමතන්න "

මවෙතට අත දිගු කරමින් මිත්‍ර ශීලී සිනාවක් පෑවේය ... ඔහුගේ බාසා හුරුවද ඔහුගේ රූපයද හැසිරීමද හරි වෙනස්ය ....



" ඇත්තම තමයි දෙවියනි " මේ අමුත්තා මා නොයෙක් වර මෙහිම දැක ඇති බව මට අමතකව ගියාද , නැතිනම් උද්යෝගය නමැති දේ නිසා සිහයට නො ආවේද ???


කටහඬ ද මින් පෙර අසා නැත්ද එසේත් නැති නම් කොහේදී අසා ඇතිද???


ඔහුගේ බාසා හුරුවේ එක් විශේෂයක් මට ඒ වන විටත් දැනෙමින් තිබෙන්නට විය.

එය මෙන්න මෙයැකයයි නිශ්චිතව කීමට මා අපොහොසත් නමුත් එවැන්නක් ඇත ...එයද සොයා ගත යුතුය ...








සැහැල්ලුවෙන් හැසිරු නමුත් ඒ බොහොම බර අතක්.තියුණු ලෙස මුවින් එළියට පනින වචනද ....


සැබැවිම්ම මේ නම් දැනගත යුතුම පුද්ගලයෙකි ....


" ඉතින් මිගයිල් මහත්මයා ඔබ මෙතනට ඇවිත් බොහෝ වෙලාද ? " ඉහත සිතිවිලි සමග තෙරපෙමින් මා.



" ඔව් සවස 4 පමණ සිට මා මෙහි රැඳුනා . බොහෝ දෙනා සතුටින් කල් ගෙවණු බලා සිටියේ ගොඩක් සතුටින් මගේ මිත්‍රයා "



" ඉතින් මහත්මයා දැන් ඒ කව්රුවක්කත්ම නැහැනේ . ආපසු යන්නේ නැහැද ඔබ " අමුත්තෙක්ගෙන් නොහොබිනා ප්‍රශ්නයක් ඇසු බව අද මට තේරුණත් , එදා මා අතින් එලෙස ප්‍රශ්නයක් පිට විණි .



"හ්ම්ම්ම්ම්ම් නැහැ මිත්‍රයා මා තව ටික වෙලාවක් ඉන්නයි අදහස " හිස් මුහුද දෙස ගැඹුරු කල්පනාවකට වැටෙමින් මිගයිල්



" ඉතින් ඔබ , දූ දරුවන් සමග අනික් ඉරිදාත් එන්න , එදාට මෙහෙම දැනෙන එකක් නැහැ " මෙවැනි තුට්ටු දෙකේ පඬි කතා කීම ගැන මා අද ඉතා කණගාටු වෙමි . ( පාඨක ඔබද සමාව දෙනු ඇතැයි සිතමි )



" අහ් මෙන්න ගන්න ඔබත් ටිකක් " උණුසුම් ධාන්‍ය බැදුම් ගොට්ට මතක්ව එය කබායෙන් පිටතට ගනිමින් මා


" මට එක්කන් එන්න කෙනෙක් නැහැ මිත්‍රයා! " හිස් මුහුදේම ගිලෙමින් ඔහු


ඔහු එය කීමත් සමග ගොට්ට මා අතින් ගිලිහිණි ...



" එපා ඒ දේ ගැන තව දුරටත් හිතන්න , අපි දෙන්නටම මේක සෑහේවි " ඔහුගේ අනික් පසින් තිබු කුඩා මල්ලෙන් විවර නොකලව තිබු තවත් උණුසුම් ධාන්‍ය බැදුම් ගොට්ටක් මවෙතට දිගු කරමින් මා අස්වසා ලමින් ඔහු දයාබරව කීවේ පියෙකු මෙනි...




ඇත්තේම්ම මා මේ කල විනාසය කුමක්ද ?







මගේ වදනින් ඔහුගේ සිත පෑරුණේ නොවේද ?







එහෙත් ඒ බව සඟවා ලමින් ඔහු මාවම මේ සනසනවා නොවේද ?








ඔහු ඇත්තෙම්ම උණු වන හදවතක් ඇත්තෙක් විය යුතුයි නේද ?







පව් අහිංසකයා , උණුසුම් ධාන්‍ය බැදුම් ගොට්ටක් කන්න කියල හිතන් ගත්තට කන්න පිරියක් නැහැ ....







එහෙම ගත්ත දේ මා එක්ක බෙදා ගමුද අහනවා....







දෙවියනේ ඇයි මේ වගේ මනුස්සයෙක්ගේ හිත මන් අතින් තවත් පෑරුණේ ....






මුහුදේ රළ නැගෙන හඬ ගිගිරුම් මෙන් ඇසෙන්නේ , ඈතින් ඇති පහන් කණුවේ එළිය සමග මේ අමුත්තාගේ ජීවිතයේ රහස එළි කරමින්ද ?





" අනේ සමාවෙන්න මහත්මයා ඔබේ හිත රිදවන්න අදහස් කලේ නැහැ මම " තව තවත් අපහසු තාවයට පත් වෙමින් මම .





" අනේ මන් එහෙම හිතන්නේ නැහැ මිත්‍රයා , අපි ඩිංගක් වෙලා කතා කරමු ඔබට විවේක තියේ නම්. එය මටත් සැහැල්ලුවක් "







ඉතා සුහදව මවෙතට උණුසුම් ධාන්‍ය බැදුම් ඇසුරුම කඩා පිළිගන්වමින් ඔහු කියා සිටියේය ....



ප.ලි . ඔබට විවේකයක් ඇතිද අමුත්තා සමග පිළිසඳරේ යෙදීමට ?
හැකිනම් ගීතය සමග නැවත වරක් කියවන්න,මීළඟ කොටස ගැන එහි ඉඟියක් ඇත ....


This is an automated post , Shermie Fernandez    for    http://obeth-mageth-addakeem.blogspot.com

30 comments:

  1. සින්දුව නම් ඇහුවේ නැහැ බන් එත් උඹ ලියන කතා මාරම අමුතුයි මම ඒවාට කැමති වේගෙන එන්නේ!සුභ පැතුම් :P

    උඹ ලියන ශෛලියට අනුව ඉංග්‍රීසි වචන ගාවලවත් නැහැ බලමු මේ කතාවේ ඉතුරු ටික.
    හොඳින් කියන්නේ කොටස් කතා නම් ලියන්න එපා

    ReplyDelete
    Replies
    1. සින්දුව නම් අනිවාර්යෙන් ඇසිය යුතුමයි නිශාන් .
      මන් පාවිච්චි කරන ක්‍රමය නිසා කිලෝ බයිට් 350 ඇතුලත
      සින්දුව එනවා..( මේ පේජ් එකත් බරයි 1 ම් විතර, ඉතින් ඒක
      අහන්න ...)

      මේක කැඩුවේ පොඩි හේතුවකට , මා හදිසියෙන් පිටව යා යුතුයි , නැත්නම් මේක දාන්න හිටියේ
      ඉරිදට ..මගේ ඊළඟ පෝස්ට් එක ඇර අනික් ඔක්කොම ඉරිදට තමයි
      දාන්න ඉන්නේ...

      ස්තූතියි නිසානයෝ මේ පැත්තේ ආවට ..සතුටක් ලැබුවා නම් ගොඩක්
      සතුටුයි මට...

      Delete
  2. මොකෝ බං අච්චර ඉඩ තිබ්බේ

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉන්න බලන්න ...
      මචන් අටම් උබ ඉන්නේ ස්ක්‍රීන් රෙසලූෂන් එක 800 x 600 නේද .
      ඒ නිසයි ලොකු ඉඩක් තියෙනවා වගේ පේන්නේ ..උබට පුළුවන්
      නම් 1200 x 1600 වගේ එහෙකට එන්න ..ඔතොකොට ප්‍රශ්නයක්
      වෙන්නේ නැහැ මචා ...
      ස්තූතියි කමෙන්ට් කරාට ....

      Delete
    2. මගේ 1980 x 1720 ද කොහෙද තියෙන්නේ (24" LCD) ඒත් අර පරතරය බොහොම ලොකුවට පෙනෙනවා.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. නැහැ ඔබ තුමා ඉන්නේ 1536x864 වල...ඉන්න ඉන්න මම ඉඩ අඩු කරන්නම්....බොහෝම ස්තූතියි මේ ලිපිය කියවන්න එම ගැන...

      Delete
  3. මමත් සිංදුව නම් ඇහුවේ නෑ සහන්, හැබැයි නිශාන් කිව්වා වගේ ඔයා අමුතුම රටාවකට ලියන කතා ටික නම් හරි ලස්සනයි, ඇත්තටම... තව ඉස්සරහට තවත් මේ වගේම කතා ටිකක් ලියන්න, ආ මේ? කවි එහෙම ලියන්න බැරිද??

    ReplyDelete
    Replies
    1. හයියු අහන්නම ඕනේ ශම්මියෝ නැතුව ඊළඟ කොටස
      තේරෙන්නේ නැතිව යාවි..මොකද මන් එක ස්ටෙප් එකක්
      ස්කිප් කරලා පොඩි පිම්මක් පනිනවා..ඒ නිසා මේක හොදට
      අල්ලන් ඉන්න...
      අනේ බැහැ අනේ එච්චර , ඔය පහල ඇති ලියපු දෙක තුනක් බලන්නකෝ
      වෙලාවක....
      විභාග ශාලාව ...
      අදහනු බෑ හා පැට්ටේකි මා
      ඈ අහිමි ඔහු
      ස්තූතියි කමෙන්ට් කරාට ශම්මි....

      Delete
  4. හැමදාම වගේ ඇති විශිෂ්ටයි සහන්! :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඒකාධිපතියෝ ..
      දිගටම එන්න මට හයියක් ඒක ...

      Delete
  5. සිංදු එක්ක කතා කියවන කලාව..
    නරකම නෑ...
    මරු...

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ සින්දු එක්ක හැම එකම
      යන්නේ නැහැ..මේ ටික විතරයි තරියෝ...
      ස්තූතියි මචන් මේ පැත්තේ ආවට , කමෙන්ට්
      කරාට...දිගටම එන්න ...

      Delete
  6. අමුතු කතා ටිකක් ලියවෙනවා නේ මේ දවස් වල. එළ එළ වෙනසකත් එක්ක කියවන්න.

    සහන් අයියා, පේළි අතර ලොකු ඉඩක්නේ තියෙන්නේ.මොකෝ ඒ?

    ReplyDelete
    Replies

    1. එහෙම ඉඩක් තිබ්බේ ටිකක් ඒ ඉඩ එක්ක කියල
      තියෙන අදහස ගැන වැඩිපුර හිතන්න කාලයක්
      දෙන්නයි..හැබැයි කෙනෙක්ට ඒක නොදැනෙන්න
      පුළුවන්...ස්තූතියි ඉෂාන් කමෙන්ට් කරාට ..
      නැවත එන්න....

      Delete
  7. සින්දුවේ අදහසත් එක්ක නං කතාව ගැලපෙන්නේ නැත. නැතිනං අදහස හරියටම කියල නැත

    ReplyDelete

  8. මචන් දේශා තාම ඔයා කඩල ඇටයක් වත් කන්න
    පටන් ගත්තේ නැතුව ඔහොම කියන එක වැරදියි
    ඈ ...

    ReplyDelete
  9. කතාව කියෙව්වා..සින්දුවත් ඇහුවා...පුර්ව නිගමනයකට එන්න අමාරුයි...ඒත්...ඊළඟ කොටස එනතුරු බලන් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කළු සුදු මන් මේක එක දිගටම
      දාන්නයි හිටියේ..ඒ උනාට ඊට කලින් මන්
      වෙන දෙයක් දාන්න ඉන්නේ ..ඒකයි මැද්දෙන්
      මෙහෙම වෙන් කරේ..මේ අමුත්තගේ මානසික
      මට්ටම තේරුම් යන්නයි මේ සින්දුව දැම්මේ...
      මේ කාතාවේ මීළඟ කොටසට ඒක එහෙම දැනෙන
      එක හොදයි කියල හිතුණා කල් තියාම ...
      මොකද අපි තාම අමුත්තා ගැන කිසිම දෙයක් දන්නේ
      නැහැනේ..

      තාම දන්නේ එයාගේ බැල්මයි , බාසාවේ , හැසිරීමේ වෙනස්
      කම් ටික විතරනේ..අඩුම තරමේ එයාගේ නම ඇර වෙන දෙයක්
      දන්නේ නැහැනේ.........


      ඔහොම ප්‍රශ්න කරනවට කැමතියි මන් ගොඩක් ..ඇත්තෙම්ම ඔයාල
      මේ ප්‍රශ්න කරන්නේ කතාවේ ඉන්න අමුත්තා එක්ක...:)

      Delete
  10. සහන් ඔබ දැන් දැන් අමුතුම රටාවක් නිර්මාණය කරමින් යන බවක් පෙනෙන්නේ..ඔබ සාර්ථකයි... දෙවැන්න එනතෙක් පෙරමග බලා ඉන්නෙමි.

    ReplyDelete
  11. සහන් ගෙ මේ කතා වල අමුතුම රසයක් විඳින්න පුළුවන්. ගීතයත් එක්ක යම් අදහසක් ආව මට.. ඒක හරිද බලන්න වෙන්නේ ඊ ළඟ කොටසෙන් පස්සේ තමයි..

    ReplyDelete
    Replies

    1. ස්තූතියි චන්දන මන් මේක එකටම දාන්න හිටියේ..
      ඒත් වෙන දෙයක් හරස් උනා..හොදයි බලන්නකෝ
      මිත්‍රයා දිගටම ඇවිත්..ස්තූතියි දැනුන අදහස කිව්වට....

      Delete
  12. නැහැ නලින් අයියේ මේකේ දෙවෙනි කොටස
    එන්න කලින් ගැනීමේ ලිපියක් එනවා, ඒක බලන්නකෝ..
    ඊට පස්සෙයි මේ කතාවේ දෙක කොටස එන්නේ...
    මේක දෙකට කඩන්න නෙවේ හිටියේ...ඒත් ඉක්මනින්
    කල යුතු දෙයක් හරස් උනා.....
    ස්තූතියි නලින් අයියේ හැමදාම ඇවිත් හිතට දැනෙන
    දේ කියනවට....

    ReplyDelete
  13. ආයෙත් වෙනසක්. සිංදුව නම් භාවනාවක් වගේ. මම කැමතිම හැගීම 'තනිකම'....අපිට පාළුව හිතට වද දෙනකොට අපි පිරිස් ඇසුරට ලොල් බදිනවා. ඒත් තනිකම විදින ඒ නිමේෂය තරම් සුන්දර ගැහීම් අර ඇසුරු තුළින් ලැබෙන්නේ නෑ. ඒත් එකිනෙකාගේ දෛවයන් කොච්චර වෙනස්ද? ඇසුරට ලොබ කෙනෙක්ව තනි කරලයි කියල හිතෙනවා. කුතුහලය කියන්නේ සාහිත්‍යයේ තියන අපූර්වතම අංගයක්. ඊළග කොටස එනකම් ඉන්නම්..

    ReplyDelete

  14. ඇත්තටම මට කියන්න වචන නැහැ පේට්‍රි මචෝ නියමෙටම
    උබ මේ කතාව අල්ලන් තියෙනවා..මන් හිතන්නේ මගේ පෝස්ට්
    එකේම අරමුණ උබේ ඔය වචන ගොන්නේ තියෙනවා..මට ගොඩක්
    සතුටුයි එකම එකෙක් හරි ඉන්න එක ගැන මගේ කතා හුරුව තේරෙන ..
    උබ වෙනුවෙන් කොහොමත් මන් මේකේ දෙවෙනි කොටස දානවා..
    අනිවාර්යෙන් දානවා...ඒකෙදි මන් මේ ගැන මීට වඩා කතා කරනවා ..
    ඒ නිසා එකේදී ගැඹුරටම කතා කරමු ..
    දිගින් දිගටම හිටපන් මචන්..මට හයියක් ...

    ReplyDelete
  15. වෙනස් විදියේ නිර්මාණයක්.

    ReplyDelete
  16. හ්ම්ම්.. ලස්සන නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයිලෂ් අයියේ...මට මේ කමෙන්ටුව මග ඇරිලනේ..කතාව කියවීම ගැන ගොඩක් ස්තූතියි ඔබට...ඉඩක් ඇති වෙලාවට නැවත එන්න...

      Delete
  17. ඉස්සර කියවපු රුසියන් කෙටිකතා නවකතා ඔක්කොම වගේ මතක්වුනා. කේ.ජී.කරුණාතිලක නමැති පරිවර්තකයාදේ ශෛලිය තියනවා. බොහොම රසවත් කතාවක් වෙයි කියලා හිතනවා.

    පරණ ලිපියේ අගට ලින්ක් එක දාන්නේ නැතුව අලුත් කොටසක් හැටියට දානවානම්, අපි වගේ වයසක උන්දැලාට පහසුයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි විචාරක මහත්තයෝ ඔබේ පැමිණීමටත් , මෙවැනි පැරණි පෝස්ට් කියවීම ගැනත්..මොකද බොහෝ දෙනා පැරණි පෝස්ට් කියවන්න කැමැත්තක් දක්වන්නේ නැහැනේ...

      මම හරි කැමති මේ වගේ කතාවක් දෙකක් ලියාගෙන පාඩුවේ ඉන්න..ඒත් ඉතින් වෙලාවක් නැහැ , හිතෙන්නෙත් නැහැ , වෙන ඒවටත් පැටලෙනවා..අනිත් එක රස විඳින්න පිරිසකුත් නැහැ නේද කියලා හිතෙද්දි කොහොමවත් ලියන්න හිතෙන්නේ නැහැ නෙව..( අපි පෘතග්ජන මිනිස්සුනේ)

      \\\පරණ ලිපියේ අගට ලින්ක් එක දාන්නේ නැතුව අලුත් කොටසක් හැටියට දානවානම්, අපි වගේ වයසක උන්දැලාට පහසුයි. \\\\

      මම හැම කොටසක්ම පෝස්ට් කරන්නේ New post එකක් විදිහට මහත්මයා..ඔබට මග හැරෙන එකක් නැහැ ඉතින්...අනිත් දේ ඔබ වයසයි කියලා හිතන්න එපා...ඔබේ මුළු තරුණ ජීවිතයම කැප කරේ අපි වෙනුවෙන්නේ..ඒ නිසා අපි ණය ගැතියි ඔබ වැන්නවුන්ට...ඔබ තවමත් දඟකාර කොල්ලෙක් වගේනේ ඉන්නේ..අපිවත් නොදන්න රස බර කතා කියන්නේ දිවේ නොගෑවී ...ඒවට මම බොහොම මනාපයි..ගොඩක් වෙලාවට කමෙන්ට් කරන්න බැරි වෙන්නේ WP බ්ලොග් මට ලෝඩ් වෙන්නේ නැහැ...

      ඔබේ පැමිණීම ගැන බෙහෙවින් ස්තූතියි මහත්මයා..ඇත්තෙන්ම ඔබට මම පියෙක්ට මෙන් ගරු කරන කෙනෙක්...

      Delete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !