දැන්වීම් පුවරුව . ( පින්තූර මතට මවුස් පොයින්ටරය රැගෙන යන්න )

දැනට වසර දෙකක පමණ සිට සෑම සතියකටම වරක් ලිපියක් හෝ දෙකක් පළ කළෙමි. සිත් ගත් ලිපියක් වේ නම් හිතමිතුරන් අතරත් බෙදාගන්න.

මෙම වෙබ් අඩවිය ලෝඩ් වීමට පමා වේ නම් මෙම ලින්ක් එක භාවිතා කරන්න.

Go and get Sinhala Unicode to your Computer
Face Book Link Share.

July 25, 2013

ළන් වීමක මිහිර .


              ජීවිතයේ අනේක අවස්ථාවන්හීදි යම් පුදගලයින් හා කතා බහ කිරීමටත් , එක්ව රාජකාරි කරන්නටත් සිදු වේ. ඇතැමුන් තුළින් කිසිදු විශේෂයක් පිළිඹිබු නොවූවද , ඇතැමුන් අපටත් හොරා අප සිත් පැහැරගන්නා අවස්ථා මා ජීවිතය තුලදී අද්දැක ඇත. විටක ඔවුන්ගේ ගුප්ත හැසිරීම අප සිත් සොරා ගනී , තවත් විටක ඔවුන්ගේ කතා විලාසය අප සිත් සොරා ගනී. රාජකාරීමය වශයෙන් හමුවුවද ඇතැම් අය අපටද නොදැනී ජීවිතයම වෙලා ගනී. රාත්‍රී නිදි යහනේ සිටින නොයෙක් වර එවැන්නන්  ගැන කල්පනා කරන වාර අනන්තය. කිසිදු අගක් මුළක් සිතා ගැන්මට නොහැකිව " මැදක් " පමණක් ඉතිරිව තිබියදී ඔවුන් සැඟවී හමාරය. කොහි සිට ආවෙහිද , කොහි යන්නේදැයි සිතා ගැනීමට තබා ඔවුන් මෙහි කුමක් කරනේදැයි යන්නවත් සිතා ගැනීම පෙහේළිකාවකි.

             ඈ යුරෝපයේ පදිංචිකාරියකි. හැඩකාරියකි. නිතර වෙනස් වන සුළු ලෝකය සමග මනාව ජීවිතය හැඩගස්වා ගන්නියකි. එහෙත් එහෙත් එහෙත් ඈ තුළින් හෙළි නොවන යම් දෙයක් ඇත. ඇගේ ජීවිතයෙන් පුරා වසර 8 පමණ කාලයක් සම්පූර්ණ හිඩැසකි . ඒ ගැන මතකයන් අලුත් වන සෑම විටකදීම ඇගේ හැසිරීම් මා නිරීක්ෂණය කර ඇත. ඈ මටත් සඟවා හෙළන සුසුම් දැනෙන්නට තරම් මාද ඇයට ලංවී හමාරය . ඇයටද නොදැනී ඇයව වෙනත් ලෝවකට ඇදී යන සැටි , තත්පර 20 කට පමණ පසු මතකයෙන් නික්ම මා දෙසට හැරී " ඉතින් ශාන් කියන්න " කියමින් වෙනත් මාතෘකාවක් මා හා මුල පුරයි.

         
             ඈ අපහසුතාවයට පත් විය හැකි යැයි සිතා ඇගේ සුසුමට හේතුව මෙතෙක් විමසා නැත. එහෙත් ඇය ගැන මතකයන් සමඟ රෑ නිදි යහනේ තනි වන මගේ සුසුම් හඬ දැන් දැන් මටද බරක් , අපහසුවක් ගෙනෙන්නට වේ.

             හොර රහසෙන් මා ඇයව තේරුම් ගැනීමට පෙළඹි සිටින්නේ මේ නිසාය. සිතේ කොණක අගුලු ලා ඇති  අතීතයක් යලි ඇවිස්සීම යනු තුවාලයක් පෑරීමක් බඳුය. එසේ පෑරීමෙන් පසු නිසි අවධානයකින් ප්‍රතිකාරයක් නොලදහොත් ලේ විලක් මැදම ඈ දිවි නිමා කරණු ඇත. ඉතින් පැසවූ තුවාලය රෙදි පටියකින් බැඳ සඟවා ගනිමින් හැකිතාක් කාලයක් ජීවත් වීම වටි යැයි ඈ සිතනවා විය හැකිය. අනිවාර්යෙන්ම මේතාක් කාලය පුරා අමිහිරි අද්දැකීම් තුළින් ඇගේ තුවාලය පෑරුණු වාර ගණන අනන්ත විය යුතුය.



             නොයෙක් අවස්ථාවන්හීදී " අනේ ශාන් මට තියෙනවා ඔයාට කියන්න දෙයක් " කියමින් කතාවකට මුල පුරන්නාක් මෙන් වූ තාරුණ්‍යයෙන් මට ලන් වුවද " ඒත් මට බැහැ ශාන් මට බැහැ. ඔයාට ලන් වෙන්න මට බැහැ " යැයි  කියන්නාක් වූ ස්වරයෙන් ඈ පිටව යයි. ඇගේ එවැනි හැසිරීම් නිසා මාද බොහෝ වේදනාවට පත්ව ඇත. මේ ගැන සිතන නොයෙක් වර මා ගත කල යොවුන් ආදර සමය සිහියට නැඟේ. එවකට නම් සිහින ලොවකට පිවිස රැය පහන් කල හැකිව තිබිණ. එහෙත් අද මා ඉදිරියේ ඇති ප්‍රශ්නය කෙතරම් ගැඹුරුද ? දඟකාර කමක් , පුංචි විහිළුවක් කර ලෙහෙසියෙන් පැන යා නොහැකිය. 









**********





       යම් දිනෙක ඇය මා හා එක්ව මේ සියල්ල බෙදා ගැන්මට සැරසුනොහොත් මා කෙසේ එයට මුහුණ දිය යුතුද ? ඈ කොපමණ දුරකට මට ලන් වනු ඇතිද ? මා එවැන්නකට සූදානම්ද ? මා එවැන්නකට නිදහස්ද ? හ්ම්ම්ම්ම්ම්ම් මේ ගැන සිතන්නට එක රැයක් ප්‍රමාණවත් නැත. මා දැන් නම් හොඳින්ම ඇගේ සිතැඟි හඳුනාගෙන අවසන්ය.  එසේ පැවසීමට හේතුවක් ඇත. ඒ කිමෙක්දැයි කී සැණින් මේ ලිපිය කියවන ඔබ සියලු දෙනාටද අප දෙදෙනාගේ සිතුම් ගොඩ නැගෙන ආකාරය තේරුම් යනු ඇත.


           ඇගේ ප්‍රශ්නය තේරුම් ගැනීමට මග බලා සිටින මගේ සිතට මෙය මෙතරම් බරක්ව සිත චංචල කිරීමට සමත් නම්, මේ සියලු බර ඈ කෙසේ නම් උහුලා සිටිනු ඇත්ද ? ඇයද බොහෝ රාත්‍රීන්හීදී මේ ගැන සිතනවා විය යුතුය . ඇගේ ලෝකයට පිවිස ඇගේ කෝණයෙන් මේ ගැන බැලු විට මට දැනී ගියේ ඇයද මහා දුකක් , බරක් හිතින් විඳිමින් ජීවත් වන බවය.



               " ශාන්ට මේ ගැන කීමෙන් එයා මා ගැන වරදක් හිතාවිද ? ඔහු කෙසේ මගේ අතීතය තේරුම් ගනු ඇතිද ? වසර ගණනාවකට පසු මා මෙතරම් විවෘත වූ එකම කෙනාද ඔහුයි. ඔහුවත් මට අහිමි වේවිද ? අහෝ...! මගේ පවුකාර අතීතය " මෙවැනි සිතුවිළි රාශියක් මැද ඈ අතරමංව සිටිනවා විය හැකිය..


                 " දැන් දැන් මට ශාන්ව සිහි වන වාර ගණන බොහෝ වැඩිය. ඔහු හා කතා බහේ යෙදෙන විට දැනෙන ලෙන්ගතුකම මින් පෙර වෙනත් අයෙක්ගෙන් විඳ නැහැ. එහෙත් ඒ ලෙන්ගතුකමින් මත්ව, ඔහු හා බැඳෙන්නට මට හැකි වේද ? එවැනි බැඳීමක් ඔහු කෙසේ නම් හඳුනාගනු ඇත්ද ? ගිණිදැල්ලකට පෙම් බඳින්නියක සේ මේ යන ගමන කෙසේ විය හැකිද ? අහෝ...! මගේ පවුකාර අතීතය "



            " යම් දිනක ඔහු මාගෙන් ඉවතට පියඹා ගියහොත් ? යලි  තනිව තටුසලා නිවහනට එන්නට මට ශක්තියක් ඉතුරුව ඇත්ද ? එසේ එන්නට නිවහනක් කොහේ හෝ මට ඉතුරුව ඇතිද ? ඔහු සමගින් ඉගිලී යන රහස් අතීතය නැවත පාරාවළල්ලක්ව මගේ තටු සිඳිනු ඇත්ද ? අහෝ...! මගේ පවුකාර අතීතය "


             " අනේ ශාන් මට සමාවෙන්න. ලන් වෙන්න බැරි කමකට නෙවේ පැටියෝ මන් මෙහෙම කරන්නේ. ඒත් මට ලන් වෙන්න බැහැ. මට බැහැ ඔයාව සදහටම නැති වෙනවා දකින්න. එවැනි නැති වීමකට වඩා මෙවැනි මැරී මැරී ඉපදීමක් මට වටිනවා. ඔයාව මට වටිනවා ශාන් ඔයාව මට වටිනවා. "



                 " මාව හැමදාම මතක් වෙන්න ඔයාට මම පුංචි තෑග්ගක් දීලා යනවා. ඒ තමයි මගේ අනාගතය. ඒක ආදරෙන් වැළඳ ගන්න ශාන්. මම අද ගුවනට ගියායින් පස්සේ ආයේ එන්නේ නැහැ ඔයාව දකින්න. "



Joyeux anniversaire mon amour ..!


             මෙවැනි ඇරඹුමකින් මා හමුවට පැමිණි ඈ , මා සමග ඉගිල ගිය ඈ ; කියූ පරිදිම මිළ කළ නොහැකි තෑග්ගක් මා සුරතේ තබා දෙව්ලොවට නික්ම ගියාය...!





දේදුන්නේ      පාට       පාටින්      ආදරේ     බැන්ඳු
සංසාරේ        වන්දනාවේ        ප්‍රේමයේ        ලන්ඳු
සංධ්‍යාවේ   නිම්   වළල්ලේ ,  මායාවී   දෑස   දැල්වී
කව්රුන්දෝ ඈ නොවේදෝ , ඈ  මගේ නේදෝ ..?







Happy Anniversary my love ..!
Joyeux anniversaire mon amour ..!

 ප.ලි. රාජකාරි හේතුවෙන්ම මා හමුවට පැමිණි ඈ , රාජකාරි අතර තුරම මා හැර ගොස් තිබුණි.


මගේ සිඟිති දියණියත් , අපේ ලෝකයත් .If you have a weak heart please DO NOT read!

තාත්ති අර ආන්ටිගේ කුක්කු ලොකු ඇයි ..? 

This post has been updated for the third time to include statements!

ප.ප.ලි. තම රාජකාරී ජීවිතය තුළදී එකිනෙකා දැනහඳුනාගත්තාවුන් දෙදෙනෙකු ගැන සටහනකි. තරුණිය පියාසර නිළධාරිනියකි. රාජකාරි අතරතුරදී ඈ දිවි නිමා කර අවසන්ය. ඔවුන්ගේ විවාහ සංවත්සරය මෙසේ ගෙවෙයි. මෙහි බොහෝ කොටස් සිතාමතා ඉවත් කිරීම හේතුවෙන් ඔබට අපැහැදිලි සහගත තත්වයක් ඇති වුණි නම් කණගාටුව. එසේ වුවද මේ ගැන මාගෙන් විමසු සියලු හිතවතුන්ට පුද්ගලික ප්‍රණාමය පුද කරමි.




02 ප්‍රහාරක ජෙට් නියමුවෙකුගේ සහ ප්‍රහාරක හෙළිකොප්ටර් නියමුවෙකුගේ වෙනස් කම් 02 fighter-pilot-requirements".

ප්‍රහාරක ජෙට් නියමුවන් පුහුණු කිරීම . Fighter Pilot Requirements.".

105 comments:

  1. හිතට ගොඩක් දේවල් හිතුණා ...ඒ කිසිම සිතුවිල්ලක් හරි හැටි නිවැරදි කරගන්න බැහැ .. ඒ නිසා මම මෙහෙම විතරක් කියන්නම් Happy Anniversary for your love ..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෙහානි සුබ පැතීමට .. ඔය දාල තියෙන සින්දුවත් අහන්න..හරිම ලස්සනයි.. ( සින්දුවට ඕනේ නම් 1.3mb යාවි .ඒ වගේම stop බොත්තම එබුවම ඩේටා එක දිගට එන එක නවතිනවා..ඒ නිසා අහන්න මුල් තත්පර 10 හරි )

      ඉඩක් ඇති වෙලාවට නැවත එන්න රෙහානි ..

      Delete
  2. අප්පටසිරි අවුරුද්දක් තිස්සෙම මෙහෙම හිතහිතා හිටියද?

    Happy Anniversary for your love ..!

    බලාගෙන පුතෝ බෙල්ල ගහලා යන වැඩ.

    ReplyDelete
    Replies
    1. එක නෙවේ, කෝ අද්මිරල් ෆර්නැන්ඩස්කිගේ කතාව.

      Delete
    2. දැන් නේ දැක්කේ කවුද සහන් පින්තුරේ ඉන්න පොඩ්ඩා?

      Delete
    3. දැන් අවුරුදු කීපයක්ම වෙනවා අයියේ..

      ඒකත් දාන්න ඕනේ.draft එකේ තිබුණ එකක් මැකිලා ගියා.ඊට පස්සේ වැඩේ එපා උනා වගේ දෙයක් උනා..

      අපි දන්න කියනම පොඩ්ඩෙක් තමයි ඒ ...

      ස්තූතියි අයියේ හැමදාම ඇවිත් බලලා යනවට මේ බ්ලොගේ...දිගටම එන්න..

      Delete
  3. පැරණි ලිපිත් සමග සියල්ල කියවෙමි මගේ ඔලුව කැරකෙනවා වගේ
    අර බබා ලස්සනයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඒක නම් එහෙම තමයි සංජීව . ඔයා බැලුවට කමක් නැහැ වයිෆ්ට එහෙම පෙන්නන්න එපා..ටිකක් අවුලනේ .. ස්තූතියි සංජීව.. දිගටම එන්න මගේ බ්ලොගයට ඉඩක් ඇති විට..

      Delete
    2. මගේ ගෙදර TV, Radio, internet,Laptop මුකුත්ම නැහැ. එයා ලෝකය දකින්නේ මගෙන් එක නිසා මේ කතාව එයාට කියන්න මට අවසර දෙන්න.

      Delete

    3. එහෙමද සංජීව..එහෙනම සුදුසු පරිදි හලන්න ඕනේ තැන් හලලා කියන්න. දැනගත්තා කියලා වරදක් වෙන එකකුත් නැහැ එක අතකට..ස්තූතියි සංජීව ඔබේ වචනයට..

      Delete
    4. @ සංජිව

      //මගේ ගෙදර TV, Radio, internet,Laptop මුකුත්ම නැහැ. එයා ලෝකය දකින්නේ මගෙන් එක නිසා මේ කතාව එයාට කියන්න මට අවසර දෙන්න.//

      සුන්දර නිවසක් .... ඉතාම සතුටුයි.

      Delete
    5. සංජීව.
      ඇත්තෙන්ම කතාව පොස්ටුව තරම්ම හිතට වැදුනා ඔබේ කොමෙන්ටුව.

      Delete
    6. සංජීව අයියේ, ඇත්තටම සුන්දර නිවසක්... මටත් ඕනි ඔය වගේ ගෙදරක ඉන්න..ඔය හැමදේම ජීවිත විනාස කරන දේවල්...පිරිමියා නොදැනුවත්වම පවුලෙන් ඈත්කරන දේවල්...

      Delete
    7. සුන්දර නිවසක්.. ඔව්

      Delete
  4. මට මෙලෝ හසරක් හිතා ගන්න බෑ බොලේ... මට එක දෙයක් විතරක් තේරුනා....

    Happy Anniversary for your love

    ReplyDelete
    Replies
    1. මටත් මේ දේවල් හිතාගන්න බැහැ ජිසු.. හිස මත ඇති බර වැඩියි .. ස්තූතියි ඔබගේ ප්‍රාර්ථනයට මල්ලි..දිගටම එන්න..

      Delete
  5. බොට හැපි නං අපිත් හැපි.. හැපි ඇනිවර්සර් ශාන්...

    ReplyDelete
    Replies
    1. ඔව් ශාන්ට අපිත් සුබ පතමු..තෑන්ක්ස් මේට් ...

      Delete
  6. පරණ ලිපි ටිකත් එක්ක කියෙව්වා...සහන් සමහර කොමේට් වල කියපු දේවල මුල මේ ලිපි වලට ගැට ගැහෙන එක තමයි බය හිතෙන දේ....මේ ලිපි ටික නිර්මාණයක් පමණක්ම වේනවානම්..............

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ගජින් මෙවැනි දේවල් නිර්මාණ පමණක්ම වේවා කියලයි මගෙත් පැතුම.. නිර්මාණයක් විදිහට හෝ මේ දේවල් දකින්න ඕනේ කීප පොළක් ඉන්නවා. කවදා හෝ ඔවුන් මේවා දැක්කොත් හොඳයි.

      ඔබට ස්තූතියි සහෘදයෙක් විදිහට වචනයක් හෝ කීම ගැන මචන්..ඒක ලොකු හයියක්..

      Delete
  7. මටත් ටියුබ් ලයිට්.කටට එන එක සුද්ද සිංහලෙන් ඇහැව්වොත් මෙතන ට කොපමන ගැලපෙනවද මන්ද?
    පොඩ්ඩ ගෙ උපන් දිනේද?
    ලියපු සිතිවිල්ලක්ද?
    මේක කිව්වම මට තේරුම් ගියේ දරුවකු තාත්තට දීල අම්ම දාල ගියා කියල.

    ReplyDelete
    Replies

    1. පොඩ්ඩාගේ උපන් දිනේ නෙවේ.
      ඔව් ලියපු සිතුවිල්ලක් තමයි අයියේ.අද වගේ දවසක තමයි පොඩ්ඩගෙ අම්මයි , තාත්තයි හම්බෙලා තියෙන්නේ .
      කෙන්ජි අයියා කියපු අන්තිම වාක්‍ය හරි..

      Delete
    2. බොක්ක රත් වෙන කතා ලියද්දි,අපි වගෙ මැන්ටල් පොරවල් වලට තේරුම් යන විදියට අන්තිමට දාන්න මල්ලි අර,
      තොපෙන් ප.ලි.(ගන්නව)කියල.

      Delete
    3. යමක් සමරද්දී මල්ලියො මුස්පේන්තු මගුල් ලියන්නෙ නැතිව සුභ විදියට ලියන්න.
      දැනුයි දැක්කෙ ඔබේ ඔබ යුවලගෙ පුත්‍ර රත්‍රනයද/දෙව් දෝනිද ?
      සුභ පැතුම් සැම දෙයකටම.

      Delete
    4. ඔන්න කෙන්ජි අයියේ දැම්මා පසුව ලියමි කොටසක් .. අනිත් අයටත් දැන් පැහැදිළි වේවි මේ කතාව.. මම මුලින් ප.ලි. කොටසක් දාන්නත් ගිහින් දැම්මේ නැහැ ..

      ( පළි කොටස මතක ඇතුව කියවන්න )

      Delete
  8. මේක කියවලා අතරමං උනා වගේ... මෙලෝ අදහසක් හිතෙන්නෙ නෑ නෙ. සරලව කියමුද?

    ReplyDelete
    Replies
    1. ලින්ක් වෙලා තියෙන පෝස්ට් ටික බලන්නකෝ ලකී.. ටිකක් විතර තේරුම් ගන්න පුළුවන් වේවි..මේක එකම කතාවක කොටස් වගයක්..මේ ලකිගේ පළමු පැමිණීම නේද ..? සාදරයෙන් පිළිගන්නවා ..දිගටම එන්න බ්ලොගයට ..ඒ වගේම පැරණි පෝස්ට් ටිකත් උඩින් පල්ලෙන් හෝ බලන්න විනාඩි 20 විතර වැය කරලා..

      Delete
  9. හැපි ඇනිවසරියක් වේවා..! අර පොඩ්ඩා ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන ශාන්ට සුබ පැතීම ගැනත් පොඩ්ඩා ගැන මතක කළාටත් .. චන්දනලගේ මිත්‍රත්වය මට සෑහෙන්න වටිනවා ...

      Delete
  10. කෙන්ජියට වගේම මටත් පැහැදිලි නෑ.. අර අන්තීමට තියෙන එක නිසා පොඩි හින්ට් එකක් ආවා. ජීවිතේ හැටි ඔහොම තමයි. ඒක උඹ මට වඩා දන්නවනේ. නමුත් සෙලබ්‍රේට් කරන බවකුයි පේන්නේ. ඒ නිසා හැපි ඇනිවසරියක් වේවා.... !!!

    ReplyDelete
    Replies
    1. මාතලන් එද්දී මම කෙන්ජිට උත්තර දීලා තිබුණේ..ඒත් අවාසනාවකට ඒ කමෙන්ට් එක ස්පෑම් වෙලා තිබිලා දැනුයි ගොඩ දැම්මේ..මන් හිතන්නේ දැන් පැහැදිළි වේවි ඒ කමෙන්ට් එක බැලුවම..( මාතලන්ගේ බ්ලොගේත් මගේ කමෙන්ට් 3 විතර ඇති ස්පෑම් වෙලා )

      ඒක ඇත්ත මාතලන් ජීවිතේ හැටි මෙහෙම තමයි. සමහර වෙලාවට දරාගන්න පුළුවන් , සමහර වෙලාවට කොච්චර සෙල්ලම් දැම්මත් බැහැ. මිනිහෙක්ට බැරි දේවල් කියලා ජාතියකුත් තියෙනවනේ මේ ලෝකේ. සීමාවෙන් එහාට නම් කොහොමවත් බැහැ මචන් අදින්න. අනිවාර්යෙන් තවලම නවතිනවා ..

      හැපී අනිවාර්සිරි මචන් , උඹලා තමයි මේක සෙලිබ්‍රේට් කරන්න ඉන්නේ මට..

      Delete
  11. නාකි මොලේට වැටහෙන විදිහට කිව්වනම්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මන් හිතන්නේ කෙන්ජි අයියට දීපු උත්තරේ එක්ක විචාරක තුමාට පැහැදිළි වේවි..අර මම ලින්ක් කරලා තියෙන පෝස්ට් ටිකත් ඉඩක් ඇති විටක බලන්න විචාරකතුමනි .. ස්තූතියි පැමිණියාට .. මම මේකට කළින් දාපු පෝස්ට් එකත් පුළුවන් නම් බලන්න ..

      Delete
  12. Replies
    1. ඒ ප්‍රර්තනයට ස්තූතියි මල්ලි .. මට ලොකු හයියක් මොනවා උනත් මේ බ්ලොග් එක තුළින් දැනගන්න ලැබුණු ඔයාලව ... මාස 8 පුරාවට මම ගොඩක් දේවල් ලැබුවා මේකෙන් .. දැන් විබාග වැඩ කොහොමද ඔයාගේ?

      Delete
  13. Replies
    1. ස්තූතියි රයිගම් මගේ මිත්‍රයා සුබ පැතීම ගැන.. ශාන් වෙනුවෙන් එය බාරගන්නම් මම ..

      Delete
  14. හ්ම්ම්ම්.... හැපි ඇනිවසරි සහන් අයියේ!

    ReplyDelete
    Replies
    1. සිංදුව ලස්සනයි. මාත් ආස සිංදුවක්.

      Delete
    2. ස්තූතියි සමනලී ඔයාට ..මේ කතාවේ අයිතිකාරයා වෙනුවෙන් මම ඔයාගේ සුබ පැතීම බාරගන්නම්කො..ඔය සින්දුව ඔයා ළඟ නැත්නම් කියන්න මම දෙන්නම් සින්දුව..

      ස්තූතියි එදා ඉඳන් මගේ බ්ලොගයට ඇවිත් යෑම ගැන ඔයාට..

      Delete
    3. //.මේ කතාවේ අයිතිකාරයා වෙනුවෙන් මම ඔයාගේ සුබ පැතීම බාරගන්නම්කො..//ඒ කියන්නේ මේ කතාව ඔයාගේ නෙවෙයි ! දෙගෙඩියාව ඉවරයි ..

      Delete
    4. රෙහානි මම ඔයාට මේල් එකක් දැම්මා ..අවදා බලන්න..

      Delete
  15. //ඇගේ ප්‍රශ්නය තේරුම් ගැනීමට මග බලා සිටින මගේ සිතට මෙය මෙතරම් බරක්ව සිත චංචල කිරීමට සමත් නම්, මේ සියලු බර ඈ කෙසේ නම් උහුලා සිටිනු ඇත්ද ?//මෙන්න මේක මටත් තියෙන ගැටළුවක්.
    කොහොම වුනත් සහන් යම් කිසි දෙයක් සමරන බවක් පේනවා.මෙන්න මේක මගේ මුණු පොතට "දේශා"දාපු කමන්ට් එකක්.

    ``ආදරයේ වේදනාව ළං විමේදිත් වෙන් වීමෙදිත් එකාකාරයි``

    එක ඇත්තක් කියලා නිතරම මටත් හිතෙනවා.

    සිංදුවත් රස වින්දා...:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ් මේ අවස්ථාවේ ළඟින් ඉඳීම ගැන..තේරුම් ගැනීම ගැනත් ස්තූතියි ඔබට..සින්දුව ළඟ නැත්නම් කියන්න මම දෙන්නම්..දිගටම එන්න මනෝජ්.. ( මගේ ඩෑෂ් බෝර්ඩ් එකේ 300 පැනලා නිසා ඔයාගේ එක දාන්න විදිහක් නැහැ )

      Delete
    2. හයියෝ එකේ ගැටළුවක් නැහැ සහන්...

      Delete
  16. Replies
    1. හ්ම්ම්ම් අනේ මන්දා සෙන්නා . වෙලාවකට අල්ලන් ඉන්නවා .වෙලාවකට බැහැ. ඕනෙම දේක සීමාවක් තියෙනවනේ බන්..එතනින් එහාට කොච්චර කරත් තවලම යන්නේ නැහැ..

      Delete
  17. monawa kiyannada kiyala hithaganna bari unath "happy anniversary" kiyala kiyannam...

    ReplyDelete
    Replies
    1. ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ සයුරි. ඔයාල මේතාක් කාලයක් හිටපු එකම ඇති හොඳටම.. ස්තූතියි සයුරි ඔයාට, මම ශාන් වෙනුවෙන් ඒ සුබ පැතීම බාරගන්නම්කො..

      Delete
  18. සහන් මේක නිර්මාණයක් නම් ඒ විදියට රස විදින්න හැකියි. හදවත කියනවා මේ එයින් ඔබ්බට ගිය දෙයක් කියා...

    ඒත් සයිබරයෙන් දැන හදුනාගත් ඔබ මේ කියන්නේ ඔබේම කතාව නම් දෙවරක් හිතන්න වෙනවා. කොහොමත් සයිබරයෙන් හදුනාගත් මිතුරන් අතර ඔබ අද්භූත චරිතයක්.තවත් කෙනෙක් හිටියා උඩින් ඇවිත් ගිහිනුත් තියනවා. ඒත් ඒ කුකුස දැන් මට නෑ. නමුත් ඔබ ගැන.

    ඔබ දැනුම් සාගරයක්..????????????? එයින් එහා කිසිවක් නොකියමි.... නොදනිමි.... ඒ කොහොම වුණත් එළැඹෙන හෙට දවස ඔබට වාසනාවන්ත අනාගතයක් වේවායි හදවතින්ම පතමි

    ReplyDelete
    Replies
    1. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ වගේ දෙයක් වෙලා තියෙන්නේ නලින් අයියේ( මන් කිව්වේ මම ගැන )..ඉස්සර වගේ නෙවේ දැන් මට හිතෙනවා කාට හෝ මේ දේවල් කියලා නිදහස් වෙන එක හොඳයි කියලා..හිත් වල හිර කරන් හිටියා කියලා වෙන දෙයක් නැහැ. එන්න එන්න ලොකු විභවයක් ගොඩ නැගෙනවා මිසක්..

      නලින් අයියා බොක්කෙන්ම ෆිට් එකක් කියලා දන්නවා..ඔය වචනෙත් ඇති..අපිට කිසිදා හමුවෙන්න බැරි වෙන්නත් පුළුවන් කටයුතු සිද්ද වෙන හැටියට..ඒත් කවදාවත් අමතක නම් වෙන්නේ නැහැ හිත් වලින්..නලින් අයියගේ වචනෙත් හයියක් මට..

      Delete
    2. //කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ වගේ දෙයක් වෙලා තියෙන්නේ නලින් අයියේ( මන් කිව්වේ මම ගැන )..ඉස්සර වගේ නෙවේ දැන් මට හිතෙනවා කාට හෝ මේ දේවල් කියලා නිදහස් වෙන එක හොඳයි කියලා..හිත් වල හිර කරන් හිටියා කියලා වෙන දෙයක් නැහැ. එන්න එන්න ලොකු විභවයක් ගොඩ නැගෙනවා මිසක්.. // youuuuuuuuuuu! :(

      Delete
  19. ඔහොම තමයි... ජීවිතය කියන්නෙ එක්වීම්, වෙන්වීම් වල එකතුවක්.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි තිළිණ සමහර හමු වීම් අපිට දරන්න බැහැ.මේ සියල්ල ගැන හිතද්දී කරන්න තියෙන එකම දේ තමයි නැවත හමුවීම් නොවෙන තැනට වැඩ කිරීම.

      ඉපදීමක් නැති තැන හමුවීමකුත් නැහැ. හමුවීමක් නැති තැන වෙන් වීමකුත් නැහැ. වෙන් වීමක් නැති තැන දුකකුත් නැහැ.

      ( කියන තරම් ලේසි නැහැ කියලා අද්දැකීමෙන් දන්නවා. ඒත් ටික ටික උත්සාහ කරනවා )

      Delete
    2. //ඒක තමයි තිළිණ සමහර හමු වීම් අපිට දරන්න බැහැ.මේ සියල්ල ගැන හිතද්දී කරන්න තියෙන එකම දේ තමයි නැවත හමුවීම් නොවෙන තැනට වැඩ කිරීම.//

      මෙන්න මේක නම් මටත් දැන් හොදටම හිතිලා තියෙන්නේ. ඒත් එක කරන්න තමා අමාරු.... :(

      Delete
  20. උඹ පිලිවලක් නැතුව එහෙට මෙහෙට කොටු ගහලා .ඉරි ඇදලා හදපු පෙහෙළිකාවක් . කොටු වල අතරින් පතර ලියාපු අකුරුත් බොදවෙච්ච .

    උපකාරක පද ටික ලියාපු කොලයත් නැති වෙලාද මන්දා

    ඔය කොලය අනිත් පැත්ත හරවලා හදපන් ආයේ ඒක පිළිවලට , ( මතක් කරලා අඩි කෝදුවක් පාවිච්චි කරහං ), ආයේ තැන් තැන්වල අකුරු පුරවන්න එපා , උපකාරක පද ටික විතරක් පෙහෙළිකාව යටින් ලියහං ,

    හරියට පුරවන කෙනාට ඒ හොදටම ඇති . එයාට දෙන්න ලස්සන තෑග්ගක අයිති කාරයෙක් දැනටමත් උඹ ,



    ReplyDelete
    Replies
    1. මෙතන හරි පෙහෙළිකාවක් තියෙනවා අටම්. මම පිළිගන්නවා. පෙහෙළිකාව විසඳුන දාට කව්රුත් ඉන්නෙත් නැහැ තෑග්ග ගන්න.කොටින්ම තෑග්ග බාර ගන්න කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. මේක හරියට ජුමාන්ජිල් වගේ දෙයක්.මේවා කොහෙන් කොහොම කෙළවර වේවිද කියන්න මන් දන්නේ නැහැ මචන්. ඒත් පුළුවන් ටික හරි මෙහෙම ලියන එක හොඳයිනේ 100% ම වැළලෙනවට වඩා නේද ..?

      අඩුම තරමේ පොඩ්ඩා හරි කියවයිනේ..මේ අතීතය..


      \\\හරියට පුරවන කෙනාට ඒ හොදටම ඇති . එයාට දෙන්න ලස්සන තෑග්ගක අයිති කාරයෙක් දැනටමත් උඹ ,\\\

      තෑග්ග හිමි උනොත් බලාගන්නවද ආදරෙන් ..?

      Delete
    2. //තෑග්ග හිමි උනොත් බලාගන්නවද ආදරෙන්//

      අනිවා , මගේ උපරිමයෙන් සහ ( ටිකක් කනගාටුවෙන් ...මට හැකි පමණින් )

      මම අදහස් කරපු තෑග්ග ගැනමද ඔයා කියන්නේ කියලා දැං මට සැකයක් ආවා , ඒ දෙකෙන් ඕනම එකක් කියමුකෝ . දෙකම නරක දේවල් නෙමෙයි . මට නං පූජණියයි.

      ඒ දෙකෙන් කෝකට උනත් විරුද්ධත්වයක් ලැබෙන්නේ නැ අපේ ගෙදරින් උනත් , ඔයා දුන්න වටිනාකම දෙන්න නං රජෝ ලැබෙන්නේ නැ . හැබැයි අපේ උපරිමය ලැබෙනවා.

      මං විස්වාස කරනවා ඇත්ත ආදරය වටිනාකම ලැබෙනවා මෙහෙම තැන්වල කියලා , හැබැයි ආදරය විතරයි . වෙනත් සමාජීය වටිනාකම් අල්පයි.

      //ජුමාන්ජිල් // මම ආසම ෆිල්ම් එකක් , ඒ ගේම් එකට නං මගේ කිසිම මනාපයක් නැ , මහ විකාරයක් , ඒක ඒක ෆීල්ම් එකක් විතරයි . අපි මේ පොලවේ පය ගහලා ඉන්න මිනිස්සු , ඊට වා ගේමෟ අපිට තියනවා බං ,

      නිදහස්ව නිවහල්ව ඉන්න එක මොන තරම් ගේම් එකක්ද

      Delete
  21. අනේ මන්ද, ලාවට වගෙ සීන් එක තේරුනාට හරියටම සිද්ධිය ගැන අවබෝධයක් නම් මටත් නෑ.

    කොහොම උනත් සහන් ඔයා මේ ගැන විශේෂයෙන් ලියපු එකෙන් හිතෙනවා මේ දිනය ඔයා සමරනව කියල, සතුටින් හෝ දුකින්. ඉතිං මාත් සුබ පතන ගමන්ම ඔබේ බලාපොරොත්තු ඉටුවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. හිටපු ගමන් කොච්චර යට කරත් එළියට එනවා DDT. මගේ බ්ලොග් එක බලන්නේ සීමිත පිරිසක්නේ 30/40 වගේ( දේශපාලන පෝස්ට් එකක් වගේ තමයි 400/500 යන්නේ ).. අපි හැමෝම දැන් එක ගැන්සියක් වගේනේ සබැහින් දැකලා නොතිබ්බට..ඒ නිසා සමහර දේවල් මේ විදිහට කතා බහ කරාට ප්‍රශ්නයක් නැහැ කියලා හිතනවා.. ඉස්සර හිතුණා මේවා වැලලෙන්නම ඉඩ හරිනවා කියලා.දැන් හිතෙනවා කාට හෝ කියලා හිත නිදහස් කරගන්න එක වටිනවා කියලා..

      ( මේ කමෙන්ට් එක සැර වැඩිද මන්දා. )

      Delete
    2. සුබ පැතීමටත් ප්‍රාර්ථනයටත් ගොඩක් ස්තූතියි DDT ..දකුණේ මිනිහෙක්ගේ ගුණය දැනෙනවා මට DDT ගෙන්..

      Delete
  22. තේරුණේ නැද්ද මන්දා මට?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ගයනි.. ඔන්න දෙන්නෙක් ඉන්නවා.. දෙන්නගෙන් එක්කෙනෙක් යන්නම ගිහින්.. ඉතුරු එක්කෙනා ඔහේ ඉන්නවා.. ඔන්න ඕකයි සරළවම කියනවනම් කාරණාව.. ( තව ඉතින් අතුරු සිද්දි එමට තියෙනවා.. )

      ස්තූතියි ගයනි හැමදාම ඇවිත් යනවට මේ පැත්තේ..මම පෙරේදා දාපු මේ පෝස්ට් එක බලන්න උනේ නැහැ නේද ඔයාට ..? ඉඩක් ඇති වෙලාවට මේක බලන්න ගයනි.. ඔයා කැමති වේවි ඒකට

      රහතන් වහන්සේ නමක් ඒහි භික්ෂු භාවයට පත් කරන්නේ ඇයි ? කල නොහැකි අවස්ථාවන් .

      Delete

  23. This post has been updated for the third time to include statements!

    ප.ප.ලි. තම රාජකාරී ජීවිතය තුළදී එකිනෙකා දැනහඳුනාගත්තාවුන් දෙදෙනෙකු ගැන සටහනකි. තරුණිය පියාසර නිළධාරිනියකි. රාජකාරි අතරතුරදී ඈ දිවි නිමා කර අවසන්ය. ඔවුන්ගේ විවාහ සංවත්සරය මෙසේ ගෙවෙයි. මෙහි බොහෝ කොටස් සිතාමතා ඉවත් කිරීම හේතුවෙන් ඔබට අපැහැදිලි සහගත තත්වයක් ඇති වීම ගැන කණගාටුව. එසේ වුවද මේ ගැන මාගෙන් විමසු සියලු හිතවතුන්ට පුද්ගලික ප්‍රණාමය පුද කරමි.

    ReplyDelete
  24. මචෝ බ්ලොග් එක වැඩිහිටියන්ට පමණක් කලාද?දැන් ගුගුල් කාරයා මේහාට එන්න හද්දී වොර්නිං එකක් දෙනවා...මට විතරද මන්ද?පොඩ්ඩක් බලහන්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එන්න දෙන්නේ නැ

      Delete
    2. මටත් පොර කිව්වනෙ මේක වැඩිහිටියන්ට පමණයි කියලා.. මොකෝ ඒ.. ??

      Delete
    3. දැන් හරි මචන්ලා. ස්පෑම් වෙන එක ගැන ඒවා මේවා කරද්දී එඩල්ට් වැටිලා. ( මට ලොග් උනාට තේරෙන්නේ නැහැනේ . යූසර්ලගෙන් විතරනේ අහන්නේ.දැන් හරි )

      Delete
  25. අනේ මන්දා බං මචං...මට නම් දැනෙන්නේ බොලා මහා ගුප්ත පොරක් විදිහට.

    සුභ සංවත්සරයක් !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුම් සුබ පැතීම ගැන .. මට ගුප්ත වෙන්න වෙලා පැතුම් සත්‍යට පැවැත්මක් නැති නිසා..ඉඩක් ඇති වෙලාවට දිගටම එන්න පැතුම් ..ඒක සතුටක් මට..

      Delete
  26. මොකක් උනත් හැපි ඇනිවර්සරියක් වේවා !
    මොකද මේකට එනකොට ‍කන්ටෙන්ට් වෝනිං එකක් එන්නෙ.

    ReplyDelete
    Replies
    1. මගේ අතින් කන්ටෙන්ට් ඇප්රූවල් වැටිලා බ්ලොග් එකට අයියේ..දැන් අයින් කරා..ස්තූතියි අයියේ සුබ පැතීම ගැන.. දිගටම එන්න බ්ලොගයට..

      Delete
  27. සමහර ඒව අභිධර්මය වගේ සහන්. Happy anniversary for you

    ReplyDelete
    Replies
    1. ඒක තමයි නුවන් තේරුම් ගැනීමට අපහසු දේවල් ටිකක් වෙළිලා තියෙනවා..අනේ මන්ද ලොකු හිස් තැන් කීපයක් තියෙනවා .. බලමු ඒවා පිරේවිද කියලා..

      සුබ පැතීම ගැන බොහොම ස්තූතියි නුවන්!

      Delete
  28. මොනව කරන්නද සහන් ජිවිතේ හැටි ඉතින් පුදුමාකාරයි ..ඒ වුනත් ඔබට සතුටින් ජිවත් වෙන්න දිනෙන් දින උස්මහත් වෙන දියණියක් සිටිනවා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බින්දී කෙසේ හෝ විඳගෙන ඉන්නවා .ඒත් එයත් මිරිඟුවක් වෙමින් එන තැනට කටයුතු වෙමින් එන්නේ..අන්න එතැනදී නම් මේ සියලු දේවල් වල සීමාව බිඳේවි..කෙනකුට දරන්න හැකි ප්‍රමාණයක් තියෙනවනේ බින්දී.. කෙසේ උනත් බින්දිගේ අවංක පැතුමට බොහොම ස්තූතියි .. ඒක හරි වටිනවා මෙවැනි මොහොතක...

      Delete
  29. කියන්න හිතපු දේ කියලා තවත් සංවේදී විය යුතු නැති බව හිතුණු නිසා ... පතමි සුබ ඇනිවසරියක්,
    දාලා තියෙන සින්දුව වගේම ජුමාන්ජි ෆිල්ම් එකත් මගේ ප්රියතම් ඒවා. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉවෝන්.. ඔබේ සිතට ආව කාරණාව මට දැනෙනවා ඉවෝන්..කමක් නැහැ හදවතින් හෝ මා සමගනේ..ඒ හොඳටම ඇති මිත්‍රයා..

      සුබ පැතීම ගැන බොහොම ස්තූතියි ඉවෝන්...

      Delete
  30. සොඳුරු මතක හදේ රැදෙන සුභ ඇනිවසරියක් වේවා..
    සිඟිති සිනා මැද සිත් තැවුල් නිවේවා..

    ReplyDelete
    Replies
    1. රූගේ ප්‍රාර්ථනයට බොහෝම ස්තූතියි..මම තාමත් බලාපොරොත්තුවේ දෑස් වලින් ලෝකය දිහා බලන්නේ.. රූ වගේ හිතවතුන්ගේ වචන මට ගොඩක් වටිනවා ඒ නිසා..

      Delete
  31. කමෙන්ට් වල රිප්ලයි ටික නැත්තං උඹ කියන ඒවා තේරුම් ගන්න මේ ලෝකෙ යකෙක්ට බෑ සහන්... මං ඒක නිසා පරක්කු වෙලා ආවා...

    ReplyDelete
    Replies
    1. ඒ උනාට හිරුගේ ප්‍රශ්න කිරීම් වලින් තමයි මෙච්චර කල් මේ බ්ලොග් එක දිව්වේ ..ඒ නිසා උදෙන්ම එන්න මීට පස්සේ..:)

      Delete
  32. මටත් කථාව නම් සෑහෙන පැටලිලි සහගතයි සහන්...කොහොම උනත් මේ කථාවෙ එන අයගෙ සංවත්සරයට මාත් සුභ පතනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චම්ස් . කතාවේ හිමිකරු වෙනුවෙන් මම ඒ සුබ පැතුම බාරගන්නම්.. දිගටම එන්න චම්ස් මේ බ්ලොගයට..ඒක මට සතුටක්..

      Delete
  33. මටනම් කතව හොඳටම තේරෙනව. ඒත් බණ කියල වැඩක් නෑ කියල හිතෙන්නෙ මගෙ ජීවිතේම ආපස්සට ගිහිල්ල බැලුවාමයි.. වර්තමානයට එන්න .. කෙටියෙන් කිවුවොත් මට කියන්න හැකි එපමණයි.. දිගින් කියන්න නම් මුණගැසිය යුතුයි.. මමත් කාලයක් යනකල් සොහොන් දෙකෙක් හදවතේ අරන් ගිය කෙනෙක්..

    ReplyDelete
    Replies
    1. කොච්චර කරත් සරත් අයියේ සමහර දේවල් කරන්න බැහැ.. බැහැම තමයි අයියේ .. පුළුවන් නම් මේ දේවල් මෙච්චර ඇදෙන්න දෙන්නේ නැහැ මම. දැන් නම් සම්පූර්ණ පහළ ඉන්නේ.. රිකවර් වීමක් පේන මානෙක නැහැ අයියේ.. ඔව් අපි නිදහසේ කතා කරමු වෙලාවක...ඔබේ වචන ලොකු හයියක් අයියේ ...හැකි විටක ගොඩ වැදී යන්න ...

      Delete
  34. අපිට ජීවිතේ හරියම කෙනා පෙන්නලා ආපහු ගන්නෙ ඇයි මන්දා... එක්කො නොපෙන්නා ඉන්න ඕනි... නැත්නම් නොගෙන ඉන්න ඕනි..

    ReplyDelete
    Replies
    1. \\\අපිට ජීවිතේ හරියම කෙනා පෙන්නලා ආපහු ගන්නෙ ඇයි මන්දා.\\\

      හරියට හරි නදිනි.. ප්‍රයෝගික ලෝකේ ජීවත් වෙන අපිට මේ දේවල් උහුලන්න බැහැ.. දිගින් දිගටම එකම දේ වෙද්දී කොහොමත් ගොඩ ඒමක් ගැන හිතන්න බැහැ නදිනි.. නදිනි මේ දේ තේරුම් ගත්ත එක ලොකු සහනයක් මට..

      Delete
  35. වචන මාගලක් දිග ඇරලා, සහන් අපේ පපුව උඩින් ලොකු ගලක් තියලා ගියා වගේ බරක් දැනුනා. සහන්ගෙ ලියවිලි දිගටම කියවපු කෙනෙක් විදිහට මම ඊට වඩා දෙයක් කියන්න යන්නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙම බරක් දැනෙන්නේ මචන් උඹලා සිරාවටම වචනයක් හරි තේරුම් ගත්ත නිසයි මේ කතාවේ.. හෙමීට කර අරින ලෝකේ උඹලා වගේ උන් ඉන්න එක සෑහෙන්න ගැම්මක්..සැබහින් නොදැක්කත් ලොකු හයියක් බන් ... මුකුත්ම නැති මිනිහෙක්ට අවංක වචනයක් උනත් සැහෙන්න වටිනවා..

      Delete
  36. අදයි සතියකින් විතර සහන්ගේ බ්ලොග් එක බලන්නේ ... මේක ගැන හරියටම නොදන්නවා වුනත් යන්තම් අදහසක් තියෙනවා කියල හිතනවා ... අපිට කියල කරන්න පුළුවන් දේ ඉතින් සහන් එක්ක ජොලියේ ඉන්න එකනේ ... ඔන්න ඔහේ ඉන්න ඩිංග ජිවත් වී සැපෙන් ඉඳිමු අපි මල්ලී කියල මමත් සුභ පතන්නම් ඇනිවසරියට..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුම් සුබ පැතීමටත් මා එක්ක මිතුරෙක් වගේ ලඟින් ඉන්න එකටත්..ඇත්තටම පැතුම් මට ගොඩක් උදව් කරලා තියෙනවා වැටිලා ඉන්න වෙලාවල් වලදී..ඒකට ගොඩක් පින්..

      Delete
  37. කලින් කියවල ගියත් තෙරුනේ නැහැ..පස්සෙ ආයිත් කියවලාම කමෙන්ට් කොරනවා කියල හිතල අද කියෙව්ව...........ම්හ්..ඒත් ඒ විදියමයි..!

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නැහැ වීයා..මේ විදිහට ඇවිත් යාමම ඇති.. බොහොම ස්තූතියි එදා ඉඳන් එන යන එකට මචන්..

      Delete
  38. කලින් බලපු පොස්ට් එක්ක සසඳල බලපුවම මට නම් බොහෝ දුරට කතාව තේරුම් ගත්තැහැකි. නමුත් කොපමන අනිත් අයට කිව්වත් ප්‍රස්නවලින් ගොඩ එන්න පුලුවන් තමන්ටම විතරයි. මගෙ අත්දැකීම අනුව නම් හොඳම විසඳුම දෙන්නෙ කාලය.

    දරුවෙක් ඉන්නව නම් බොහෝ දුරට ඒව අමතක වෙනව. අනිත් අතට ඒ නිසාම පරන මතක අලුත් වෙනව.බුදු දහම ගැන හොඳ අවබෝධයක් තියෙන නිසා මේ අවස්තාවෙ ඒක ප්‍රයෝජනවත් වේවි කියා හිතනවා.
    මාත් පතන්නම් හැපි ඇනිවසරියක්.

    ReplyDelete
    Replies
    1. \\\ නමුත් කොපමන අනිත් අයට කිව්වත් ප්‍රස්නවලින් ගොඩ එන්න පුලුවන් තමන්ටම විතරයි.\\

      මේකනම් ඇත්ත මානෙල් අක්කේ..සමහර දේවල් තියෙන පේන තෙක් මානෙක විසඳුමක් නැති..බලන් ඉදීමෙනුත් පලක් නැති වෙන අවස්ථා එනවා ජීවිතේදී..

      \\\බුදු දහම ගැන හොඳ අවබෝධයක් තියෙන නිසා මේ අවස්තාවෙ ඒක ප්‍රයෝජනවත් වේවි කියා හිතනවා.\\\\

      අදටත් මේ සියල්ල රඳා පවතින්නේ බුදු දහම ගැන උනන්දුවක් ඇති වෙලා ඒක ගැන හොයලා බලපු නිසා..නැත්නම් කිසි සේත්ම සහන් කියලා කෙනෙක් නැහැ මේ වෙද්දී..කියන්න බැරි තරම් සහනයක් තියෙනවා බණ පදයක් ඇහෙද්දී මානෙල් අක්කේ..

      Delete
  39. සුභ සංවස්තරයක් වේවා..!! මා ඔබගේ බ්ලොග් කියවා ඇතිමුත්, මෙය ඔබගේ පෞද්ගලික අත්දැකීමක් ද යහලුවකුගේ අත්දැකීමක් ද යන්න තවමත් අපහැදිලිය. කෙසේ වෙතත් ඔබගේ නිර්මාණ අගය කරමි. ඔබගේ බ්ලොග්කරණයට සුභ පැතුම්...

    ReplyDelete
  40. අයියා බොහොම දුකෙන් වගේ.. ඕව ඇරිලා යයි. සුබ ඇනවසරියක් වේවා.

    ReplyDelete
  41. සහන් මලයෝ මොකද කිසිම සද්දයක් නැත්තේ...... කොහේ හෝ යනවානම් එක වචනයක හෝ කතා කරලා පලයාං..... ස්කයිප් එකත් වැඩ නෑනේ.

    ReplyDelete
  42. කිසිවක් නොවැටහුන නමුදු ඒ නොවැටහීම තුලින්ම දාහක් දේ වැටහුනා යයි සිතමි .. ආදරය.. ආදරය විලස මිස වෙන කිසිවක් ලෙස වර්ගීකරනය කිරීමට නොදන්නා බැවින්, යටගිය අලගිය මුලගිය කථා කොයිහැටි උවද යම් තැනක ඇති උන.. තිබුන.. සහ තවමත් තියෙන.. ආදරයට ගරු කරමි ..
    Happy Anniversary :)

    ReplyDelete
  43. This comment has been removed by the author.

    ReplyDelete
  44. මුළු බ්ලොගයම කියවලා ඔයාට කොමෙන්ට් එකක් කියන්නම් ,,පෝස්ට් එකෙන් පෝස්ට් එකට නෙමේ :(

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නැහැ ඔමායා හිතෙන දෙයක් එවෙලේම කිව්වත් කමක් නැහැ...

      Delete

ඔබ කමෙන්ටුවක් දමයි නම් කරුණාකර මෙහි කමෙන්ටු E mail subscribe කරන්න .. නැතිනම් පිළිතුරු මග හැරී යනු ඇත ...

කමෙන්ට් යනු ඔබගේ අදහස් ප්‍රකශ කිරීමට සලසා ඇති ඉඩයි. සිතුවිලි ලියා තැබුණු විට අන් අයටද ප්‍රයෝජනයක් විය හැක !

http44444444://1.bp.blogspot.com/-F0lMkO9hSe8/UjM37DArTZI/AAAAAAAAAwo/wtP9O0K_6UE/s1600/543431_208554675978924_1215099537_n.jpg15099537_n.jpg

සහයෝගය දක්වන වෙබ් එකමුතු ...

මාතලන්ගේ සින්ඩිය...api apita Blog Readerlankeeya sithuwililankeeya sithuwili lankeeya sithuwili