දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

April 3, 2013

නුවරුන් තනා ලූ උගුලේ වැටී , සඳ ගිරි හිසේ ලූ කිඳුරෙකුද මේ ප්‍රාණය යදින්නේ ? Love of goddess..


                ඔන්න එකමත් එක කාලෙක රුක් දේවතා වහන්සේ කෙනෙක් හිටියා.මෙයා හිටියේ ලස්සනම ලස්සන පුංචි කැලෑවක තියෙන සල් ගහක් වාසභවන කරගෙන. මෙහෙම කාලයක් ජීවත් වෙද්දී ඔන්න මෙයා දැක්කා දවසක් උදේ සල් ගහ පාමුළ තියෙනවා එක්තරා වැල් ජාතියක බීජයක් ..

                වැල් ජාතිය හරි භයානකයි..ඒ කියන්නේ මේ වැල හැදෙන්නේ මොකක් හරි ගහක කඳේ එතිලා ..ටික ටික වැල ලොකු වෙන්න වෙන්න මුළු ගහම වෙලා ගන්නවා ..මුළු ගහේම සාරය උරා ගන්නවා ..එහෙම කාලයක් තිස්සේ ටික ටික උරාගෙන යද්දී අර ගහට තව දරන්න බැරුව ගහ දුර්වල වෙනවා ..ගහ මැරෙන්න ගන්නවා..ගහ මැරෙන්න මැරෙන්න ගහෙන් එන සාරය අඩු වෙනකොට අර කපටි වැල කරන්නේ හෙමීට පොළොවට මුල් වලින් සම්බන්ද වෙන්න හදනවා..


                 ටික කාලෙකින් කරන්නේ ලොකු මුල් ජාලාවක් හදාගෙන වැල ශක්තිමත් වෙනවා. මේ කාලේ පුරාවටම ගහට ලැබෙන හැම දෙයක්ම ආහාරයට ගන්නේ මේ වැල ..ඉතින් ගහ එන්න එන්න මැරෙනවා , දිරනවා..

                 වැල එන්න එන්න ශක්තිමත් වෙනවා ..ඒ ලැබෙන ශක්තියෙන් කරන්නේ ගහ තදින් තෙරපනවා . බාගෙට දිරමින් ඉන්න ගහ පොඩි පට්ටම් කරන්න මේ වැලට මහා කාලයක් යන්නේ නැහැ...

මේය සිංහල අටුවාවේ එන කතාවක් ඇසුරෙන් නිර්මාණය කෙරුණකි ...

                  හරිද ? ඔන්න ඕකයි මේ වැලේ ස්වභාවය ..දැන් මේ ගහේ ඉන්න රුක් දේවතාවා මේ සම්පූර්ණ සිද්දියම දන්නවා..ඉතින් මෙයා හොදටම බය වෙනවා " මගෙත් බහින කළාව ලන් වෙලා නේද " කියලා ....

               රුක් දේවතාවුන් වහන්සේ කරන්නේ ඉක්මනට මේ ගැන එයාගේ හිත මිත්‍ර වෙන රුක් දෙවි වරුන්ට ගිහින් කියනවා..

" බලන්නකෝ අනේ මම ඉන්න වාසභවන පහල නපුරු වැල් ජාතියක ඇටයක් වැටිලනේ ..දැන් මම මොකද කරන්නේ " කියල අහනවා මිත්‍ර රුක් දෙවි කෙනෙක්ගෙන් ..


" ඔයා බය වෙන්න එපා අනේ ඔය ඇටේ පැළ වෙන එකක් නැහැ..මොකද මේ කැළේට වහින වැස්සකට ඕක ගහගෙන යාවි " කියල මිත්‍ර රුක් දෙවියා කියනවා...

දැන් මේ කතා බහ ඇහිලා අහල පහළ ඉන්න වෙනත් රුක් දෙවි වරු ටිකත් මෙතනට එනවා...



" මම නම් හිතන්නේ ඔය ඇටේ ලොකු හුළඟකට ගහගෙන යාවි "


" ඔව් සමහර විට දඩයක්කයෙක් එහෙ මෙහෙ යද්දී කකුලට පෑගිලා ඇටේ විනාශ වේවි "


" නැත්නම් වෙන සතෙක්ට පෑගිලා ඇටේ විනාශ වේවි "


" මේ කැළේ ලොකු මොණරු ඉන්නවනේ .අන්න උන් එකෙක් ඔය ඇටේ කාල දාවි "


" ඔව් ඒ නැතත් පණුවෝ හරි ගහලා දායි "


" ඕකට අනිවා කෙළ වෙනවා ඩෝ ..ඕන් බලහන්කො "


" ඔයා බය වෙන්න එපා මෙයා විශ්වාසයෙන් මූණ දෙන්න "


" සුබ වේවා රාජ සම්පත් ලැබේවා " ඔව් ඔව් ඌ තමයි...



" සමහර විට ඔය බීජය ඵල නොදරන්න පුළුවන් "



" මොනවා උනත් හිත වට්ට ගන්න එපා "


" ඇයි ලින්ක් එක දැම්මේ නැත්තේ ? "




" සෑහෙන්න අමෘතය පානය කරන්න ඕනේ ගැටළුවක් මිත්‍රයා "




" ඔබට හොඳටම විශ්වාසද ඒ ජාතියේම ඇටයක් කියල මිත්‍රයා ?.මොකද
හරියට දකිනකම් තීරණයකට එන්න අපහසුයි "




" මොකද කියන්නේ ලාබෙට කම්බෝජේ යන්න එනවද ? "


" Hey dont get upset ruki.. "


" පොඩ්ඩක් ඉන්න කලබල නොවී ..එන විදිහකට මූණ දෙමු .දැන් රෑට
වත් කාලද ඉන්නේ ? කෝ එන්න කෑම ටිකක් හරි කාල ඉන්න . "


" ලොකු ගංවතුරක් වගේ දේකින් ඔය බීජය විනාශ වේවි.."


" හ්ම්ම්ම්ම් "




" හයියු මෙයාටත් වෙන වැඩ "




" මම කිව්වා මම කිව්වා.මම ලාබෙට හොයල දීපු තැන ගත්ත
නම් ඕක වෙන්නේ නැහැ "




" ඕකට ලොකු පොසිටිව් වර්ගයේ අකුණක් ගහල බීජය කුඩේ කුඩු වේවි "






" ඔහොමම සිද්දියක් මම දන්න කෙනෙක්ටත් උනා "






              ඔය වගේ නානාප්‍රකාර උත්තර තමයි හම්බුණේ අනික් රුක් දෙවි දේවතාවුන් වහන්සේලාගෙන්.. ඒ අයත් කියන්නෙම කරදරයක් වෙන එකක් නැහැ කියල...මෙහෙම ටික දවසක් ගෙවුණා ..


                 ඔන්න දවසක් කැළේ පහුරු ගගා ගියපු මොණරෙක් මේ පැත්තට ආව..එයාගේ නියපොතු වලට පහුරු ගගා යද්දී මේ බීජය අහු උනා .නියපොතු පාරවල් වලට පොළොවේ කාණුව වගේ හැදුණ තැනකට මේ බීජය වැටුනා ..

                 ටික දවසකින් මේ අහල පහළ ගිය දඩයක්කාරයෙක්ගේ කකුලට මේ බීජය තිබ්බ තැන පෑගිලා හොඳට පස් වලට යට උනා...


                  වැහි කාලේත් ආව දන්නෙම නැතුව , ඒ එක්ක මෙන්න මේ බීජය පුංචි රිකිල්ලක් දැම්මා ..ටික ටික පුංචි රිකිල්ල රිකිලි දෙක උනා ..දෙක තුන උනා ..තණ කොළ අතරෙන් උඩට මතු උනා ...


                    මේක දැකපු රුක් දෙවි තුමාට හීන් දාඩිය දැම්මා ..යස අගේට වැල හැදීගෙන එන්න පටන් අරන් ..දැන් ඉතින් තව ටික දවසකින් සල් ගහ දිහාට වැල එන බව හොඳටම දැනෙන්න ගත්ත ..බොහොම දුකින් දුකට පත් උනා ...


තමන්ගේ මිත්‍රයන්ට මේ වෙච්චි කරදරය ගැන කිව්වා නැවත සැරයක්..


" නීන්ගල් අලෙයිත්ත ඉලක්කම් තවාරානද.................... ........ ............ .............. ............ .. "





                           මේ පාර නම් අදහසක් දක්වන්න වත් පිරිස නැහැ.තනියම දුකින් තමන්ගේ වාසභවනට වෙන විපත බලා ඉන්නවා ඇර වෙන කරන්න දෙයක් නැහැ දැන් ඉතුරු වෙලා ...ටික දවසකින් ලස්සනට මල් පිපි පිපි මුළු කැළේම එළිය කරපු ලස්සන සල් ගහ මැරෙන්න පටන් ගත්තා ..හයිය හත්තියට තිබුණ අතු දිරන්න පටන් ගත්තා .. වැලේ ශක්තිමත් මුල් වලින් මුළු ගහම වෙලා ගත්තා ..ගහ පොඩි පට්ටම් වෙලා යන්න පටන් ගත්තා ..




ටික දවසකින් දිරල දිරල හොඳටම දුර්වල වෙලා තිබුණ ගහ පොළොවට කඩාගෙන වැටුණා ...!







නුවරුන් තනා ලූ උගුලේ වැටී , සඳ ගිරි හිසේ ලූ කිඳුරෙකුද මේ ප්‍රාණය යදින්නේ ?




56 comments:

  1. පුදුමාකාර සත්‍යයක් තමයි මල්ලි මේ ලස්සනට දක්වලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. අන්න අයිලෂ් අයියා යථාර්තය වටහාගෙන ..මොකෝ කියන්නේ
      මම කියන්නේ ඇත්ත නේද ? මේ තැනට පත් උනාම වැලට හිංසාවක්
      කරන්න හිතෙන්නෙත් නැහැ , ගහ දාල යන්න හිතෙන්නෙත් නැහැ ,
      උදව්වට කව්රුත් ඇත්තෙත් නැහැ ...ජීවිතේ විනාස වෙනකම්ම දන්නෙත් නැහැ ...:(

      Delete
    2. අයිලෂ් අයියා සබ් දාලා නේද තියෙන්නේ ..?

      ඔයා අදහස් කරේ මම කියලා තියෙන දේ නෙවේ නේද..? ( මට මේල් එකක් දාන්නකෝ )

      Delete
  2. ටොක්කක්ද ඈ ?

    ගැටළු සහගත තැන්

    1. ඇයි දේවතාවාට ඒ ඇටය ඉවත් කරන්න බැරි වූයේ ?

    2. ඇයි දේවතාවාට වෙන ගහක් හොයාගන යන්න බැරි වූයේ ?

    ඇයි ?

    ReplyDelete
    Replies
    1. ටොක්කක්ද ඈ ? >>>> චෑ බොල එහෙමත් කරනවද මම ?

      01. ඔහුගේ කාරුණික හද එයට ඉඩ නොදෙන්නට ඇත ...

      02. හදා ගත්ත පැල් කොටේ දාල යන්නද කියන්නේ සෙන්නා ?
      අනික කියන තරම් ලේසිත් නැහැ සෙන්නා ..දෙවියෝ කිව්වට සීමිත වරප්‍රසාද තියෙන්නේ :P

      Delete
    2. අන්න බලන්න පිංවතුනී අනුකම්පාව භූමිකම්පාව වෙනවා කියන එකට හොඳ උදාහරණයක්.. :D

      සහන් කියන්න හදපු එක මට දැන් ටිකක් පහැදිලියි පහල තියන කමෙන්ට්ස් කියෙව්වම..

      Delete


    3. අන්න හරි සෙන්නා මෙතන තියෙන්නේ අරයගෙ මෙයාගේ විකාර අහ අහ
      ඉන්නැතුව තමන්ට පුළු පුළුවන් විදිහට තමන්ට දැනුම් තේරුම් තියෙන විදිහට
      වැඩ කරන්න කියල..

      මොකද පණ්ඩිත වාක්‍ය කියන්න හිටපු අය ඇටේ පැළවුන දාට නැහැ ..අපි තනි
      වෙනවා..මුල් කාලෙම කරගන්න දෙයක් කරගන්න දෙන්නෙත් නැහැ ..ඇටේ පැළ
      උන දාට හැරිලවත් බලන්නේත් නැහැ ...


      සෙන්නා 6 පාරක් පේජ් එක refresh කරා නේද ? ඇත්තටම ඔයිට වඩා ලේසි නැද්ද
      සබ් දාන එක..:P

      Delete
    4. හය පාරක් නෙමේ ඕක සිය පාරක් විතර වෙයි උඹ ඉක්මනට අනිත් පෝස්ට් එක නොදැම්මොත් :D

      අනේ ඔය සබ් කෙරුවාව මට මහ වදයක් බන්..

      Delete
    5. ඒ දැම්මත් ඉතින් ඒකටත් එහෙමනේ සෙන්නා.. :P මම නම් යන බ්ලොග්
      වල සබ් දානවා ...ඔතොකොට මග ඇරෙන්නේ නැහැ ..ගොඩාක්ම මේල් ආවොත්
      විතරක් අන් සබ් දානවා ..මේ ක්‍රමෙන් සෙන්නගේ කාලය ඉතුරු වෙනවා ..ඒ ඉතුරු
      වෙන කාලයෙන් පුළුවන් මේල් බලන්න , අනවශ්‍ය මේල් delete කරන්න...

      අනිත් දේ සෙන්නා ඩේට ඉතුරු වෙනවා පුදුම විදිහට ..මගේ බ්ලොග් එකේ පේජ්
      එකක් බරයි සාමාන්යෙන් 1.2mb විතර ..සෙන්නා මාසයක් ඇතුළත 50 පාරක්
      බ්ලොග් 20 කට මෙහෙම යනවා කියල හිතන්න...

      1.2 X 50 X 20 = more than 1 Gb

      සෙන්නගේ ඩේට නම් unlimited ඇත්තේ ..ඒ උනත් ඔය වෙනුවෙන්
      යන කාලයෙන් පුළුවන් සෙන්නගේ බ්ලොග් එකේ තව පොස්ට් එහෙකට
      කාලය හොයා ගන්න ...

      සෙන්නගේ පෝස්ට් ගොඩක් මහන්සියෙන් තොරතුරු හොයල අමාරුවෙන්
      හදන ඒවා කියල දන්නා නිසයි මෙහෙම කිව්වේ..අපරාදේ සෙන්නගේ කාලය..


      අඩේ මෙහෙම කිව්වේ එනවට අකමත්තකට එහෙම නෙවේ සෙන්නගේම
      කාලය ඉතුරු කරගන්නයි හොඳද ?

      මේල් සබ් දැම්ම නම් ගාණට ඔක්කොම පිළිවෙලට එනවා ගෙදට්ටම ...:D

      Delete
  3. මට තේරුනේ නෑනේ,, ඇයි මන්දා.. :O

    ReplyDelete
    Replies
    1. බොරු බොරු ඔය කියන්නේ ..තේරුණත් නෑ වගේ ඉන්නවා කපටියා :P

      Delete
  4. මම මේ වගේ දෙයකට දෙන උත්තරේට වඩා දේවතාවාට කරන්න දෙයක් තිබුනද කියලා තමයි මමත් කල්පනා කරන්නේ? එයාට තිබුනේ බලාගෙන ඉන්න එක විතර නම් කොච්චර උත්තර තිබුනත් වැඩත් තියනවද?

    සහන් කියන්න අදහස් කරපු දේ මට තේරුනේ නැහැ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රූ ඉක්මන් ප්‍රතිචාර දැක්වීම ගැන .

      රූ මේ කතාවේ තේරුම් කීපයක් තියෙනවා ..එකක් තමයි ආදරය කියන
      දෙයින් කෙනෙක්ට වෙන විනාසේ..ඒත් ඒක ගැන නම් කොහෙත්ම එළිපිට කියල
      නැහැ ..ඒ වගේ අද්දැකීම් ලබපු කෙනෙක් නම් මේක දැක්ක ගමන් අර්ථය
      වැටහෙනවා ...හොදටම අස්සේ හැංගිලා තියෙන්නේ ඒ සිද්ධිය ..

      වැල සමාන කරලා තියෙන්නේ ආදරේට ..

      ---------------------------------------------------------------
      දෙවෙනි තේරුම තමයි

      මෙයා රුක් දෙවි කෙනෙක්නෙ
      රූ ඉතින් කිසිම දේකට හානියක් කරන්නේ නැහැ ..තමන්ව විනාශ කරන්න එන
      සතුරාට උනත් හිංසාවක් කරන්න පෙළඹෙන්නේ නැහැ ..ඒකයි මේ වගේ විපතකට
      මූණ පාන්නේ ...
      හැම දේකටම ඉවසලා , මෛත්‍රීය කරලා හරියන්නේ නැහැ


      ---------------------------------------------------------------

      3 වෙනි තේරුම තමයි වෙන වෙන අය කියන දේවල් විශ්වාස කරලා
      ඒ අනුව තීන්දු තීරණ ගන්න එපා..තමන්ට පුළු පුළුවන් විදිහට මුල්
      කාලෙම දෙයක් කරන්න කියන දේ...තමන්ට දැනෙනවා නම් විනාසයක්
      වෙන්න යන බව වහාම තමන් ක්‍රියාත්මක වෙන්න ...



      ස්තූතියි රූ අපැහැදිලි දේ ගැන ඇහුවට ..තව දුරටත් අහන්න ඕනේ කියල
      දැනෙන දෙයක් ඇත්නම් අහන්න හොඳද ...?




      Delete
  5. නියම කතාව අද කාලෙට හොඳට ගැලපෙනවා මගෙන් මල් මිටක්.....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මොරබ්බා මිත්‍රයා ..බොහොම කාලෙකින් නේද ?
      මේ දවස් වල වැඩ රාජකාරි වැඩි නිසාද නිතර පේන්න නැත්තේ ?
      ඒත් පුළුවන් විදිහට පෝස්ට් කීපයක් දාන්න මොරබ්බා ..ඔබේ නියෝජනය
      අවශ්‍යයි මේ බ්ලොග් අවකාශෙට ....

      ස්තූතියි නැවත එන්න මොරබ්බා ...

      Delete
  6. මොකද සහන් මේ බ්ලොග් ලෝකෙ සුලභව කියවෙන දේවල් ඒ ගහ වැලුත් කියාගන්නෙ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම් ගැඹුරු තේරුමක් තියෙන ප්‍රකාශයක් ලොකු අයියේ..
      මම හිතන්නේ දැන් දැන් ගස් වැල් වලත්, ඇට ලේ මස් වලට මේ
      වගේ දේවල් කිඳා බැහැල තියෙන්නේ ..

      තව ටික දවසක් යද්දී රෝස මලුත් බඹරුන්ට පෙම් හසුන් දෙන
      කාලයක් වේවි...ඒ තරම් මේ දේවල් ගහ කොළටත් කිඳා බැහැලා නෙව ..

      Delete
  7. Replies
    1. හ්ම්..හ් ආවෙ නෑ බන්.. මොකක්ද අවුලක් තියනවා.. සබ් වැටෙන ඊ මේල් එක වෙනස් කරන්නෙ කොහෙන්ද ?

      Delete
    2. කිසිම අවුලක් එන්න විදිහක් නැහැ සෙන්නා ..ඔයාගේ
      ss ........@....... එකට යනවා...සමහර විට spam එකේද බලන්න...
      ජීවිතේට blogger මේල් ස්පෑම් කරන්න එපා..දිගටම ස්පෑම් වෙනවා
      ඊට පස්සේ ඕනම බ්ලොගර් msg ...

      over .....

      Delete
  8. ගස් වැල අතර සම්බන්ධයකට 'කපටි' වචනය අපට නුපුරුදු ගතියක් දැනෙන්නේ අප ඉගෙන ගත්තේ ඒ සම්බන්ධයන් පරපෝශිත, සහජීවන ලෙස නිසා වන්නට ඇත

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි මා ප්‍රිය කවියාණෙනි මෙහි පැමිණීම ගැන..
      හ්ම්ම්ම්ම් පරපෝෂිතද නැත්නම් කපටිද ?
      ගස් වැල්ද නැත්නම් මිනිස්සුද ?

      ඔන්න ඔය ප්‍රශ්න දෙක අතර දෝලනය වෙන්න දීල අපි
      බලන් ඉමු තව ඩිංගක් බති මිත්‍රයා ..හැබැයි කොහොම හරි
      කතාව ඉවර වෙන්නේ නම් එකම ක්‍රමේට...!

      Delete
  9. බොරුවට කටින් විතරක් විසඳුම් හොයා හොයා ඉන්නේ නැතුව කට්ටිය එක්කම ඒ එක විසඳුමක් හරි ක්‍රියාවට නැගුවා නම් හරිනේ බොරු බයිලා ගහන්නේ නැතුව.

    උඹ අපේ බ්ලොග් වල වැටෙන කමෙන්ට් වලටත් ලාවට හින්ට් පාරක් ගහනවද මන්දා...

    උඹට මතකද අර නයාගේ කතාව. අර දරමිටියකට ගැටගහල ගෙදර අරන් යන නයාට වෙච්ච දේ. අන්තිමට ඌ මැරෙනවා මගේ හිතේ. දෙවියෙක් වුනත් ඉවසන්න වගේම හැම දේටම සීමාවක් තියනවා. සතුරෝ හැම එකාටම ආදරේ, මෛත්‍රී කරන්න ගියොත් අද කාලේ බඩුම තමයි.

    ReplyDelete
    Replies
    1. \\\බොරුවට කටින් විතරක් විසඳුම් හොයා හොයා ඉන්නේ නැතුව කට්ටිය එක්කම ඒ එක විසඳුමක් හරි ක්‍රියාවට නැගුවා නම් හරිනේ බොරු බයිලා ගහන්නේ නැතුව///

      පැහැදිළිවම පැතුම් .ඒ වගේම එක එක පණ්ඩිත මිනිස්සුන්ගේ කතා
      අහලා ඒ අනුව වැඩ කරන්නත් හොඳ නැහැ..පණ්ඩිතයෝ දන්නේ
      කියව කියව ඉන්න විතරයි..දෙයක් උන දාට ඒ මිනිස්සු නැහැ....


      \\\උඹ අපේ බ්ලොග් වල වැටෙන කමෙන්ට් වලටත් ලාවට හින්ට් පාරක් ගහනවද මන්දා...///

      මේ ලිපි නම් පැතුම් google එන්ජිමට අහු වෙන්නේ නැහැනේ..මේ බ්ලොග්
      බලන කීප දෙනාම විතරයි දකින්නේ..ඉතින් විහිලුවටත් එක්ක අර විදිහට දැම්මා ..
      රජාගේ හිත රිදුනද මන්දා ? :D


      \\\
      උඹට මතකද අර නයාගේ කතාව. අර දරමිටියකට ගැටගහල ගෙදර අරන් යන නයාට වෙච්ච දේ. අන්තිමට ඌ මැරෙනවා මගේ හිතේ. දෙවියෙක් වුනත් ඉවසන්න වගේම හැම දේටම සීමාවක් තියනවා. සතුරෝ හැම එකාටම ආදරේ, මෛත්‍රී කරන්න ගියොත් අද කාලේ බඩුම තමයි. ////

      ආයේ කතා කරලා නැහැ 100% එකඟයි ..මම අර ඉතුරු ටික විතරක් කියන්නම්..
      දරට බැඳලා අන්තිමට රෙදි වැලටත් ගන්නවා...ඒ නිසා අපි පෙනේ කරන්න ඕනේ
      කිසි කෙනෙක්ට ඔලුව පාත් කරන්න හොඳ නැහැ අද කාලේ..ඔලුව පාත් කරොත්
      නම් ඉඳුල් ටික හෝදනවා හෝදනවමයි පැතුම්...

      ඉස්සර නම් ලංකාවේ සහජීවනය කියන දේ තිබුණ අපි අතර..අද කාලේ මචන් අල්ලපු ගෙදර
      පොඩි එකාටවත් මාරි කෑල්ලක් දෙන්නැති ලෝකයක් වෙලා..

      කොහොම හරි පැතුම් ලෝකෙට පේන්න එක විදිහකුත් , ඇතුළාන්තය වෙන
      විදිහකුත් තියෙන මිනිස්සු නම් අපි අවට ඉන්නේ , අපිටත් අනුවර්තනය
      වෙන්න වෙනවා සිල් රෙද්ද ගලවලා...

      දැක්කනේ නූතන විහාර මහා දේවියට උන දේ ( චන්ද්‍රිකා )
      ශ්‍රේෂ්ඨ යුධ සෙන්පතියාට උන දේ ..
      ගෞරවනීය නීතියේ දෙව් දුවට උන දේ..

      හරි හරි ඕව වැඩක් නැහැ ..මේක දේශපාලනය පැත්තට යන්නේ ඒ පාර ...


      ----------------------------------------------------------------------


      හරි ඔය ඔක්කොම අමතක කරොත් මචන් මේ තියෙන්නේ ආදරයේ
      මුලාව , රැවටීම ගැන...මේ හෙට අනිද්දා බඳින්න ඉන්න උබට මේවා
      තේරෙන්නේ නැහැ බොල ...:P

      Delete
  10. වැල් ජාතිය භයානක බව දන්නවා නම් ඇයි බීජය ඉවත් කරන්න පසුබට වෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. තිසර පහු ගිය ටිකේම වෙන බ්ලොග් වලත් දැක්කේ නැහැ..
      නිවාඩුවක් ගත්තද , නැත්නම් අසනීපයක් වත් ද ?

      \\වැල් ජාතිය භයානක බව දන්නවා නම් ඇයි බීජය ඉවත් කරන්න පසුබට වෙන්නෙ?////

      හොඳම ප්‍රශ්නයක් තිසර ..01.කොහොමද අනේ අර වගේ ලස්සන
      සුන්දර ආලේ වඩන වැලක් තමන්ගේ දිහාට ඇදිලා එන බව
      දකිද්දී ඇටේට විපතක් කරන්නේ ...පුදුම ලස්සන වැලක් ..
      බලන්න තිසර පින්තූරේ දිහා ...

      02. මෙයා රුක් දෙවි කෙනෙක්නෙ තිසර ..ඉතින් හිත ලාමකයි ...:P
      නපුරක් කරන්න හිත ඉඩ දෙන්න නැතුව ඇති..


      03.වෙන්න යන විපත තේරුණ නිසා වෙන්න ඕනේ
      තිසර අහල පහල මිත්‍රයන්ගේනුත් කරුණු විමසන්නේ .ඒ අයත් කියන්නේ
      කරදරයක් වෙන එකක් නැහැ කියලනේ...ඒ නිසා වෙන්නත් පුළුවන් පැළ
      වෙන්න කලින් ඇටේ විනාස නොකරන්න ඇත්තේ...


      පැළ උනාට පස්සේ නම් ඉතින් වෙන්නේ වෙන දෙයක් තිසර...කොච්චර
      තමන්ව විනාස කරන්න එන බව දැනුණත් විපතක් කරන්න හිතෙන්නේ
      නැහැ ..වැල ගැන ආදරෙන් මත් වෙනවා ..විනාස වෙලා පොළොවට පස්
      වෙනකම්ම තේරෙන්නේ නැහැ ...

      මේ තැනට පත් උනාම වැලට හිංසාවක්
      කරන්න හිතෙන්නෙත් නැහැ , ගහ දාල යන්න හිතෙන්නෙත් නැහැ ,
      උදව්වට කව්රුත් ඇත්තෙත් නැහැ ...ජීවිතේ විනාස වෙනකම්ම දන්නෙත් නැහැ ...:(




      ස්තූතියි තිසර මේ පැත්තට ගොඩ උනාට ..ඉඩක් ලැබෙන වෙලාවට නැවත
      එන්න..

      Delete
  11. මොණරටත් දඩයක්කාරයටත් අහුඋනාට ඒ ඇටේ විනාශ උනේ නෑ නේද?

    ඇයි මුලිං අදහස් දක්වන්න හිටපු පිරිස පැලේ පොළොවෙන් උඩට මතුඋනාට පස්සෙ අතුරුදහං උනේ.

    ලස්සන කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ප්‍රසන්න ඇටේ විනාස වෙන්නේ නැහැ ඔය එකම
      දේකින් වත් ..වෙලාව තමයි රුක් දේවතා වහන්සේගේ ..:)

      යාලුවෝ ටිකත් එහෙ මෙහෙ වෙනවා අන්තිම හරියේදී..
      මතක තියාගන්න දෙවි වරුත් එහෙමයි...වාසි පැත්තට හෝයියා ...

      ස්තූතියි ප්‍රසන්න ආවට මේ පැත්තේ...නැවත එන්න ..
      සොරි රිප්ලයි පරක්කු උනාට ...

      Delete
  12. බ්ලොග් එකේ පසුබිමත් වෙනස් වෙලානෙ.. කොහොම උනත් සහන් කතාව කියල තියෙන විදිහනම් හරිම රසවත්. විශේෂයෙන් අර හිත හදන්න කියල තියෙන කථා ටික නියමයි:)

    ඒ වගේම හොඳ ආදර්ශ ටිකක් තියෙන කථාවක්.
    කෙනෙක්ට ප්‍රශ්නයක් උන වෙලාවට ගොඩක් අය මග ඇරල යනව මේක මට අදාල දෙයක් නෙවෙයිනෙ කියල. ඒත් කවද හරි තමන්ට ඒ දේ උනාමයි තේරෙන්නෙ. හරියට "first they came for the" poem එකේ තියෙනව වගේ.

    ReplyDelete
    Replies
    1. \\\බ්ලොග් එකේ පසුබිමත් වෙනස් වෙලානෙ..///
      මගේ බ්ලොග් එකටත් ලස්සන වැලක් එතෙන්න ඉඩ ඇරියා..
      බලන්නකෝ ලස්සන ...:)


      \\\ඒ වගේම හොඳ ආදර්ශ ටිකක් තියෙන කථාවක්.
      කෙනෙක්ට ප්‍රශ්නයක් උන වෙලාවට ගොඩක් අය මග ඇරල යනව මේක මට අදාල දෙයක් නෙවෙයිනෙ කියල. ඒත් කවද හරි තමන්ට ඒ දේ උනාමයි තේරෙන්නෙ. හරියට "first they came for the" poem එකේ තියෙනව වගේ///

      මේ සියල්ල ඇත්ත චම්ස් ..මමත් ගොඩක් වෙලාවට බ්ලොග් එකේ
      පෝස්ට් දාන්නේ සමාජයේ මේ තියෙන ස්වභාවය පෙන්නුම් කරන්නයි...
      කියන්න නම් දේවල් නැතුව නෙවේ මෙහෙම කෙටි සටහනක් දාන්නේ ,
      ඔයාගේ කමෙන්ට් එකේ තියෙන poem එකෙන් සියල්ල කියවෙනවා චම්ස් ...


      මමත් කොහේ හරි ලියල තියෙනවා ඔය වගේම දෙයක් ..ඒක තියෙන
      තැන දැන් මට මතක නැහැ ..ඉන්නකෝ ටිකක් හොයල මේකටම දාන්න ...


      ------------------------------------------------------------
      වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවිදේවතාවුන් වැනි...":


      හනේ මන්ද කැරලි මට හිතෙන්නේත් ඔයා අර අන්තිමටම
      කියල තියෙන කතා ටික තමයි.
      මේවා කිසිදාක නවතින එකක් නැහැ.තමන්ට වෙනකන් හැමෝම
      " ඕව ඔහොම තමයි " කියනවා..
      තමන්ට උන දාට " එකෙක් ආවේ නැහැ " කියනවා...
      හනේ මන්ද කිව්වේ ඒකයි .ඒත් ඔයා කියන කාරණා හැමදේම
      ඇත්ත.හරි හමන් විසදුම් නැති ප්‍රශ්න ...





      ඔන්න ඔය වගේ මම EK එකේ ඉද්දිත් මේ වගේ දේවල් ගැන කියල
      තියෙනවා..දැන් ඒවා හොයන්නවත් නැහැ ..

      කමෙන්ට් කරාට ස්තූතියි චම්ස් ..රිප්ලයි කරන්න පරක්කු උනාට
      සොරි..මේ වගේ දේකට එක පයින් උත්තර දෙන්න බැරි නිසයි කල්
      ගත්තේ...ඉඩක් තියෙන වෙලාවට නැවත එන්න චම්ස්...

      Delete
  13. ළසොවින් තැවෙන්නී...
    තැවෙමින් හඩන්නී...
    සද ගිරි හිසේ කිදුරියද මේ!

    ReplyDelete
    Replies
    1. හැවිලි හවමින් වනේ .. ..........වරළ සිඳිමින් හිසේ ........
      වනළිය පෙළන්නී ........... නුවරුන් සොයන්නී......
      අසණි වර්ෂා වැටේ ........... දෙරණ ගින්නෙන් දැවේ.......
      ළසොවින් හඩන්නී......හඩමින් තැවෙන්නී..........

      ඔයා ළඟ නැත්නම් , මේ සිංදුවට ආස නම් ගන්න නංගි ..
      මම නම් ඒ melody එකට පුදුම ආසයි...පද පෙළත් මායාවක්
      වගේ..මත් වෙනවා...


      ස්තූතියි නංගි බ්ලොග් එකට ගොඩ උනාට ..නැවත එන්න
      ඉඩක් තියෙන වෙලාවට...


      Delete
    2. ඔන්න මාත් ගත්තා ඒක. ස්තුති වේවා..!!

      Delete
    3. තෑන්ක්ස් අය්යා.මං ගාව සින්දුව ඇති.ඒ සින්දුවයි සුනිල් සර් ලියාපු අනිත් සින්දු ටිකයි නන්දා මාලිනීගෙ මාර විදියට හිතට දැනෙනව.විල්ගම්මුල හාමුදුරුවන්ගෙ සදකිදුරුදාව සම්පූර්ණයෙන් කියෙව්ව වගෙ හැගීමක් දැනෙනව මේක අහල ඉවර වෙනකොට.

      Delete
    4. ස්තූතියි නංගි ඔයාට පුළුවන් නම් සඳකිඳුරු දාවේ එන කවි
      පන්ති ටිකක් බ්ලොග් එකේ දාන්නකෝ...ඒ තරම් ලස්සනයි
      ඒ දේවල්...

      Delete
  14. හිනස්සෝල මරන්න ද හදන්නේ බං.. අර නිශානයගේ පෝස්ට් එක කියවල ආව විතරයි.. :D

    හිනා යන ඒවා අත් ඇරියම ලොකු පණිවිඩයක් තියන ආදර්ශමත් කතාවක්. සින්දුවත් නියමයි.

    බ්ලොග් එක ලස්සන කරලා තියන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන ..දැනුම සමග විනෝදය ..:P



      ඔව් චන්දන ඒ සින්දුව හරිම ලස්සනයි..ඔය සින්දු දැන් SLBC
      එකෙත් යනවා අඩුයි..අරන් අහන්න චන්දන ..

      මේ අර භූගත ජලය ගැන දාපු කමෙන්ට් එකට මම හෙමීට උත්තර දෙන්නම් .
      උත්තරේ දාල මේල් එහෙකුත් එවන්නම්කො..මට ඒ පෝස්ට් එක ලෝඩ්
      වෙද්දී ඇඟ හිරි වැටෙනවා බන් ..සෑහෙන්න බරයි ඒක ...

      Delete
    2. හරි සහන්

      Delete
  15. මේ අමුතු ලියවිල්ල මට තෙර්රුම් ගන්න බැහැ.

    ReplyDelete
    Replies

    1. මෙහෙමයි අසාර් පරපෝෂිත වැලක් එතෙන්න ගන්නවා රුක් දෙවි
      කෙනෙක් ඉන්න ගහක ..වැල ලොකු වෙන්න කලින් කිසිම දෙයක්
      කරගන්න හම්බුණේ නැහැ ..අන්තිමට අර මුළු ගහම විනාස වෙලා
      යනවා ..දෙවි තුමා දුකින් වැළපෙනවා ...


      ඔන්න ඔහොම කතාවක් මේක ..ඒ වගේම බොහොම කපටි කමින් ආදරේ
      මුවාවෙන් ඇවිත් තව කෙනෙක්ගේ ජීවිතේම විනාස කරලා යන එකටත් මේ
      කතාව උපමා කරන්න පුළුවන් ...දැන් තේරුණාද අසාර්ට ?

      මම දැක්කා අසාර් අකුණට දාපු කමෙන්ට් එකට මම රිප්ලයි කරලද කියල
      කීප විටක් බලනවා..මම මෙතනටම ඒක දාන්නම්කො...
      ------------------------------------------------------------
      akuna

      නෑ මචන් අපහැදිලි නොවුන තැනක් ඇත්නම් අහන්න
      අසාර් ..මම පැහැදිළි කරන්නම්...මහ අමාරු දේවල් නෙවේ
      මේ ..බොහොම සරල පැහැදිලි කිරීමකින් සියල්ල තේරුම්
      ගන්න පුළුවන්...ස්තූතියි මචන් මේ පැත්තේ ආවට..
      නැවත එන්න අසාර් ...

      Delete
  16. කවුරුහරි මොකක්හරි දුක් ගැනවිල්ලක් කියලා පෝස්ට් එකක් දැම්මොත් කට්ටිය දාන කමෙන්ට්ස් ටික තමයි මට මතක් උනේ..හිහි

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා සයුරි ඔය මාතෘකාව ගැන කතා කරන්න ගියොත්
      වෙන දෙයක් කතා කරන්නම වෙන්නේ නැහැ..තමන්ගේ වාසියට
      තාත්තව උනත් මරල රජ කම ගන්න ලෝකෙක වෙන කෙනෙක්ගේ
      දුකක් ගැන " හනේ හපොයි " වත් කියන්න පුළුවන් නම් ඒකත් වටිනවා
      නේද එක අතකට ? අන්තෝ ජටා බහි ජටා ..

      බුදු හාමුදුරුවෝ කියලා තියෙන කෙලෙස් 1500 වගේ තමයි..ගොඩක්
      ඒවා හැංගිලා තියෙන්නේ..අවස්ථානුකූලව මතු වෙනවා..ඔයා දේශපාලනය
      එහෙම එතරම් ප්‍රියක් නැති නිසා වැඩි දුර කතා නොකර ඉන්නම් ..:)

      ස්තූතියි සයුරි හැමදාම මේ පැත්තේ එනවට ..නැවත එන්න ...

      Delete
  17. මේ කතාව රටේ අද ජනප්‍රියම මාතෘකාවක් වන මුස්ලිම් අන්තවාදය ගැන නොවෙයි නේද? ඒ බීජය නැමති මුස්ලිම් අන්තවාදය විසින් මහ ජාතිය නැමති මහා වෘක්ෂය විනාශ කරයි කියල හෙම නොවෙයිනෙ.

    ( සමාවෙන්න ඔ්නෑ රොමෙන්ටික් පො ්ස්ට් පොලිටිකල් කමෙන්ට් ඒකක් දාලා ඩිස්ටර්බ් කරානම්.)

    ReplyDelete
    Replies
    1. ///ඒ බීජය නැමති මුස්ලිම් අන්තවාදය විසින් මහ ජාතිය නැමති මහා වෘක්ෂය විනාශ කරයි කියල හෙම නොවෙයිනෙ.//

      එහෙම තේරුමකුත් ගන්න පුළුවන් තමයි කීර්ති ..කොහොම හරි වෙන්නේ
      අන්තිමට කපටි කමින් අනිකාව විනාශ කරලා ස්ථාපනය වීම ..ඒක එක එක
      විදිහට වෙන්න පුළුවන් ..විජය රජතුමා කුවේණි එලෙව්වෙත් ඔහොමනෙ..
      ඊට පස්සේ මේක එයාගේ වගේ භුක්ති විඳිනවා ..වැද්දෝ ටික ගල් ගුහා වල
      නන්නත්තාර් උනා ..පස්සේ විජයගේම රටේ අය ආයෙම ආක්‍රමණය කරා ..

      අන්න ඔතොකොට අවුල ..දෙමලු , සොලී ආක්‍රමණලු ..මේක අපේ රටලු..
      හරි වැරදි නේද හසන්ත ? ඇයි මේ වාසියට බොරු කරන්නේ හසන්ත ...?



      ( නෑ නෑ මචන් එහෙම සිද්දියක් නැහැ ..මාත් ඕනේ තරම් දේශපාලන පෝස්ට්
      දානවා තද බල දෝෂාරෝපණ කරලා ..හැබැයි මම මචන් ඇත්ත කතා කරනවා
      මට / අපිට අවාසි උනත් ..අන්න එතනදී කීර්ති උනත් මා සමග එකඟ නොවෙන තැන්
      ඒවි ...නමුත් කමක් නැහැ අපි අදහස් ඉදිරිපත් කරමු ..මිත්‍රත්වයට හානියක් නොකර
      ගමු..මේ පළමු පැමිණීම නේද ? සාදරයෙන් පිලිගන්නවා ..නැවත එන්න මිත්‍රයා )

      Delete
  18. මතුපිට කතාවත්... ඇතුළත කතාවත් අපූරුයි...
    සමහර ව්යතසනයන් ව්යුසන බව දැන දැනම අපි වැළද ගන්නවා නේද... මග හරින්න බැරි කමට, නොදැනුවත්කමට, වගේම ආදරෙන් බොහොම කැමැත්තෙන් වෙන්නත් පුළුවන්...

    ReplyDelete
    Replies
    1. ගීතයත් මම නන්දා මාලනියගේ මම කැමති ගීතයක්... ඒ කැසට් එකේ ලස්සන ගීත ටිකක් තිබුණා.. මට මතක හැටියට දෙවියන් විසින් දුන් පඩුරක් ලෙසින්, මේඝයක් සේ හුදකලා වී, ගොවිදුනි මේ සිරි යහනේ, මහමෙව්නාවේ සමාධි බුදු ඇස.... ගීත තිබුණෙත් ඒ කැසට් පටයෙමයි...

      Delete
    2. ඔව් තරු රිසි මාත් ගොඩක් වෙලාවට ලියන්නේ මතු පිටින් එක තේරුමකුත්
      ඇතුලෙන් තව දේකුත් එන්න..ඔතොකොට කැමති කෙනෙක්ට කැමති
      තේරුමක් රස විඳින්නන පුළුවන්...

      මේකට මම මුලින් දැම්මේ මේඝයක් සේ එක තමයි..පස්සේ මේ පින්තූරේ
      එක්ක සින්දුව වෙනස් කරා ..මොකද නිකන් හින්දු හුරුවක් දෙන්න ඕනේ නිසා..
      මගේ මේ පෝස්ට් එකේ හිමිකාරියත් එහෙම නිසා...


      ඔයා ළඟ නැතිනම් කියන්න ඒ සින්දුව දෙන්නම් මම ...

      ස්තූතියි තරු රිසි ඉඩක් තියෙන විදිහට නැවත එන්න...

      Delete
  19. ඕං මාත් ආවා... ඇති කලට නොනෑයොත් නෑයො වෙති. නැති කළට නෑයොත් නොනෑයෝ වෙති කියලා කව්දෝ කිව්වාලු. ඒ කතාවේ සත්ය මෙයින් ඔප්පු වෙනවා.

    ReplyDelete
    Replies
    1. \\\\ඇති කලට නොනෑයොත් නෑයො වෙති. නැති කළට නෑයොත් නොනෑයෝ වෙති කියලා කව්දෝ කිව්වාලු.///

      පැහැදිළිවම මේ දේ ඇත්ත ..ඒත් අපි සුහදත්වයෙන් ඉන්න ඕනේ..
      ඔතොකොට හරි නෙව ..

      තරු අරණ මේ පළමු පැමිණීම නේද ..දිගටම එන්න ඉඩක් ලැබෙන වෙලාවට තරු අරණ ..

      Delete
  20. මම මේ පින්තූරේ දැක්කම හිතුවෙ වෙනමම දෙයක්.. ඒක මීට වඩා බොහෝම සුන්දර කතාවක්.. සහන් ලියල තියෙන දේ හොඳයි.. අපි ඇයි ජීවිතෙයේ සමාජයේ මිනිසුන් අතර තියෙන මේ වගේ නෙගටිව් දේ ගැනම කතා කරන්නේ? බොහෝ වෙලාවට හොඳ මිනිසුන්,හොඳ ගතිගුණ හොඳ සමාජ සබඳකම් ඕවගේ දේවල් ඕනේ තරම් තියෙනවා.. සමාජය නරකයි කියල හිතෙන්නේ අපි ඒක දිහා බලන විදිය අනුව නෙවෙයි ද? නරක සහ හොඳ දෙකම දැකල හොඳට යොමු වුනොත් ගොඩක් වෙලාවට හොඳම තමා දකින්න ලැබෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. **** @ pathum ****


      \\\අපි ඇයි ජීවිතෙයේ සමාජයේ මිනිසුන් අතර තියෙන මේ වගේ නෙගටිව් දේ ගැනම කතා කරන්නේ?///

      මෙතන ප්‍රශ්නේ ටිකක් බැරෑරුම් පැතුම් ..හිතන්න පොඩි ළමයෙක්ව දස වද
      දිදී ශිශ්ශත්වෙට ( අකුරු නම් සොරි මතක නැහැ ) ලැස්ති කරන අම්මා කෙනෙක්
      සහ ඒ දුව ගැන මම පෝස්ට් එකක් දැම්මා කියල...ඒ ළමයා විඳින දුක ගැන එළි
      කරලා , ඒ ළමයව ඒකෙන් මුදව ගන්න අරමුණින් ..ඒ වගේ දෙයක් උනත් නෙගිටිව්
      කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන් ..

      " ඕන තරම් ළමයි හොඳට ඉන්නේ " කියල කියන්න පුළුවන් නේද ?

      නමුත් අර අසරණ ළමයා හැමදාම දුකින් ..එයා ගැන කතා කරන්න කිසි
      කෙනෙක් නැහැ ...මම ඉදිරිපත් වෙන්නේ අසරණ පංතිය වෙනුවෙන් ..
      ගොඩක් දේවල් මම ලියන්නේ එහෙම අරමුණකින් පැතුම්..වාසි පැත්තට
      නෙවේ ලියන්නේ ..ඉතින් නෙගිටිව් කියල හිතන්න එපා ..මට ඕනේ නෙගිටිව්
      කට්ටියත් පොසිටිව් කරන්න ..පොසිටිව් වෙන්න ඕනේ කරුණු මම ගොඩක්
      මට ඉතුරු පුංචි කාලෙන් එකතු කරනවා...

      අපි හැමදාම AC ජීවිත වල ඉඳල බැහැනේ පැතුම් ..මට AC ලැබෙන්නේ තව
      කෙනෙක් තද අව්වේ විඳින දුකෙන් ..ඒ නිසා අපි අව්ව ගැනත් කතා කරන්න ඕනේ...
      **********
      \\\බොහෝ වෙලාවට හොඳ මිනිසුන්,හොඳ ගතිගුණ හොඳ සමාජ සබඳකම් ඕවගේ දේවල් ඕනේ තරම් තියෙනවා.. ///
      ඔව් අනන්තව ඉන්නවා පැතුම් ..පුද්ගලයෝ , සේවා , ලිපි , වෙබ් අඩවි උනත්
      තියෙනවා ..මම ඒ දේවල් අගය කරනවා ..එහෙම හොඳ තැන් ගැන අනික් අයවත්
      දැනුවත් කරනවා ..බලන්න මම මේ බ්ලොග් එකේ උඩම ඒ වගේ මම අගය
      කරන දේවල් ගැන පවා දාල තියෙනවා ..මම හොඳ දකින්නෙක් ...එය අනුන්ට
      දෙන්නෙක් ..නරක දකින්නෙක් ..අනුන්ට අනතුරු අඟවන්නෙක් ..!
      ****************

      \\\\සමාජය නරකයි කියල හිතෙන්නේ අපි ඒක දිහා බලන විදිය අනුව නෙවෙයි ද?///


      නැහැ පැතුම් නරක දේ නරකයි කොහොම බැලුවත් ..හොඳ දේ හොඳයි කොහොම
      බැලුවත් ..නරක දෙයක් නරක විදිහටත් , හොඳ දේ හොඳ විදිහටත් දකින්න ඕනේ
      අපි.. ඒ ඒ අවස්ථාවේදී ඒ ඒ විදිහට හැසිරෙන්න ඕනේ අපි...



      \\\නරක සහ හොඳ දෙකම දැකල හොඳට යොමු වුනොත් ගොඩක් වෙලාවට හොඳම තමා දකින්න ලැබෙන්නෙ.. ///





      අන්න හරි ඔය තියෙන්නේ අපූරුවට තේරුම් අරන් ...ස්තූතියි මිත්‍රයා ..
      නැවත එන්න ඉඩක් ලැබුණ වෙලාවට ..ඒ වගේම පහු ගිය පෝස්ට් කියවීම
      ගැනත් ගොඩක්ම ස්තූතියි....


      මම හොඳ දකින්නෙක් ...එය අනුන්ට
      දෙන්නෙක් ..නරක දකින්නෙක් ..අනුන්ට අනතුරු අඟවන්නෙක් ..!

      Delete
  21. මම මේක ටිකක් වෙනස් විදියකට දකින්නද?ඇත්තටම සමහර විද්‍යාඥයන් දාර්ශනික අදහසක් පළ කර තිබෙනවා.ඒක අසත්‍ය වෙන්න පුලුවන් නෞත් ඔවුන් කියනවා.පර්ණාමයේදී ශාක තම පැවැත්ම සදහා විවිධ වෙනස්කම් ඇති කර ගනීවිය කියා.මෙය ටිකක් විප්ලවකාරී අදහසක් නිසයි කිව්වෙ.ඒ කියන්නෙ ශාක ආහාරයට ගන්න සතුන්ට ප්‍රතිවිරෝධයක් දක්වාවි යන්නා
    දැන් බලන්න බාදුරා ,කදුලැස්ස වගෙ ශාක .ඒව සතුන් ආහාරයට ගන්න පරිණමය වෙලා.ඇතැම් ශාක විශ ද්‍රව්‍ය නිපදවනවා.
    මේ විදියට ගස් මරා දමන වැල් තිබිය හැකියි.
    මේ විශ්වය අපිට හිතාගන්න බැරි තරම් පුදුමයි

    මම කවදත් කෙනෙකුට හිතන්න යමක් තිලිණ කරන කෙනෙක්
    ජාන වගේම මනසට සම්බන්ධ මීන කියා නව යමක් ඇති බව ඇතැම් විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා.මේක මම දුටුවේ රූපවාහිනී වැඩසටහනක ඩිස්කවරිද මන්ද
    ඒ අනුව අපේ මනසත් පරිනාමය වෙනවා කියලා කියනවා.උදාහරණයකට ඔවුන් කතෝලික පරම්පරාවක් ගත්තා
    මම කියන්න යන්නේ මේකයි .බටහිර ස්ත්‍රීවාදී විකෘතීන් හේතුවෙන් මෙසේ මානසික පරිනාමයන් සිදුවී අප හීනෙන්වත් නොසිතන අද්භූත මිනිස් සංහතියක් ඉදිරියේ බිහිවේවිද?

    ReplyDelete
  22. කතාව හොඳයි.(ඒක මම කලින් අහල තියෙනවා) එත් මම වඩාත් කැමති ඔබ දමල තියෙන සින්දුවටයි.හරිම රසවත් ගීතයක්

    ReplyDelete
  23. කතාව හොඳයි.(ඒක මම කලින් අහල තියෙනවා) එත් මම වඩාත් කැමති ඔබ දමල තියෙන සින්දුවටයි.හරිම රසවත් ගීතයක්

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙතනින් ගීතය ගන්න සමරසේකර මහත්මයා..

      http://sites.google.com/site/shermiefernandez/IWShermie%20Holdings%20Lasovin%20Hadanni.mp3

      Delete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili