දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

June 23, 2013

අද්මිරල් ෆර්නැන්ඩස්කිගේ සියවස් කීපයක නාවික අද්දැකීම් 01...( දේශපාලනයෙන් තොර කතා මාළාවක ආරම්භය )



                මේ ළඟදී ඩ්‍රැකි පෝස්ට් එකක් දාල තිබ්බනේ ඩ්‍රැකිගෙ සීයලා මුහුදු ගියපු කාලේ වෙච්ච සිද්දියක් ගැන .ඒක ඇහුවම මටත් මතක් උනේ ඉස්සර කාලේ මුහුදු යන්න , හරියට පාර හොයා ගන්න , කෑම හොයාගන්න , කෑම නරක් නොවී තියාගන්න , වතුර හොයාගන්න , වතුර පරිස්සන් කරගන්න , නැව් හදාගන්න , , පෘථිවියේ සම්භවය ගැන , , මුහුදු අභිරහස් ගැන , බර්මියුඩා වගේ තැන් ගැන , අභිරහස් සත්තු ගැන, මායා දූපත් ගැන , ඒවගේ ඉන්න මායා කාරියෝ ගැන , මිත්‍යා කතා ගැන , මැරිච්ච නාවිකයන්ගේ හොල්මන් කතා ගැන ,හැතැම්ම සීය දෙසීය පේන දුරදක්නා හදාගන්න ක්‍රම ගැන , මාළිමාවන් ගැන ,කෝණික සමීකරණ ගැන , ඉරු තැටිය ගැන , තාරකා විද්‍යාව ගැන , රුවල් නැව් වලින් රට රාජ්ජ වල යන්න පාර හොයා ගත්ත වගේ දේවල් කරගත්තේ කොහොමද කියලා.....


                 මාත් කල්පනා කරා අපේ සීයගෙන් අහන්න ..මම සීයට විස්තරේ කිව්වා.. සීයේ අරුන් අරහේ මුහුදු ගිය එව්වා දාල බ්ලොග් පෝස්ට් දානවා , ඇන්ටාටිකායි , අයිස් වෙච්චයි, දර පලපුවයි, අරකයි මේකයි, මටත් දැනගන්න ඕනේ සිස්ටොන් එක කියලා... :( සීයටත් හෙන අස්පැට් ඒකට ..ඇයි යකෝ ටොන් හය හත්සීයේ රුවල් නැව්ම 8 ක් තිබ්බ මනුස්සයෙක්ගේ මුණුබුරෙක් එක එකා ළඟ ගිහින් අරක කොහොමද කරන්නේ , මේක කොහොමද වෙන්නේ , ඒක නිකම්ම හම්බෙනවද කියලා අහද්දී කේන්ති යනව නෙව...සීයා ගත්ත කටටම ඇහුවේ " මොකාගෙන්ද දැන් උඹ ඕවා අහන්න ගියේ" කියලා ..ඒ ප්‍රශ්නෙට මම දීපු උත්තරේ එක්ක තමයි සීයට යකා වැහුණේ..මම වැඩි දෙයක් කිව්වේ නැහැ ..මෙන්න මේ ටික විතරයි කිව්වේ..

" සීයට මතකද ඉස්සර කිරි වවුලේක්ගේ පස්සේ හරි කමක් නැහැ පන්නන් ගිහින් ලේ උරන් බීලා කාණු පල්ලේ වැටෙන ඩයල් එකක් හිටියා ඩ්‍රැකිව්ලා කියලා ? ආන්න උන්ගේ ඈතින් නෑදෑ වෙන කොල්ලෙක්ගෙන් තමයි ඇහුවේ " කියලා කිව්වම ..

                ඔන්න ඊට පස්සේ තමයි සීයගේ ලෙක්චර් එක පටන් ගත්තේ " තෝ දැන් ඔය වවුල් හුටපටෙත් දැනගෙනද ඔය පැත්තේ පදින්නේ ඈහ් ? තෝ දැනගන් තොගේ අප්පගේ , ලොකුඅප්පලගේ ගරුත්වේ තියන් ජීවත් වෙන්න .තෝ එක එක වවුල්ලු පස්සේ යන්න පුරුදු වෙන්න එපා කරදන්ඩ පෑදීගෙන එද්දිම .ඇහුණද උඹට ...? හිටපන් මේ දෙසැම්බරෙන් පස්සේ උඹේ ඇඟේ හිරි යවාගන්න පුළුවන් විදිහේ දේකට උඹව යවන්නම් " කියලා ..


සීයට හොඳටම තරහා ගිහින් මගේ බ්ලොග් කෙරුවාව මාට්ටු වෙලා..!


               උන්දැට කේන්ති ටිකක් අඩු උනාට පස්සේ කිව්වේ " පුතේ සබ්ජෙක්ට් එක තක්කෙටම දන්න කෙනෙක් ඉන්නවා , එයාගෙන් ඇහුවොත් සිස්ටොන් එක හරියටම දැනගත්තෑකී . ඩිංගක් හිටින්කෝ " කියලා. එහෙම කියපු අපේ සීයා කෝල් එකක් ගත්තා එයාගේ සීයට.. ඒ කියන්නේ ග්‍රේට් ග්‍රේට් ග්‍රේට් silentsahanta....

              රයිටෝ දැන් ඔන්න silentsahanla තුන්දෙනයි ..එක්කෙනෙක් නිකම්ම නිකන් silentsahan වන මම ( silentsahan the Junior ) , අනිත් එක්කෙනා ග්‍රේට් silentsahan , අනිත් එක්කෙනා ග්‍රේට් ග්‍රේට් ග්‍රේට් silentsahan..මේ පහළ තියෙන්නේ මහ රැජිණගෙන් එයාට ප්‍රසන්ට් එකක් විදිහට ලැබුණ නැවක්.ජෝෂුවා මිෂලි ෆර්නැන්ඩස් තමයි නම.( ජේෂුවා මිශැයිලි ෆර්නැන්ඩෙස්කි ).......





                ඔන්න සීයා කතාව පටන් ගත්තා..හැම දේම විස්තර ඇතුව අහගන්න ඕනේ නිසා මමත් , සීයත් ගියා ලොකු සීයගේ ගෙදර....අවුරුදු ගාණක් නැව් සේනාවක අද්මිරාල් ධූරය හොබවපු නිසා දැවැන්ත මාළිගාවක් වගේ නිවසක් තමයි එයාට තියෙන්නේ..මහා විසාල ගේට්ටුව ඇරගෙන ඇතුල් වෙන්න හැදුවට බැහැ..ගේට්ටුවම ලොකුයි නැවක රුවල් සොල්දරයක් තරමේ..වට පිට බලලා , වැටෙන් පැනලා තමයි අපි ඇතුල් උනේ..ඒවා ඉතින් වෙනම කතා නෙව..ඒවා වැඩක් නැහැ...කොහොම ගියාම මොකද තමන්ගේ සීයගේ ගෙදට්ට ..නැද්ද මන් අහන්නේ ..?



                 වත්ත පුරාම දැවැන්ත ඕක් ගස් වලින් හෙවණ වැටිලා , අඳුරුයි .. ගස් කොළන් උනත් හෙලවෙන්නේ නැහැ ,හුළං හමන්නෙ නැහැ ..පරිසරයම පාළුවට ගියපු , යෝධ නැවක හුරුවක් ගත්තේ.අපි දෙන්නා චන්ඩි පහට වැට පැනලා ආවට , අඩි දෙකක් යන්න කළින් ඇඟේ මයිල් කෙළින් වෙලා යටි බඩ හිරි වැටෙන්න ගත්තා මේ පරිසරයේ වෙනසත් එක්ක..බැලු බැලු අත මළ මිනි වගේ නිසොල්මනේ අපි දිහා බලන් ඉන්න දැවැන්ත ඕක් ගස් ...


             ඒ හැම ඕක් ගහක්ම කිව්වේ එකම දෙයක් විතරයි , ඈතින් පෙනෙන මන්දිරේ දිහාට අත දික් කරමින් වගේ " අර පැත්තෙන් සර් , අර පැත්තෙන් සර් " ..


මෙම කතා මාළාව සඳහා ඉදිරියේදී අතුල සිරිවර්ධන මහතා ව්සින් සිතුවම් නිර්මිත කරණු ලැබේ.



                අපි දෙන්නත් හෙමීට හෙමීට ඇවිදගෙන යන්න පටන් ගත්තා මාළිගාව දිහාට , අපි එනතුරු අපිව පිළිගන්න බලන්න ඉන්න අමුත්තා ගැනත් හිතමින් ... අක්කර ගාණක් මැද්දෙ තනි උන පාළු මන්දිරයක ජීවත් වෙන එක මොන තරම් භයංකර දෙයක්ද කියලා වැටහෙන්න ගත්තේ මෙහෙම ඇවිදිමින් ඉස්සරහට යද්දී ...මහ මුහුදේ තියෙන පාළු ගල් පර රාශියක් මැද්දේ , අඳුරු කුණාටුවක් තියෙන වෙලාවක , යෝධ රුවල් නැව් සමූහයක ප්‍රධාන අද්මිරාල් විදිහට රාජකාරී කරද්දී දැනෙන හැගීමත් මෙහෙමම වෙන්නෑති නේද කියලා මට දැනුණා..ඒ එක්කම මුළු ඇඟම හීතල වෙලා ගියා..ඉස්සරහට තියන අඩියක් අඩියක් ගානේ හිත බයෙන් මිරිකිලා යනවා...දැන් ආයේ හැරෙන්නත් බැහැ..

ටිකෙන් ටික මන්දිරේ පේන ඉස්සව්වට ලන් උනා. ...






             දොරකඩම තියෙන  දිය පොකුණක් ඇහැ ගැටුණේ මේ වෙලාව්දී..ඉහින් කණින් දාඩිය දාගෙන එමින් තිබුණ නිසා වතුර ටිකක් මූණට ගාගන්න කියලා හිතන් පොකුණ කිට්ටුවට උනා අපි දෙන්නා .. මම ඇඳන් හිටපු ඝන ලෝම හමෙන් හදාපු උඩු කය කබාය ගලවලා පොකුණ අද්දරින් තියලා , හෙමීට අතින් වතුර ටිකක් ගන්න විල් කණ්ඩියට ලන් උනා..මෙහෙම ඉන්න අතරේ මම දැක්කා රත්තරන් පාට යෝධ මාළුවෙක් වගේ දෙයක් දිය ඇතුළේ ඉඳන් උඩට ඇදීගෙන එන බව..අඩිය ටිකක් පිටිපස්සට කරන් ඈත් වෙලා බලන් හිටියත් දිය මතුපිටටම ආවේ නැහැ ඒ අමුතු චායාව..මමත් ඉතින් මූණට දිය දාගෙන , අත් ලේන්සුවෙන් මූණ පිහ දමමින් ඉන්න අතරේ මට දැනෙන්න ගත්තා , කව්රුන් හෝ මා දිහා බලන් ඉන්න බව.. ( කෙනෙක් අපි දිහා බලන් ඉද්දි අපිට ඒක දැනෙන්නේ..ආන්න ඒ වගේ දෙයක් මේක )

එක ක්ෂණයෙන් මගේ ඇහැ ගියේ වතුර විලේ හිටපු රන්වන් පාටක් තිබුණ රූපෙට.. ..


              දෙවියෝ සාක්කි දෙයියනේ... මට ඇස් අදහාගන්න බැරි උනා මගේ ඇස් ඉස්සරහ ඉන්න කෙනා දැක්කම.. " සීයේ සීයේ මේ බලන්නකෝ " කියලා මට කියවුණේ ඉබේටම..මා පිටිපස්සෙන් හිටපු සීයත් එහෙමම ඉඳන් මා දිහා බැලුවා..

" අනේ පුංචි කෙල්ලේ උඹ තාමත් ඉන්නවද " කියලා සීයට කියවුණේ එතකොට ... ඒක හරිම වේදනාත්මක ස්වරයකින් සීයට කියවුණේ..


             ඒ පුංචි රූපෙත් අපි දිහාම බලන් උන්නා එක දිගටම ... සීයා දිහාත් , මා දිහාත් කීප විටක් මාරුවෙන් මාරුවට බලලා නැවත නොපෙනීම ගියා දිය ඇතුළට... මගේ තොල කටත් වේලිලා ගියා මේ වෙච්චි දේට.. මම නැවත සීයා දිහාට හැරුණට , එයා ඒ වෙනකොටත් හිටියේ මන්දිරේ දොර ළඟ.. කලුවර ලීයෙන් කැටයම් කරලා හදාපු අඩි 14 ක් විතර උස , අඩි 6 විතර පළල විසාල දොරක්...




              දොරේ තිබුණ සීණුව තුන් පාරක් හැඬවීමත් එක්කම විසාල සද්දයක් නගමින් දොර ටිකෙන් ටික ඇරෙන්න ගත්තා..අපිවත් බලෙන්ම වගේ මන්දිරේ ඇතුළට ඇදිලා යනවා වගෙයි දැනුණේ... ..


               කොටි හමෙන් හදාපු විශාල බුමුතුරුණුවකින් මුළු බිම් මහලම වැහිලා ගිහින් ... දැවැන්ත කොටියෙක් උඩින් නේද අපි ඇවිත් තියෙන්නේ කියල දැනුණේ ,දොර වැහෙන සද්දේ ඇහිලා මම පිටිපස්ස බලපු වෙලාවේදී..ඇතුළු වීමත් එක්කම මනරම් විසිත්ත කාමරයකට නිරාවරණය වුණු මුළු ගේම යුරෝපීය ගෘහ භාණ්ඩ වලින් පිරිලා , ගේ ඇතුළේ තියෙන අඩ අඳුර එක්ක ඒ හෑම දෙයක්ම පේන්නේ නිසොල්මන් මළ සිරුරු වගේ... ගේ ඇතුළෙන් සහන් වීණා හඬක් සමග මුහු වෙච්චි හුළඟක් හමනවා වගෙයි ඇඟට දැනුනේ ...


" මේ මහත්තුරුන්ව පිළිගන්න ලොකු මහත්තයා උඩ අමුත්තන්ගේ කාමරේ බලන් ඉන්නවා. කරුණාකරලා මා පසු පසින් එන්න. " කියලා ස්කෑන්ඩිනේවියන් උච්චාරණයක් තිබුණ , ඉතාම සුහදශීලී විදිහට අපව ආමන්ත්‍රණය කරපු , වයස් අවුරුදු 24 ක් විතර වෙන සුරූපී තරුණ ස්ත්‍රියක් අපි ඉදිරියේ පෙනී හිටියේ වීණා රාවයට හිත යමින් තියෙන මොහොතේ..!

               මගේ තනියට සීයා ළඟින් ඉන්න නිසාත් , ඔහු පළපුරුදු කාරයෙක් බව තේරුම් ගිය නිසාත් නොවෙන්න නම් , මේ වන විට මගේ කියුම් කෙරුම් අහවර වී ඇති බව මට තේරුම් ගිහින් තිබුණේ... කර වැහෙන්න සුදු පාට සේද සළුවක් තිබුණ තද රත් පැහැදිගු ගවුමකින් සැරසිලා ඇය හිටියේ.. රන් වන් පාට දිගු කොණ්ඩය , හිසේ උඩට වෙන්න කොණ්ඩා මෝස්තරයක් ආකාරයට ගොණු කරලයි තිබුණේ..ඇගේ සිහින් ගෙලත් , කේස් කළඹත් අතර වෙනස සෙවිය නොහැකි තරම් ඇගේ සම දීප්තිමත්..




" මා පසු පස එන්න මහත්වරුණි "
යැයි නැවත අපව අමතමින් , ඇසින් ඉඟි කරමින් උඩු මහළ වෙත දිවෙන දැවැන්ත තරප්පු පෙළ වෙත අත දිගු කරමින් ඇය කියා සිටින්නට උනා..



                මන්දිරයේ දොරෙන් ඇතුල් වූ වේලේ සිටම මගේ කට මදක් විවර වී ඇති බව මට සිහියට නැගුනෙත් , මැය නම් හැබෑම රූපවන්තියක් යැයි සිහියට නැගුනෙත් එක විටද දැයි නොතේරේ.

                   අප දෙදෙනා ඇයත් සමග උඩුමහලට යෑම සඳහා පියවර තැබීම ආරම්භ කළෙමු.. අති දැවැන්ත ලී පළසක් මතින් ගමන් ගන්නා යැයි හැගීමක් තමයි හිතට දැනුණේ.. අත් වැට පුරාවටම සුමට ලී කැටයම්.. මන් හිතන්නේ සියවස් කීපයක් තිස්සේ රජවරුන් , රාජිණියන් , මහා නැවියන් ස්පර්ශ කරපු අත් වැටක් සහ තරප්පු පෙළක් ඔස්සේයි අපි මේ ගමන් ගන්නේ.. " සියවස් ගණනාවක සිට " ඒ සෑම කෙනෙක්ටම උඩු මහළට යෑමට පාර කියූ රුවත්තියද මේ ...?


                මගේ සිත නැවත මේ තරුණ කාන්තාව දිහාට වේගෙයෙන් ඇදි යමින් පවතින බව මට දැනුණා.." සියවස් ගණනාවක සිට " කියලා කොටසක් මගේ හිතට කොහෙන්ද ආවේ මේ තරුණ ළමයා ගැන මතක් වෙද්දී ?


" මහත්වරුණි මේ පැත්තෙන් හැරෙන්න "
නැවතත් මේ තරුණිය ඉතාම ආචාරශීලීව අප ඇමතුවා ...


                  රතු පළසක් මැදින් දිවෙන දිගු කොරිඩෝවක් දිගේ අපි දිගටම ගමන් ගත්තා.. යාර 2න් 2 ට වගේ දුරකින් මී ඉටි වලින් හැදුන යෝධ ඉටි පන්දම් වලින් කොරිඩෝව ආලෝකමත් වෙලා තිබුණේ..ටිකෙන් ටික වීණා නාදය සහ සුළඟ මුහු අමුතු හැගීම වැඩි වෙන බව තේරුම් ගියා... මේ හුළඟ හමන්නේ කොරිඩෝව දිහායින් බව මට හොඳටෝම තේරුම් ගියේ ඉටි පන්දම් වල ගිණි දැල්ල දැකීමත් එක්ක ... සියලුම ගිණි දැල් හුළං හමන දිහාවට හැරිලයි තිබුණේ... ..



                    ටිකෙන් ටික කොරිඩෝවේ අවසානයට ළඟා වීමත් සමගම තරුණිය වම් පසට වී නැවතෙමින් අප වෙත පවසා සිටියේ මහත්වරුණි , ඔබ දෙදෙන පිළිගැනීමට ශ්‍රීමත් අද්මිරාල් ෆර්නැන්ඩෙස්කි බලා සිටින බවත් , මින් ඉදිරියට මාගේ සේවය අවශ්‍ය නොවන බැවින් පිටත් වීමට අවසර දෙන ලෙසත් ආයාචනා කරමිනි. හඬට අනුරූපව තරුණියගේ තොල් සෙලවුණද , හඬ නැගෙන්නේ ඇගේ මුවින් නම් නොවේ.. ඒ බව මට තේරුම් ගියේ ඒ වන විට අප අතර පරතරය යාර දෙකකටත් අඩු වූ නිසාය...ඇගේ හඬ නැගෙන්නේ යෝධ ඉටිපහන් වලින් නික්මෙන ගිණි දැල් වලිනි .. ඈ සිටි තැනට දෙපසින් තිබු ගිණි දැල් නිසොල්මන් වී ඇති බවත් මට පසක් විය.


               මගේ සීයා විධානයෙන් ඇයට පිට වන්ට සන් කළ විගසම " මා සමුගන්නම් පුංචි මහත්තමයා " යනුවෙන් පවසා , මට අචාර කරමින් ඇය යන්නට සැරසුණාය. ඈ කොරිඩෝව තුළින් ඈතින් ඈතට ඇවිද යන අන්දම මා බලා ගත්වනම බලා සිටියේය..



" මෙහෙන් යමු පුතා "
මගේ සීයා මෙතැන් සිට මග පෙනවන්නා බවට පත් විය..


" ඔය දිගු කබාය ගලවන්න දරුවෝ ,එවැන්නකින් තව දුරටත් ප්‍රයෝජනයක් වෙන එකක් නැහැ ඔබට. " එසේ කියමින් ඔහු , ඔහුගේ දිගු සීත කබාය , කබා රඳවනයේ තැබීය....


                  මා ඇඳ සිටි කබාය ගැලවීමත් සමගම තද සීත සුළඟකින් සිරුරම වේලි ගියද මොහොතක් තුළ එයට හුරු වූ ස්වභාවයක් ඇති විය.අප සිටියේ යාර දහයයි පහළොවේ තරම් වූ කාමරයකය. කාමරය පුරා පහන් එළියකි , නා නා විදියේ ගෘහ භාණ්ඩත් , ග්‍රහ ලෝක වල ආකෘති , සෞරග්‍රහමණ්ඩලයේ ආකෘති , දුර දක්නා ඇටවුම් , මූර්ති , පිළිම , සත්ව හමින් පදම් කල කැන්වස් මත ඇඳි දැවැන්ත ලෝක සිතියම් , වරායන්හි සිතියම් , යුරෝපීය නගර සිතියම් , පෘතුවියේ ආකෘති , හරස්කඩ ආකෘති , නාවික යාත්‍රා වල ආකෘති , යෝධ රුවල් නැව් වල චායාරූප , පැරණි මාළිමාවන් , පැරණි කෝණික මිමි ලබා ගත් උපකරණ , පොත් රාක්ක වැනි නොයෙක් දේ දිස් විය..


" මෙහෙන් එන්න . ඔබේ ඥාති මිතුරා ඔබව දකින්න ආසාවෙන් ඇත්තේ. ඔබ උපන් දා පැමිණ ගියද නැවත ඔබව දැක නැහැ ඔහු . එන්න මෙහෙන් එන්න.. " යැයි කියමින් දුම් උදුන අසළ ඇති සුව පහසු ලෝම සමෙන් සැදි දැවැන්ත සෝපාව අසළට ගොස් ,


" ග්‍රුම්ම් ග්‍රුම්ම්ම් ග්‍රුම්ම්ම්ම් " යැයි යටහත් හඬින් සීයා උගුර පාදමින් අප පැමිණ ඇති බව අඟවන්නට මෙන් සන් කළේය...



" ඕ හෝ හෝ හෝ ..... මගේ පුංචි ශර්මි ...! එහෙනම් ඔබ පැමිණියා අන්තිමට මේ මහළු මිනිසාව බලන්න . ඔබ උපන් දා ඔබේ මවත් , ඔබවත් දකින්න මා පැමිණියා... එදා නම් ඔබ මවට තුරුළුව සුව නින්දේයි පසු උනේ... අද ඔබ මනරම් ඉලන්දාරියෙක් ...! මට බොහෝම සතුටුයි මගේ පුංචි ශර්මි..."



" ඉතින් මගේ පුංචි ශර්මි , කරුණාකර අසුන් ගන්න . මේ සියල්ල ඔබේ මෙන් පරිහරණය කරන්න , මේ සියල්ල මා ඔබ වෙනුවෙන් එක් රැස් කළ වස්තුවයි . එන්න එන්න මේ ගිණි උදුන අද්දරට එන්න .. ඔබට මේ සීත දරන්න බැරුව ඇති මගේ දරුවෝ " ගිණි උදුනට ඔබ්බෙන් වූ ආසනයෙහි සිට කාමරයම දෝංකාරය නංවමින් ශ්‍රීමත් අද්මිරාල් ෆර්නැන්ඩස්කි ඔහුගේ හඬ අවදි කර ඇත...


" කරුණාකර අසුන් ගන්න පුංචි ශර්මි සමග " ඒ අද්මිරාල් ෆර්නැන්ඩස්කි මගේ සීයාට ලබා දුන් විධානයයි ..


                  මා නොදැනුවත්වම අසුන් ගැන් වීණි ..ඇත්තෙන්ම මේ විසාල මන්දිරයේ වත්තට ඇතුළු වූ මොතොතේ සිටත් , මන්දිරයට ඇතුල් වූ මොහොතේ සිටත් , මට මගේ ශරීරයේ පාලනය අහිමි වී ඇති බව තේරුම් යන්නට විය.. බිඳකට හෝ සිහි එළවෙන්නේ නම් ඒ , අර තරුණ ස්ත්‍රියගේ රූපය ගැන මෙනෙහි වන විට පමණි ..

" ඉතින් කියන්න මගේ දරුවෝ වසර ගණනකට පසු මා මුණ ගැසීමට තරම් ඔබේ සිතට වද දුන් කාරණාව කුමක්ද ...? මගෙන් මොනවාද ඔබට දැනගන්නට උවමනා .. ඔබේ සිත උනන්දු කළ කාරණාව කුමක්ද මගේ දරුවෝ ...? "


" ඉහි ඉහි ඒන්ග්.. එහ්හ්හ්හ්හ්හ් ...... " ( මගේ මුවින් කෙඳිරිලි හඬක් මිස වචන නම් පිට නොවේ..)


" හොඳයි මිගැයිල් ඉතින් කෙසේද ඔබේ සුව දුක් ? සීත යන්නත් එක්ක අපි උණුසුම් දෙයක් පානය කරමින්ම කතා බහ ආරම්භ කරමු.. අපේ පුංචි ශර්මිත් කැමති වේවි ඒ අදහසට ..එහෙම නේද මගේ ශර්මි..? ඉතින් කියන්න මොනවද ඔබ කැමති මේ සැන්දෑවේ රස විඳින්න ...? " මගේ සීයාදෙසටත් මා දෙසටත් ආමන්ත්‍රණය කරමින් කපිතාන් ...


" ආසියානු තේ , කෙන්නියානු කෝපි , ඇරැයිබියන් කිරි ? කියන්න මොනවද ඔබ කැමති මේ සැන්දෑවට එක් කරගන්න ශර්මි...? "



" කරුණාකර කැමති දෙයක් පිළිගන්න පුංචි මහත්මයා " ඒ අන් කව්රුන් වත් නොවේ මීට සුළු වෙලාවකට ඉහතදී අපෙන් සමුගෙන ගිය රන්වන් පැහැ සුරූපී තරුණියයි .. ඈ දැන් පැමිණ ඇත්තේ රෝද සවි කල පුංචි තේ මේසයක්ද සමගිනි ,මේ පුංචි තේ මේසයේ යට තට්ටුවේ ඇත්තේ ගිණි උඳුනකි... බඳුන් කීපයකට පිරවූ නොයෙක් වර්ගයේ උණුසුම් පානයන් සමගින් මා අභියස ඇය විද්‍යාමානව සිටි... ඇගේ සියොළඟ පුරා ගල්වා ඇති මත් කරවන සුළු පියරු වලින් වෑහෙන සුවඳද මට දැනෙන්නට විය .. එය එතරම්ම ආශ්වාදයක් ගෙන දෙන්නට සමත් වන්නකි .



" මගේ පුංචි ශර්මි , හඳුනාගන්න මේ ඉන්නේ මිශැයිලි . ඇය ඉදිරියේදී ඔබට බොහෝ උදව් කරාවි . මා නැති විටක ඔබේ සියලු අවශ්‍යතාවයන් ඇය විසින් ඉටු කර දේවි ඉතා කාරුණිකව..දැන් කරුණාකර ඔබේ ගත උණුසුම් කරගන්න ... " අද්මිරාල් වරයා මා අමතමින්..


" මිශැයිලි , අපේ පුංචි අමුත්තාට ඔහු කැමති දෙයක් පිළිගන්වන්න .මා සිතන්නේ ඔහු බොහෝම නොයිවිසිලිමත්ව ඉන්නේ ගත උණුසුම් කරගැනීමට නොහැකිව "


" පුංචි මහත්මයාට උණුසුම් කිරි ටිකකුත් පිළිගන්වන්නද ? ඔබ කැමතිද එවැන්නකට ? " ඕනෑම පිරිමි සිතක් එක් නිමේෂයෙන් මත් වන රූපයකින් යුතු ඇය , කෝපි බඳුන මා වෙත පිළිගන්වමින් ඇසීය ..


" ඔව් කරුණාකර මිශැයිලි " යැයි කියමින් මා මේ ඇයට ඉඩ දුන්නේ , ඇගේ සියොළඟින් වෑහෙන රන් වන් කාන්තියත් , මත් වන සුළු සුවඳත් විඳින්නටය...


****************

Shermie and Miguel | රාත්‍රියේ වෙරළ කොනේ මුණගැසුණු අමුත්තාගේ රහස !|




97 comments:

  1. ඔක්කෝම බොරු නෙව/// හැක්

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් මෙයා යන්න ... ( කොපි රයිට් මාරයියා සතුයි )

      Delete
  2. නියමයි !!!

    නව ආරක කතාවක් වේවි...මමත් හරි ආසයි මුහුදු ගමන් ගැන කියවන්න.. අර මෝබි ඩික් වගේ ඒවා.. ශර්මිගෙ සීයගෙ සීයත් මෝබි ඩික්ලා එක්ක ෆයිට් කරලා ඇති නේද ?

    ReplyDelete
    Replies
    1. ස්තූතිය් සෙන්නා..ඔව් ඔව් මේ ඉන්නේ නාවික සෙන්පතියෙක් අවුරුදු 300 විතර තිස්සේ මුහුදෙම ජීවත් වුණු..ඉතින් ලොකු අද්දැකීම් ටිකක් ඇති එයා ළඟ ,බලමු ශර්මි ඒවා ගැන අහලා එකින් එක දැනගන්න හැටි..
      ස්තූතියි සෙන්නා දිගටම එන්න...

      Delete
  3. මට හිතෙන්නේ මේක නිකම්ම නිකන් කතාවකට එහා ගිය පොස්ට් එකක ආරම්බයක් කියලා. බොහොම ලස්සනට ලියලා තියෙනවා. ඉතිරි කොටස දාන්නේ කවදද සහන්?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එක ඇත්ත අයියේ ..පටන් ගැනීම එක්ක දැනෙන හැගීම නෙවේ කතාවේ ඊළඟ කොටස් වල තියෙන්නේ...රුවල් නැව් යුගයේ මුහුදු ගිය කපිතාන් වරයෙක් කියන්නේ අද්දැකීම් සාගරයක්නේ..ඒ අද්දැකීම් ටිකෙන් ටික එයා එළි කරාවි ශර්මිට.ශර්මි අතේ තමයි සියල්ල තියෙන්නේ..බලමු මුහුදු ගිහින් මාළු අල්ලන් ඒවිද කියලා...

      බොහෝම ස්තූතියි කතාව රස විඳීම ගැන..ඉඩක් ඇති වෙලාවට නැවත එන්න..

      Delete
  4. අපේ පවුලෙත් එකෙක් උන්නා.. ඌට වැස්ස කාලේටයි.. සීතල කාලෙටයි පිස්සු තදවෙනවා...

    හැරි පොටර් මතක් උනා.....

    ReplyDelete
    Replies
    1. සල්ලි නම් ඕසෙට හොයන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්..හැබැයි ජීවිතේ නැති වෙනවා..සල්ලි ටිකක් හොයන් එනවා කියලා යන මිනිස්සු අවුරුදු 20 , 30 කට ආයේ එන්නේ නැහැ රහ වැටුණම...( ආසාව තිබ්බට හැමෝටම කරන්නත් බැහැ සබ්ජෙක්ට් එක..)

      Delete
  5. අතුල සිරිවර්ධන කියන්නෙ කවුද බන් ? හොඳට අහලා පුරුදු නමක්..

    ReplyDelete
  6. හරිනම් ඉතිං මුහුදු වික්‍රම වල කෙල්ල සෙට් වෙන්න ඔනේ මුහුදු ගිහින්,,, කටු කාලා අනාත වේලා නන්නතාර වෙලා ඔය අන්තිමට......එකට සහනයා මුහුද දකින්නත් කලින් කෙල්ල!!!!!!

    ReplyDelete
    Replies
    1. හා හා එහෙම හිතන්න එපා..තාම කෝපි කෝප්පේ වත් බීලා ඉවර නැහැ.අපි බලමු ඉස්සරහට වෙන දේ...මේ ගජින්ගේ පළවෙනි ආගමණයද , මීට කළින් ආව වගෙත් මතකයි.කොහොම උනත් සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට..දිගටම එන්න..

      Delete
    2. ඔය නිතර දෙවේලේ කොමේට් කෙටුවේ නැති වුනාට උඹේ ලිපි හැම එකක්ම වාගෙ මං කියවනවා...

      Delete
  7. අඩේ, මාගල් මුදියන්සේ, මාරයි ඈ... මේ කතාව කියවද්දිනෙ හිතෙන්නෙ මං ලියන ගජබින්න මොනවද කියලා.

    අඩෝ මං ලේ බිව්වට කාණු පල්ලෙ හිටියෙ නෑ හරිය? මං අමද්‍යප වීරයෙක්. තැන තැන ගිහිං ලේ බොන් නෑ මං. මට එකවුන්ට් එකක් තියෙනවා ලේ බැංකුවෙ.

    ReplyDelete
    Replies
    1. කතාවට ඇබ්බැහි වෙලා අමතක උනා නෙව. ටැංකුයි ඈ, මට දුන්න පබ්ලිසිටියට.

      Delete
    2. ස්තූතියි draki කතාව කියැවීම ගැනත් අගය කිරීම ගැනත්... අපෝ අපේ සීයා කිව්වා ඔහේලැයි කෙරුවාව ..ඉන්නකෝ ඒ ගැනත් ලියවෙනවා ඉස්සරහට...


      ඒකට අවුලක් නැහැ මචන්..අන්තර්සහයෝගය අවශ්‍යකාලයක් මේ..පොදු සතුරා වෙනුවෙන් පෙළගැහීමක් නෙව අපි අතර තියෙන්නේ...

      Delete
    3. මාගල් මුදියන්සේ.... නියම නම ඩ්‍රැකී...

      Delete
    4. මම නෙමේ මේ අටං දාපු නමක්නේ. කවුරු දැම්මත් නියම නම තමා.

      Delete
  8. ඇත්තටම විදේශීය ඌරුවක් තියෙන කතා කියවනන මම කම්මැලියි, මොකද ඒවා ලියන පරිවර්තනය කරන ගොඩක් අය එක කතාවක් කියන හැංගීම දෙන්න දන්නේ නෑ, නමුත් මේකනම් ආසාවෙන් කියෙව්වා, ලියපු විදිහ හා ප්‍රවිෂ්ටය විශිෂ්ටයි .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවෝන් අගය කිරීම ගැන...කෙනෙක් ආසාවෙන් බලනවා කියලා දැනෙද්දී සතුටු හිතෙනවා ..ඒ අද්දැකීම බ්ලොග් කරන අය වශයෙන් අපි හැමෝටම තියනවනේ..

      ඉදිරි කොටස් කියවන්න එන්න ඉවෝන්..

      Delete
    2. ඒ නම පොරට රෙජිස්ටර් කරමුද

      Delete
  9. මේ කතාව අන්තිම ඉහලයි.ඒ නිකමට නොවෙයිඔ.අමුතුම රටාවක් මේකෙ තිබෙනවා.බ්ලොග් ලෝකෙ ඒකාකාර බව නැතිවෙන්නෙ මේ වගෙන් තමයි.ඒක නොවෙයි ඇත්තටම ඔබට විදේශීය සම්භවයක් තිබෙනවද?එහෙම තිබෙනවානම් ලානරෝල් ලාට මෙන්ම උසස් එකක් වෙන්න ඕන.ශර්මී ෆර්නන්ඩෙස් ලස්සන නමක්.ඒකට ස්පාඥ්ඥ මූලයක් ඇති.මම අසා ඇති ලෙස ෆර්නනඩෙස්,කූඤ්ඤ,ෆින්ටෝ වගේ නම් රදළයන්ගේ වාසගම්.ඒ එසේනම් ඔබ ගැනත් රසවත් කතා ඇතැයි මට සිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මුල්ම පරම්පරාව 1200 දී වගේ ස්පාඥ්ඥ කිරීටය වෙනුවෙන් යුධ වැදුන අය..පස්සේදී පිරිනමපු නම්බු නාමයක් තමයි මේ..සියවස් ගණනාවක් තිස්සේ ප්‍රංශය මුල් කරගෙන නැවත පැතිරිලා..නැව් ගමනා ගමනය එක්ක ලෝකේ පුරා පැතිරිලා අද වෙනකොට...මුල්ම පරම්පරාව ලංකාවට ආවේ 1620 ගණන් වලදී.එදා ඉඳන් ලංකාවෙත් පැතිරෙනවා..බොහෝ දෙනා 1900-30 විතර වෙද්දී නැවත ලංකාව අත් හැර ගිහින් තියෙනවා මුල් රටවල් වලට..අද වෙනකොට ලංකාව තුල 2000 පමණ පිරිසක් ඉන්නවා පිරිසිදු ෆර්නෑන්ඩෙස්ලා...සියලු දෙනාම දන්නවා අසවලාගේ අසවලා කියන්න...

      වැදගත්ම ලක්ෂණයක් තමයි ෆර්නෑන්ඩස්ලා පවුල් නාමය ඉස්සරහට ගෙනියන්නේ නැහැ ( අත් හරිනවා ) විවාහයේදී හෝ දරුවන්ට නම් තැබීමේදී..ගෙනියන්නේ පෙළපත් නාමය විතරයි..එහෙම කරන්නේ පෙළපත රැකගන්න...සියවස් ගාණක් තිස්සේ එන සම්ප්‍රදාය කඩන්නේ නැහැ...

      තවත් දෙයක් තියෙනවා මවගේ මුල් නමෙහි කොටසක් දියණියන්ට දායාද කළ හැකියි..එමගින් දියනිණියන්ගේ පවුල් නාමය හඳුනා ගන්න පුළුවන් ..පුතුන් ගෙන යන්නේ පෙළපත් නාමය පමණයි..


      බොහෝම ස්තූතියි ලිය වරුණ මේ බ්ලොගයට ගොඩ වැදීම ගැන..ඉදිරියේදී එන කොටස් වලදීත් තව බොහෝ දේවල් ඔබට දැනගන්න ලැබේවි..ඒ සියල්ල සඳහා පැමිණෙන්න...

      Delete
    2. සහන්, පෙළපත් නාමය සහ පවුල් නාමය අතර වෙනස මොකද්ද? පෙළපත් නාමය කිව්වේ වාසගමද?

      Delete
    3. බොලේ කොරවෙන ප්‍රශ්ණයක්නෙ..?

      Delete
    4. පෙළපත් නාමය කියන්නේ නමට කළින් එකතු වෙන ටිකට..නමට පස්සේ එකතු වෙන ටික පවුල් නාමය.( ශ්‍රී ලාංකික පවුල් නාමකරණයේදී )


      " දිසානායක මුදියන්සේලාගේ සයුරි තාරකා ගුරුසිංහ " කියන නමේ

      පෙළපත් නාමය = දිසානායක මුදියන්සේලාගේ
      පුද්ගල නාමය = සයුරි තාරකා
      පවුල් නාමය = ගුරුසිංහ ( මෙයට යොදාගත යුත්තේ පියාගේ නාමය ..ඒත් ලංකාවේ මිනිස්සු මේ දේවල් ගැන දැනුමක් නැති කමින් එක එක දේවල් පටලනවා )

      ෆර්නෑන්ඩස්ලගේ දුවණියන්ට " සයුරි හෝ තාරකා " කියන නම තමන්ගේ දුවණියටද දෙන්න පුළුවන්..
      උදා :- දිසානායක මුදියන්සේලාගේ සයුරි තරූෂි ගුරුසිංහ .. මේ ක්‍රමය නිසා පවුලේ දුවණියන් කාගේ කව්රුන්දැයි හඳුනා ගන්න පුළුවන් ...මේ සයුරිගේ දුවෙක් කියන්න එතකොට අපි දන්නවා..මට පුළුවන් බය නැතුව මගේ පුතාව සයුරිගේ දුවෙක්ට විවාහ කරලා දෙන්න..:P

      හැබැයි පුතුන් ගෙනියන්නේ පෙළපත් නාමය විතරයි , පවුල් නාමය අත් හරිමින් පෙළපත් නාමය පමණක් අගට භාවිතා කරනවා..

      ( ලංකාවේ අය මේ ක්‍රමේට නම් දාන්නේ නැහැ.. )

      Delete
    5. බොහොම හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි සහන්. මේකට අනුවනම් අපෙත් පවුල් නාමය කියන එකනම් පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ අපේ පරම්පරාවේත් වාසගම ඉදිරියට ගෙනයනවා මිසක් තාත්තගේ නම ඈඳ ගන්නේ නැහැ. ඒ කියන්නේ පවුල් නාමය කියන්නේ තනි පවුල් ඒකකයකට පමණක් පොදු දෙයක්, මම තේරුම් ගත්තා හරිනම්.

      ඉස්සර "වන්නිආරච්චිලාගේ සයුරි තාරකා" කියලා ළමයෙක්ට නම තිව්වොත් වන්නිආරච්චිලාගේ කියන්නේ වාසගම. සයුරි තාරකා කියන්නේ නම (අහවලාගේ අහවලා කිව්ව්වා වගේ). පස්සේ සුද්දගේ ක්‍රමේ ආවම කට්ටිය නම අගට වාසගම දාන්න ඕන උනාම සමහරු නම මුලින් තිබ්බ වාසගම කපලා අගට දැම්මලු මේ විදියට..

      සයුරි තාරකා වන්නිආරච්චි

      තවත් අය මුලට අගට දෙකටම වාසගම දැම්මලු මෙහෙම

      වන්නිආරච්චිලාගේ සයුරි තාරකා වන්නිආරච්චි :)

      තවත් අය වාසගම මුලට තියෙද්දී අගට තාත්තගේ හරි සීයාගේ හරි "නම" දාගත්තලු..මේ වගේ

      වන්නිආරච්චිලාගේ සයුරි තාරකා ගුරුසිංහ. "ගුරුසිංහ කියන්නේ තාත්තගේ හෝ සීයා ගේ නම". හරි නේද? මෙහෙම දාගනිපු අයට ටිකක් පැටලිලි සහගත දේවල් සිද්ධ වෙනවා. මොකද එයාලගේ දිගට ගෙනියන්න උවමනා නම වෙන එකක්. වාසගම හැටියට පාවිච්චි වෙන්නේ ඇත්තම වාසගම නෙමෙයි, වෙනත් එකක්. ඉදිරි පරම්පරාවලටත් ඔය ගුරුසිංහ කියන එකම වාසගම හැටියට යනවා ගොඩක් වෙලාව, විච් ඊස් රෝන්ග් :).

      මම ඇත්තටම අයිති වෙන්නේ මුලින්ම කියපු කාණ්ඩයට. අපේ සීයා සුද්දගේ ක්‍රමේට නම හදන්න ඕන උනාම මුලින් තිබුන වාසගම කපලා අගට දාලා

      Delete
    6. ඕක හින්දා තමා අපේ නම් දැකපුවම පිටරට උන් ඔළුවෙ අත් ගහගන්නෙ..ඔය වන්නිආරච්චිලාගේ වගේ දිග නමක් ඉංග්‍රීසියෙන් ලියලා කියවන්ඩ ගියාම කොහොමද ? අපිටත් අමාරුයි කලින් නොදැන හිටියොත්. ඕක මුලටයි අගටයි දෙකටම ආපුවම අනේ උන් අනාතයි..

      දැන් එතකොට සහන් ඇත්තටම ෆර්නැන්ඩෙස් කෙනෙක්ද ? සීයලා, මුත්තලා ඇත්තටම ගවේශකයොද ? මම දැනගෙන හිටපු විදිහට සහන් බෞද්ධයෙක්. එතකොට එහෙම වුනේ කොහොමද ? ( පුද්ගලික ප්‍රශ්ණ ඇසීම ගැන සමාවෙන්න. ඇතිවුන කුතුහලය නිසා ඇහුවෙ. පිළිතුර දෙන්න අකමැතිනම් ඊලඟ තරග කරුට ප්‍රශ්ණය පාස් කරන්න පුළුවන්.. :D )

      Delete
    7. පර්නැන්ඩස් කියන්නේ අනුන්ගේ රිරිමාංසේ උරා බිව්ව කට්ටියගෙන් පැවත එන අය.. හැක්..

      Delete
    8. සහන් ගෙ පෙළපත් විස්තර හරිම කෞතුකයි, ඒ වගේම ඉන්ටරෙස්ටිං. කතාව ඉස්සරහට යන විදිහට වැම්පයර්, මර්මේඩ් වගේ චරිතත් එකතු වෙයි කියලා හිතෙනවා. ඩ්‍රැකියා ඒ ලෙවල් කාලෙ ලිව්ව කතාවක් තිබ්බා. ඒක පෝස්ට් කරන්න මාර උද්යෝගයක් ඇති වුනා මේ කතාව දැකලා.

      Delete
    9. @ දේශා :- එයාල දැනගන්න ඕනේ තමන්ගේ රීරි මාන්සේ අනුන්ට ගන්න නොදී රැකගන්න...:P

      @ වීයා :- නැහැ නැහැ සාර්ථකව පන්දුවට පහර දෙමින් ලකුණු 3 ක් සඳහා දිව ගියා..

      @ සෙන්නා :- සෙන්නා අහපු අනිත් හැම දේටම උත්තර ලේසියෙන්ම හොයාගන්න පුළුවන් මීළඟ කොටස් වලදී...අනිවාර්යෙන් ඔය සියල්ලම ඇතුළත් වෙනවා..ඒ වගේම හිතට නැගෙන ප්‍රශ්න අහන්න..අනිවාර්යෙන් උත්තර දෙනවා...

      ඔය නම් පළහිලව්ව ගැන කතා කරොත් එහෙම මහා අවුලක් මේ සිංහල නම් දැමිල්ල..කිසිම කෙනෙක් හරි අවබෝදෙකින් නෙවේ දරුවන්ට නම් දෙන්නේ..හිතු මතේ නම් දානවා..ඒකෙන් වෙන්නේ අවුරුදු 200 විතර යද්දී කාගේ කව්ද කියන දේ හොයන්න බැරි වෙනවා...පරම්පරාවේ දේපළ බෙදෙද්දී මේවා සැහෙන්න ගැටළු..නිරවුල් විදිහට දේපළ සහ පවුලේ රහස් රැකගන්න තමයි පෙළපත සහ පවුල් නාම අවශ්‍ය..අනිත් දේ තමයි පරම්පරාවෙන් රැකගෙන එන සියුම් ශාස්ත්‍ර තියෙනවා..ඒ දේවලුත් පිට යෑම වළක්වා ගන්නේ මෙවැනි ක්‍රම වලින්...( සයුරිට නම් අද්දැකීමක් තියෙනවා මම කරපු එවැනි දෙයක් සම්බන්ධව ..)


      @ සයුරි :- ඔයා හරියටම මම කියපු සිස්ටොන් එක අල්ලාගෙන තියෙනවා..ලංකාවේ අය දන්නේ නැහැ පෙළපත කියන්නේ මොකක්ද , පවුල කියන්නේ මොකක්ද කියලවත්..තමන්ගේ සීයගේ තාත්තා කව්ද , කාගේ කවද , පදිංචිය කොහෙද , රස්සාව මොකද , පවුලේ ඉතිහාසය මොකක්ද , ආදායම් මොනවද , පවුලේ රහස් මොනවද , දේපළ කොහෙද තියෙන්නේ වගේ දේවල් ගැන දැනගන්න ඕනේ..නියමිත වයසේදී දූදරුවන්ට මේ දේවල් කියල දෙන්න ඕනේ පවුලේ වැඩිහිටියෝ..එවැන්නක් ලාංකිකයෝ අතර වෙන්නේ නැහැ..ඉතින් බොහෝ දෙනා දන්නේ නැහැ තමන් කාගේ කව්ද කියන්න වත්..තමන් කාගේ කව්ද කියලා නොදන්න මිනිස්සුන්ට පුලුවන්ද දරුවන්ට තමන් ගැන අඳුන්වලා දෙන්න..?

      මට මේ දැන් මතක් උනේ..මම ඉතිහාසය විශයක් විදිහට ඉගෙන ගන්න කැමති නැහැ කියලා ඔයාගේ බ්ලොග් එකේම කිව්වා මතකද ..? දැන් බළකොට මාත් ඉතිහාසය ගැන සෑහෙන්න උනන්දු කෙනෙක් නෙව ... මට දැනුයි ඒක කල්පනාවට ආවේ..

      Delete
  10. ලිය වරුණගේ කුකුසම මටත් ඇති වුණා සහන්. මුලින්ම ඩ්‍රැකියට සප් එකක් දෙන ගමන් අමුතුම ආරකින් මේ කියන්න යන රසවත් කතාව අවසන් වෙනකම් කියවන්න මාත් එක් වෙනවා බොහෝම ආසාවෙන්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නලින් අයියේ..ඔබ මුල සිටම මේ බ්ලොගයට ආව පැරණිම සාමාජිකයෙක් ..මට මුල්ම සහයෝගය දීපු අයගෙන් කෙනෙක්..ඒ සියල්ලටම ස්තූතියි...දිගටම එන්න මේ කතාව බලන්න...ඒ වගේම අතුල සිරිවර්ධන මහත්මයගේ සිතුවම් වලින් මේ කතාව අලංකාර වේවි ඉදිරියෙදී..මම හිතන්නේ ඔබේ මිත්‍රයෙක් ඔහු...

      Delete
  11. මට ප්‍රශ්න 3 තියෙනවා සහන්ගෙන් අහන්න.
    1) මිශැයිලිගේ ෆෝන් නම්බරේ මොකක්ද.?
    2) මිශැයිලිගේ ස්කයිප් අයි.ඩි එක මොකක්ද..?
    3) මිශැයිලිගේ f.b account එක තියෙන මේල් එක මොකක්ද.?

    ReplyDelete
    Replies
    1. ආ තවත් එකක් අමතක උනා නොවැ අහන්න.
      ඔය අද්මිරල් ෆර්නැන්ඩස්කි අමරණිය පොරක්ද..?

      Delete
    2. එක දෙක සහ තුන සඳහා රැඳී සිටින්න :P අනිවාර්යෙන් අපි හොයන් යමු ඇය ගැන..ඊට කළින් තව කරන්න දේවල් , හොයන්න දේවල් ටිකක් තියෙනවා..ඒ අතරේ අපි අනිවාර්යෙන් හොයමු මිශැයිලි ගැන..

      ස්තූතියි මනෝජ් මේ කතාව කියෙව්වට..ඉඩක් ඇති වෙලාවට දිගටම එන්න කියවන්න...

      Delete
  12. ශා ....ඔය ලියලා තියෙන්නේ අපුරුවට ...ඉතිරියත් ලියමු ඉතිං

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි රෙහානි ..ඔයා කැමැත්තෙන් කියෙව්වා නම් ඒක සතුටක් මට...දිගටම එන්න කියවන්න ඉතුරු කොටස් ටිකත් ...

      Delete
  13. හොඳ ආරම්භයක් වගේ සීයා වගේ ප්‍රධාන චරිතය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගයනි..හැබැයි මේ කතාවේ මැද හරියක් යද්දී නම් මේ ආරම්භයෙන් වෙනස් පැත්තකට යනවා..ඒ වෙනසටත් ලෑස්ති වෙන්න හොඳද අනිවාර්යෙන් ...ඔව් ඔව් අද්මිරාල් වරයා වටා තමා කතාව ගොඩ නැගෙන්නේ...ස්තූතියි ගයනි මෙහි ඒම ගැන...ඊළඟ කොටස් සඳහාත් අනිවාර්යෙන් එන්න..

      Delete
  14. මේක කියවගෙන යනකොට මට නිකන් අමරණිය සීන් එකක් තමයි මතක් වෙන්නේ. අර ඈ හෙවත් අයේෂා පොත කියවනකොට දැනෙන හැඟීමම දැනුනා. හරිම අද්භූත හැඟීමක්.

    කතාව සුපිරියි. ඒකෙ ආයේ දෙකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සයුරි..ඇත්තටම ඔයා , හිරුවා , නලින් අයියා නිසා තමයි මම අද වෙනකම් බ්ලොග් ලෝකේ ඉන්නේ..මතකද අපි දෙන්න හම්බුණ හැටි ..:P

      මම මොන විකාරයක් දැම්මත් ඔයාල කීප දෙනා මා එක්ක හිටියා..මට ඒක අදටත් මතකයි සහ ගොඩක් ගරු කරනවා ඒ දීපු සහයෝගයට..ඉස්සර මතකද මේ බ්ලොග් එක තිබ්බ හැටි..? ඔහේ කළු පාටට , වේලි වේලි තිබ්බත් ඔයාල අවා...

      ඔයාලා නොහිටින්න මගේ අතින් පහු ගිය පෝස්ට් එකක් වත් වැටෙන්නේ නැහැ...ඉතින් සියලු දේටම ස්තූතියි සයුරි...ඉදිරියටත් එන්න..ඒක හයියක් මට...

      Delete
    2. //මතකද අපි දෙන්න හම්බුණ හැටි ..:P//

      හපොයි නැතුව :) හෙන වලියක් අස්සේ නේ.

      කොච්චර කොහොම කළු පාටට තිබුනත් කියවපු පලවෙනි ලිපියෙන්ම මට හිතුනා මේක එසේ මෙසේ බ්ලොග් එකක් නෙමෙයි කියලා :)

      Delete
  15. ඔයාගෙ සීයගෙ සීයට වයස කීයක් විතරද සහන් ;) කොහොමත් සහන් ලියන කතාවල වෙනස් ශෛලියක් තියෙන්නෙ...කම්මැලි නැතුව කියවන්න පුලුවන්. කතාවෙ ඉතුරු කොටස් ටිකත් වැඩිය පරක්කු කරන්නෙ නැතුව දාන්න.

    ReplyDelete
    Replies
    1. මන් හිතන්නේ එයා 1400 ගණන් වල වගේ ඉපදිලා තියෙන්නේ..තවම හරියට දන්නේ නැහැ..ඉන්නකෝ අපි අපි දැනගමු.බොහොම ස්තූතියි චම්ස් මේ බ්ලොග් එක හැමදාම කියවන්න ඒම ගැන..ඉස්සරහටත් එන්න කියවන්න..ඒ වගේම ඉස්සරහදි මෙන්න මේ දේවල් ටික දැනගන්න පුළුවන් ඔයාලට...දිගටම එන්න...

      හරියට පාර හොයා ගන්න , කෑම හොයාගන්න , කෑම නරක් නොවී තියාගන්න , වතුර හොයාගන්න , වතුර පරිස්සන් කරගන්න , නැව් හදාගන්න , , පෘථිවියේ සම්භවය ගැන ,හැතැම්ම සීය දෙසීය පේන දුරදක්නා හදාගන්න ක්‍රම ගැන , මාළිමාවන් ගැන ,කෝණික සමීකරණ ගැන , ඉරු තැටිය ගැන , තාරකා විද්‍යාව ගැන , රුවල් නැව් වලින් රට රාජ්ජ වල යන්න පාර හොයා ගත්ත වගේ දේවල්

      Delete
  16. ඇත්තටම වෙනස්ම විදිහකට ලියල තියන කතාවක් මේක. ලස්සන කතාවක් වගේ. ඉතිරි කොටසක් ඉක්මනට දාන්න. කුතුහලය වැඩි වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තූතියි පොඩි ශාන් මේ පැත්තේ ඒම ගැනත් අදහස කීම ගැනත්..අලුත් කෙනෙක් වගේ නේද..?දිගටම එන්න , ඒවගේම පැරණි පෝස්ට්ටුත් ඉඩක් ඇති විදිහට කියවන්න..

      Delete
  17. නම් වල තියෙන විදේශීය බව නිසා...ධාරනය ටිකක් අපහසුයී..! එහෙමකියල බෑ..ඊලඟ එකත් දාන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වීයෝ..සෑහෙන්න කාලෙකින් නේද මේ පැත්තේ ..? ඔය පැත්තේ දැන් මොකද වෙන්නේ මචන්..? සියල්ල සාවදානව වෙනවද ...?

      මේ නම් බොහොමයක් බටහිර/උතුරු යුරෝපීය නම් වීයෝ..ශබ්ධ කිරීම වෙනස්..ලියන විදිහට ඊට වෙනස්..ඒ වගේම එකම නම රටින් රටට යද්දී උච්චාරණය නැවත වෙනස් ..ඔන්න ඕකයි මේ නුහුරු ගතියක් පේනවා ඇත්තේ..( මේ කතාවේ ඉන්න අය පාවිච්චි කරන්නේ ස්කෑන්ඩිනේවියන් උච්චාරණය. ඕලන්ඩ් කිව්වමයි ඔයාල දන්නේ..ඉස්සරහට පැහැදිළි වේවි..)

      Delete
  18. අපි ඉස්කෝලේ ගිය කාලේදී කියවපු Treasure Island කතාව මතක්වුනා. මේකත් ඒ වගේ භයානක අත්දැකීම් සහිත, සයිඩ් එකෙන් නැවට පනින ඩ්රැකියුලා ද සහිත, කතාවක් වෙයි නේද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි විචාරකතුමනි ඔබේ අදහස් කීමගැන.ඔව් ඔව් ලොකු කාලයක් තිස්සේ මුහුදු ගියපු නැවියෙක් නිසා අපි දැනගන්න කැමති බොහෝ කතා ඇති මුහුදු අභිරහස් ගැන , බර්මියුඩා වගේ තැන් ගැන , අභිරහස් සත්තු ගැන, මායා දූපත් ගැන , ඒවගේ ඉන්න මායා කාරියෝ ගැන , මිත්‍යා කතා ගැන , මැරිච්ච නාවිකයන්ගේ හොල්මන් කතා ගැන එහෙමත්..බලමු අහගන්න ලැබේද කියලා ඒ වගේ දේවල්..


      පිළිතුරු පමා උනාට සමාවෙන්න ඕනේ..මම දැක්කා ඊයේ රෑ ආව...

      Delete
  19. කතාව නම් සෑහෙන්න වෙන පාටයි.. ඉක්මනට ලියන්න සහන් ඉතුරු ටික.. මම නම් ආසාම ඔයා සීයගේ ගෙදර වර්ණනා කරල තියන විදිහට.
    මමත් ආසයි සීයලගේ කතා අහන්න.. වැඩේ කියන්නෙ මගේ සීයලා දෙන්නම නෑනේ..

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න Interesting වෙන පාටයි

      Delete
    2. පළමුවෙන්ම මගේ කණගාටුව පිළිතුරු පමා උනාට මම දැක්කා නදිනි 3 පාරක් එනවා ...මම ටිකක් බිසී උනා ...හෙමීට කියවන්නකෝ ඉතුරු ටිකත්..එක එක කතා තියෙනවා ඉදිරි කොටස් වලදී....සමහර ඒවට ඔයා ගොඩක් ආස වේවි...බොහෝම ස්තූතියි නදිනි දෙතුන් පාරක්ම ආ එක ගැන...

      Delete
    3. සහන් කොහොමද කියන්නේ මම තුන් පාරක් ආවා කියලා? මටත් කියල දෙන්නකෝ ඒක බලන විදිහ?

      Delete
    4. සහන්ට පුලුවන් හිත් කියවන්න.... ඒවා බොහෝම පුරාණ රහස්.. අපි බලමුකෝ ඉස්සරහට.. :) :) :)

      Delete
  20. සහන් ෙම් කථෙව ඉවරයිද. තව කියවන්න අාසයි. ඉතුරු ටිකත් ඉක්මණට දාන්න.

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ මචන් තව තියෙනවා...ඉස්සරහට වරෙන් ..තව දවස් කීපෙකින් දානවා..කොටස් ඔක්කොම 10 වගේ තියේවි..

      Delete
  21. පට්ට සීන් කොන් එක ආසාවෙන් කියවන්න පුළුවන් අනිත් එකත් ඉක්මනටම දාපන්.

    අදමයි මේ පැත්තෙ අවෙ අනිත් ටිකත් වෙලාව තියෙන විදිහට කියවන්නම්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ශානා...ඔව් ඊළඟ සතියේදී මේකේ ඉතුරු කොටස් දානවා මම...ඒවත් බලන්න එන්න..ඒ වගේම පැරණි පෝස්ට් ටිකත් උඩින් පල්ලෙන් හරි බලන්න ..වැදගත් යැයි නොසිතන දේවල් වැදගත් වෙන්න පුළුවන්නේ...

      Delete
  22. මාත් ඔන්න ආසාවෙන් කියෙව්වා.. රසවත් වගේම බොහොම දේ දැන ගන්න පුලුවන් ලිපි පෙලක් වෙයි වගෙ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි චන්දන..මේක තමයි මම කිව්ව කතාව ..මතකද ඔයාට ...? අනේ බන් ඔය කොහෙට හරි ගිහින් ස්කයිප් කෝල් එකක් ගන් මට...

      Delete
    2. ඔහ්.. මේ ඒක ද..

      මගෙ මේල් එකට නම්බර් එකක් එවන්න. මං කතා කරන්නම්. ඒක ලේසි නේද.. එහෙම අපහසු වගෙ නම් මං ස්කයිප් දාගෙන බලන්නම්. දැන් සිස්ටම් එක වෙනස් නිසා ගන්න හැකි වෙන්නත් පුලුවන් සමහර විට.

      Delete
  23. මම ලිපිය නං කියෙව්වේ නෑ. මේකේ තිබ්බ ෆොටෝ එකක් දැකල මේ කොමෙන්ට් එක දාන්නේ.
    අතුල සිරිවර්ධන මහතා ගේ චිත්‍රයක් දමා තිබෙන්නේ පොස්ට් එකට. අතුල දැන් කොහෙද ඉන්නේ? ලංකාවේ නැද්ද?

    මහ්ෂ්

    ReplyDelete
    Replies
    1. ඔහුගේ චිත්‍ර වලින් ඉස්සරහට මේ කතාව ලස්සන වේවි මහේෂ්...මන් හිතන්නේ දැන් ඉන්නේ කඳානේ ගෙදර වෙන්න ඕනේ..මට මේල් එකක් දාන්න මම දෙන්නම් කතා කරන්න ක්‍රමයක් එයා සමග...ඔබට පුළුවන් නම මට මේල් එකක් දාන්න..මට ඔබ සමගත් කතා කිරීමට උවමනයි..
      silentsahan@gmail.com

      Delete
    2. මන් හිතන්නේ අතුල සමග ඇති කෝන්තරයක් මගේ පිටින් යවනවා නේද ... අතුල සමග ඔබ සිතනා විදිහේ ගණුදෙනුවක් මගේ බ්ලොගය තුළ නැහැ..කරුණාකර එය වෙනම වෙලාවක කතා බස් කළ යුත්තක් බව මතක තබා ගන්න.. අනිත් දේ ඇයි අතුළත් මාත් සමගත් මෙතරම් වෛරයක් ...?

      වෛරයෙන් වෛරයටපත් වීම එතරම් සුදුසු දෙයක් නෙවේ MHS.

      Delete
    3. ඇයි අතුල මේ විදිහට කට්ටි පනින්නේ?හිතන් ඉන්නේ හොයන්න බැහැ කියලද?

      Delete
    4. මෙතන ඇත්තේ අතුලගේ සිතුවමක් පමණයි.අතුල කෙනෙක් නැහැ...අතුලව මට හම්බෙලත් නැහැ අවුරුදු 6 කින් විතර.කරුණාකර මෙය මෙතන කතා කිරීමෙන් වළකින්න.

      Delete
    5. MHS ඇනෝ ආතල් කඩන්නෙ නැතිව තමාගෙ ප්‍රශ්න වෙන තැනක ගිහින් විසඩගන්නවද?

      Delete
    6. කව්ද මේ අතුල සිරිවර්ධන කියන්නේ?පුදුම විදිහට හුරු නමක්.දන්න එකෙක් ප්ලීස් කියපල්ලකෝ.

      Delete
    7. #SilentSahan

      මෙතන උඩින්ම Friday, June 21, 2013 at 12:47:00 AM GMT+5:30 වෙලාවට මහේෂ් කියලා කොමෙන්ට් ඒක දැම්මම පස්සේ ඊට යටින් තියෙන කොමෙන්ට් දැම්මේ මම නෙමෙයි. ඔබ හිතනවා ඇති එව්වා දැම්මේ මම කියලා. මම හිතන්නේ ඔබට IP ඇඩ්රස් වලින් ඒක පැහැදිලි වෙයි.
      අතුල සිරිවර්ධන මහතා ගැන දන අවුරදු 2 කින් විතර ආරංචියක් නැති හින්දා මම හිතුවේ ඔහු ලංකාවේ නා කියලා. එකයි මෙතන චිත්‍ර දැක්ක ගමන් ඒක විමසුවේ.

      මම ඊමේල් එකක් දාන්නං ඔබට ගෙදර ගියාම. දැන් ඉන්නේ වෙන තැනක. එතනින් ඊමේල් වලට ලොග් වෙන්න විදියක් නෑ.

      මහේෂ්

      Delete
    8. ඔව් මේ 4:45:00 PM කමෙන්ටුව වැටි තිබෙන්නේ සන්ටෙල් 202.***.1**.66 ලයින් එකෙන් ..මුල් කමෙන්ටුව නම් එතනින් නෙවේ..මෙතන වෙන්නේ අතුල සහ මගෙන් පළි ගැනීමක් පුද්ගලික හේතු මාලාවක් නිසා අතීතයේ වුණු..

      අතුල සිරිවර්ධන මහත්මයා හොඳින් සිටිනවා..මීට දින 20 කට පමණ පෙරත් ඔහු සිටියා ළඟ පාතම..මම ගොඩක් උත්සාහ කරා ඔහුට හානියක් නොවෙන විදිහට මේයට සම්බන්ධ කරගන්න..නමුත් එහෙම බැරි හැඩයි...අනේ මන්දා මෙතරම් වෛරයක් ඇයි කියලා..

      ( අනිත් දේ අතීතයේ වූ සියල්ල තනි අතින් වැදුන අත්පුඩි නෙවේනේ.යම් කිසිවෙක් එහෙම හිතනවා නම් බොහෝම වැරදි )

      Delete
  24. අමුතුම ආරකට ලියල තිබෙන නිසා නිදහසේ ඉන්න වෙලාවට කියවන්න පුළුවන් රසවත් කතාවක් වෙයි කියල හිතෙනව.
    මේ කතාව කියවද්දී පාසල් ගිය අවදිය මතක් වුනා.
    මා ලග පාසැල් යන කාලේ පරණ ට්‍රන්ක පෙට්ටියක් පුරෝල තිබුන පත්තර වලින් කපා ගත් චිත්‍ර කතා පිලිවලට අලවල,කතන්දර පොත්,පත්තර නිවාඩු කාලයට ඒවා නෑදෑ ළමයි,යාලුවො එක්ක නැවත නැවත බලනව.
    මෙම කතාව ඔබ කියවපු පොතක පරිවර්තනයක්ද?

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කෙන්ජි අයියේ ඔබ වන්නේක්ගෙන් ඔහොම අහන්න ලැබීමත් මෙවැනි කතාවකට...මම හිතුවේ ඔයා මෙවැනි දේවල් වලට එතරම් කැමැත්තක් දක්වන එකක් නැහැ කියලා....පොඩි හරි ආසාවක් ඇති උනා නම් සතුටුයි මට...මා ළඟත් ඔය එක එක පොත් ජාති තිබුණා..හැබැයි මට මහා පරිමානෙන් පොත් පත් කියවන්න ලැබිලා නැහැ පොඩි කාලේදී..මම කියෙව්වේ විසි කරන පත්තර වගේ දේවල්..හැබැයි අපේ මාමට , සීයට එහෙම මහා පරිමාන පොත් එකතූන් තිබුණා..මට යමක් කමක් තේරෙන වයසට එද්දී ඒ සියල්ල විනාස වෙලා ..( වේයෝ , කාවෝ , වැස්සට තෙමීම , අස්ථානගත වීම වගේ නොයෙක් දේවල් ) මොකද මම තමයි අපේ පරම්පරාවේ බාලම දැරුවා ..මගේ අයියලා මට වැඩ අවුරුදු 30, 40 වැඩිමල් ... කොහොම හරි මම කියෙව්වේ බල්ලන්ට බත් දාපු පත්තර පිහදාල අරන්...ඔන්න මගේ අතීතය...මට ලජ්ජා නැහැ ඕව කියන්න..( අදට උනත් කුණු කාණුවක තිබුණත් මම අරන් කියවනවා..එතරම් දේවල් මම කියවනවා )

      නැහැ නැහැ මෙය පරිවර්තනයක් නෙවේ , හැබැයි ඉදිරි කොටස් වලට 1600 ගණන් වල ප්‍රංශ භෂාවෙන් ලියවුනු ලිපි ටිකක පරිවර්ථන වගයක් එනවා..එවැනි දේවල් තමයි බොහෝ විට එකතු වෙන්නේ...

      Delete
  25. ලස්සනට ලියලා. ඔයා ලන්සි සුද්දෙක්නේද? ඔයාගෙ පරම්පරාවෙ අයගෙ පොටෝ කෑලි කීපයකුත් එකතුකලානම් තමා හොඳ කතාවට. අර රට ඇරල ගිය අය ලංකාවෙ වටිනා කියන එව්ව අරන් ගියෙ නැහැ නේද? සමහර රටවල කටුගෙවල් වල තියෙන්නෙ එහෙම ගෙනිච්ච එව්වා.

    ReplyDelete
    Replies
    1. ලංසි කියන්නේ පෘතුග්‍රීසි සහ ඕලන්ඩ් ජාතීන් මිශ්‍ර වීමෙන් හැදුන අයට..මම කිසි සේත්ම ලංසි නෙවේ..මම සිංහලයෙක්..:P

      අපෝ ඔව් අනන්ත අරන් යන්න ඇති..මොකද නිකන් ලස්සන බලලා යන්න ආව නෙවේනේ ඒ අය...ඒ නිසා වටිනා දේවල් නම් අනිවා අරන් යන්න ඇති..අපි උනත් ගේනවනේ ගෙදර ලස්සන දෙයක් දැක්කම..:D

      ස්තූතියි මිත්‍රයා අදහස් දැක්වීමටත් මේ කතාව බැලුවටත්..අහිතක් හිතන්න එපා..මම නිකන් විනොද්ශීලිව දීපු උත්තර වලට..නැවත එන්න ඉඩක් ඇති වෙලාවට...මගේ පින්තූරේ නම් තිය්නේව බ්ලොග් එකේ දාල...අපේ අම්මගේ පින්තූරෙත් තියෙනවා පහු ගිය පෝස්ට් වල...

      Delete
    2. සහන් මම අහලා තියෙන්නේ ලංසි කියන්නේ ලන්දේසි සහ සිංහල මිශ්‍ර වීමෙන් සැදුන අය බවයි.

      Delete
    3. 1600 - 1800 යුගයේ තමයි අයියේ නියම ලංසි අය හිටියේ..1900 ගණන් වල අපි ගර්හාවෙන් යුතුව කතා කරපු ලංසි පිරිස නම් දහ අතේ කවලන් වෙච්චි අය...1940 ගණන් වෙද්දී තත්වේ තවත් දරුණු උනා..එවැනි පිරිස් ආර්ථික අතින් බොහොම පහළට වැටුණා..පස්සේ පස්සේ ඉතින් වෙච්චි දේවල් හිතා ගත්ත හැකිනේ.. ( සුදු සම ඇති ප්‍රිය මනාප දුප්පත් ස්ත්‍රීන්ට වෙන දේ දන්නවනේ )

      Delete
    4. එහෙම කියන්න එපා බොහොම ගෞරවයෙන් සහ ආර්ථික මට්ටමෙන් ඉහල ලංසි පවුල් කීපයක් මම හොඳින් හඳුනනවා.

      Delete
    5. ඒක හැබෑව ..මගේ මේ ප්‍රකාශයේ බරපතල චෝදනාවක් අන්තර්ගතයි.( එවැන්නක් සිදු වී තිබෙන බව මා පිළිගන්නවා ).මා එය සිතාමතා ජන කොට්ඨාෂයක් ගර්හාවට ලක් කිරීම පිණිස යෙදුවා නොවේ..

      කෙසේ නමුත් ඔබ හොඳින්ම දන්නවානේ " ලංසි " කියපු ගමන් 60 / 70 කාලේ තිබුණ තත්වය..ඔවුන්ව දිගින් දිගටම තලා පෙළා දැමීමක් උනා..ආර්ථිකව ශක්තිමත්ව හිටපු අයට පමණමයි පමණමයි පමණමයි හිස කඳ කෙළින් තියන් ජීවත් වෙන්න ලැබුණේ..අනික් පිරිසට අත් උනේ සමාජ ගැරහුම්..

      Delete
  26. මේ කතාව කියවද්දි මම කියවපු මැගලන්ගේ, කප්ටන් කුක්, කොලම්බස් ගේ කතා මතක් වුනා. පරිවර්තනයක් සමග Babara Cartland ගේ නවකතාවක එන සිදුවීමක් වැනි ලස්සන, අමුතුම කතා ශයිලියක් ඔබ ගෙනැවිත් තියෙනවා. විශිස්ටයි.සින්හලත් අපූරුයි. විශේශයෙන්ම පරිසරය විස්තර කරන හැටි ශෝක්. දිගටම එනව කියවන්න.

    ReplyDelete
  27. මම e-mail එකක් එවුවා. හම්බ වුනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මම උඩ කමෙන්ටුවට ටික වෙලාවකින් පිළිතුරු එකතු කරන්නම් මානෙල් අක්කේ...මට එවැන්නක් ලැබුණේ නැහැනේ..මම ස්පෑම් ෆෝල්ඩර් එකෙත් බැලුවා..ඒත් නැහැ ..( මොකද සියලු යාහු මේල් මට එන්නේ ස්පෑම් විදිහට )

      නැවත එය එවන්න බලන්න ...

      Delete
  28. මගේ නම් ඔලුව කැරකෙන්න ගත්තා මේක කියවල දෙතුන් පාරක්ම කියෙව්වා වැඩේ හරි ගීයේ නැහැ ඉතුරු ටිකත් දාන්නකෝ බලන්න මේකා මොකටද එන්නේ කියල.

    ReplyDelete
    Replies
    1. මන් හිතන්නේ වැඩේ බොහෝම බරපතල වෙන්න ඇති කමෙන්ට් මගින් ගිය සංවාද දැක්කම මොරබ්බට..ගණන් ගන්න එපා ,අපි හැමෝගෙම ජීවිත වල සමහර දේවල් තියෙනවනේ පැහැදිළි කිරීම නැති...

      මේ ලිපි ටික නම් ලියවෙන්නේ සරළ දේවල් ටිකක් වෙනුවෙන් මොරබ්බා..කිසිම නූල්සූත්තරයක් නැහැ..කෙසේ උනත් ඔබේ පැමිණීම බොහොම වටිනවා මොරබ්බා..ඉඩක් ඇති විටක නැවත එන්න මිත්‍රයා ...

      Delete
    2. මම ආපහු කියෙව්වා ඇත්තටම comments ටික මග ඇරලා කියවන්න ඕන තමා...
      ෂර්ලොක් හෝම්ස් ගේ පරිවර්තන පොත් වල ඉට්ටයිල් එක තියෙනවා වගේ ..එල. ඊලග කොටසත් ඉකමනට දාන්න මිත්‍රයා....

      Delete
  29. Is Minelle Fernandez a cousin of yours?

    ReplyDelete
    Replies
    1. No my friend , she is not... Thank you for visiting my blog ... Come again...

      Delete
  30. අවසානේ හෙන ගහන් වගේ නවත්වලානේ වැඩේ කැතයි

    ReplyDelete
    Replies
    1. කෝරළයා එන පොට නම් හරි නැහැ වගේ..තැඹිලි පැලේට ඇහැ දාගෙන නේද ඒ කතාව කිව්වේ ...? කමක් නැහැ කමක් නැහැ ඉතින් ආව එකම මදැයි ආයුබෝවන්ඩ ...දෙවෙනි කොටස සඳහාත් වරෙන් මචන් අනිවා ...

      Delete
  31. එටන හිට්යා වගේ දෙන්නං ලියලා තියනවා
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. හිටියා වගේ නෙවේ බන්, මේ මාගල් මුදියන්සේ එතන ඉඳලම තියෙනවා. නැතිනම් කොහොමද මෙහෙම ලියන්නේ.

      Delete
  32. වැඩිය පරක්කු නොකර දාමු නේද ඉතිරි කෑලි ටිකත්.. ඔක්කොම බලලම ඉමුකො මොනව හරි කියන්න කලින්..

    ReplyDelete
  33. ඉතිරි කොටස දාන්නේ නැද්දෝ.. දැන් සතියක් ගියා.. සතිපතා කොටස් වශයෙන් නෙමේද දාන්නේ.. හයියුයූ..

    ReplyDelete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili